Posts

Showing posts with the label දේශපාලන විහිළු

නමට ඉදිරියෙන් විශේෂණ පදයක් ඇති එක ම රට කුමක් ද?

Image
( 2010 දෙසැම්බර් 16,  W3Lanka ) නමට ඉදිරියෙන් විශේෂණ පදයක් ඇති එක ම රට - ග්‍රේට් බ්‍රිට්න් හෙවත් මහා බ්‍රිතාන්‍යය ගැන ඉන්දියවෙන් එහි සංක්‍රමණය වුවකු සිතන අන්දම: අපූරු විහිළු කතාවක්. ඒත්, හිනාව යටින් ගලන ගැඹුරු අරුතක්.   Bookmark, remember easily and come again   www.w3lanka.com

ජාතියට දැන් ලොකු පුතෙක් ලැබිලා (වාසනා දිනේකි මේක) | Colombo Page coins 'Sri Lanka's First Son'

Image
(2010 මැයි 08 -  W3Lanka )  පහත පළ වන්නේ පසුගිය දිනෙක රජයට සම්බන්ධ කලම්බු පේජ් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියක මාතෘකාවයි. Sri Lanka's First Son emphasizes need for rural development in maiden speech in parliament First Son: George W. Bush and the Bush Family Dynasty යනුවෙන් Bill Minutaglio විසින් ලියන ලද පොතක් ඇත. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් දෙපළක් බිහි කළ බුෂ් පෙළපත පිළිබඳවයි. රටක රාජ්‍ය නායකයකුගේ බිරිඳ first lady ලෙස හඳුන්වන ව්‍යවහාරයක් ඇතත්, රාජ්‍ය නායකයකුගේ පුතකු first son ලෙස හඳුන්වන පිළි ගත් ව්‍යවහාරයක් අප නම් දැක නැත. මෙහෙම ගිය විට නුදුරු අනාගතයේදී ම අපේ රටට first uncle, first daughter-in-law, second son ආදීන් ද හමු වනු ඇත. කඩේ යනවා ය කියා ඔහොමත් යන එක නම් ඇත්තෙන් ම ඉල ඇදෙන වැඩකි. අපට විහිළු වන සමහර දේ මේ රටේ ඇතැමුන්ට මරු සීරියස් බව දැන් අපට වැ‍ටහේ. ජාතියේ පුතා, ජාතියේ බාප්පා වැනි විහිළු යෙදුම් සම්බන්ධයෙන් වම් අතින් දකුණු කණ ද, දකුණු අතින් වම් කණ ද අල්ලාගෙන සිටීන්, ඉඳීන් කියමින් ඇණ ගසා‍ගෙන වාඩි වන්නට හා නැගිටින්නට අප වෙබ් අඩවියේ Jokeland News ලියන ලේ...

මහී සහ රනී අතර සාකච්ඡාවේ සම්පූර්ණ විස්තර මෙන්න!

Image
(2010 අප්‍රේල් 20 -  W3Lanka )  ඊයේ ටෙම්පල්ගහමන්දිරයේ මහී සහ රනී අතර පැවති සාකච්ඡාවේ හඬපටයක් රහසිගත මාර්ගයකින් අපට ලැබී තිබේ. හුදී ජන පහන් සංවේගය සඳහා එය මෙසේ පළ කරන්නෙමු. මහි: ඉතින් මචං කොහොමද කාලෙකින්? රනි: (සිතයි) මචං....? මූ මොකාටද එන්නෙ? (කියයි) ඔහෙ ඉන්නවා මෙයා, දුක සේ. මහි: දුක් වෙන්න එපා මෙයා. ඔයාට මේ සැරෙත් විපක්ෂ නායකකම ලැබෙනවනේ.  රනි: ඔයා උදව් කරනවද මට ඒක බේරගන්න. මහි: දෙන්නන්කෝ. ඔයා වගේ විපක්ෂ නායක කෙනෙක් බේර ගන්නැත්තන් මගෙන් ඇති වැඩේ මොකක්ද? මොනවද කෙරෙන්න ඕනැ? රනි: අපේ කට්ටියක් ඔය පැත්තට පනින්න හදනවා. ගන්න නම් එපා. මහි: පිස්සුද අනේ, මම නම් කැමතියි ඔය ග්‍රාමසේවකයා, සිරිපාලයා, අමුණුවා වගේ එවුන් ටිකක් ඔය පැත්තට පන්නන්න.  රනි: බුදු අම්මෝ! මට නම් එපා. මහි: බය වෙන්න එපා. උන් පැන්නුවත් යන්නෙ නැහැ. ඒක නෙමෙයි, ඔයාගෙ කොණ්ඩෙ ඩයි එක ඉක්මණට ගියා නේද? රනි: මට තියෙන ප්‍රශ්න එක්ක කොණ්ඩෙ නෙමෙයි ඔලුවත් හේදිලා නොගියොත් ඇති. ඒක නෙමෙයි, ඔයා කොහොමද කොණ්ඩෙ හැමදාම කළුවට තියාගන්නෙ. නාන්නෙ නැද්ද? මහි: මම මොකටද නාන්නෙ? මම නාන්න එවුන්ව වෙන ම පත් කරලා තියෙන්නෙ. රනි: ඒක ...

රනිල්, මහින්ද හා වැලන්ටයින්

Image
‍මෙම අපූරු කාටුනය 'ද නේෂන්' පුවත්පතේ පළ වූවකි. "මං එයාව නිදහස් කරනවා වැරැද්දක් කරලා නැතිනම්" "‍අනේ ප්ලීස්!" (සිතමින්) "ඒ වුණාට එහෙම කරන්න එපා"