පැරණි වම මේ ඡන්දයෙන් ඉදිරියට | Old left of Sri Lanka come to forward in this election

(2010 අප්‍රේල් 11 - W3Lankaමහ මැතිවරණයට තරග කළ පැරණි වාමාංශික පක්ෂවලට ආසන තුනක් හිමි වි තිබේ. 


රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර ද, මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර ද, කැගල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ සමසමාජ පක්ෂයේ වයි.ඒ. පද්මසිරි ද පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටිති. 


පැරණි වමේ පක්ෂ සන්ධානයක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ අතර ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේදී සහාය දැක්වූ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන ද පාර්ලිමේන්තුවට තේරී පත් වී සි‍ටියි.


සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ හා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වීමට නියමිත ය. 

Comments

  1. මේ වමේ මහත්වරු කොළබ දී සහාය දැක්වූයේ කොමියුනිස්ට් පක්ෂයේ මහේෂ් අල්මේදාට නේද? එයා අතිවිශාල මනාප ඡන්දයකින් පරාජය වුණා.

    ReplyDelete
  2. ඔබේ විග්‍රහයන් වල මාර හිතාගන්න බැරි ලක්ෂන තියෙනවා.ජවිපෙට ආසන අඩු වුන එක ගැන ත්‍රිල් එකක් ප්‍රදර්ශනය කරන ගමන්,ඔබ ධනාත්මකව කතා කරපු කුඩයට කිසිම කෙහෙල්මලක් නොලැබීම ගැන වචනයක් වත් ඔබේ විග්‍රහයන් තුල නැහැ.ඊට වඩා මේ විග්‍රහය හාස්‍යජනකයි.මේ තේරී පත්ව සිටින උදවියට ලැජ්ජා නැතිව කටක් ඇරල වමේ කියන්න පුලුවන්ද?මිනිස්සු මේ අයට චන්දය දීල තියෙන්නේ මේ අය වමේ හින්දද?මේ අය වෙනම ඉල්ලුවනම් මොකක්ද තත්වෙ?
    ඉතාම අමාරු තත්වයක් යටතේ තනිවම තරග කරල ජවිපෙ ගන්න ආසන ප්‍රමානයට කින්ඩි දාන ඔබ රැල්ලට ගසාගෙන ආ මේ පොල් කෝම්බ වමේ ජයක් යැයි හැදින්වීම හාස්‍යජනකයි.

    ReplyDelete
  3. ජවිපෙ මේ ඡන්දයේදී තනිව තරග කළා නැහැ. ෆොන්සේකා සමග සන්ධානගත නොවුණා නම් මේ ටිකත් නැති බවට සැකයක් නැහැ. ඔබ ජවිපෙට ආදරේ නම් අන්ධ භක්තිකයකු නොවී යථාර්ථවාදීව සිතන්න.

    පැරණි වමේ පොල් කෝම්බ පාර්ලිමේන්තුවට හෝදාගෙන එන්නේත් 2004දී ජවිපෙ පොල් කෝම්බ හෝදාගෙන ආ ආකාරයට ම තමයි.

    අනෙක 'වම' කියන වචනය ලජ්ජා නැතිව වහරන්න බැරි තත්වයක් ඇති කරන්න ජවිපෙත් හේතු වුණා.

    කුඩය ගැන අපි ධනාත්මකව හෝ ඍණාත්මකව කතා කළේ නැහැ. ඔබ අප ගැන සිතාගෙන සිටින දේ අපට පටවන්න එපා. අප අප තුළින් හඳුනා ගන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා