Posts

Showing posts with the label පැරණි වම

පැරණි වම මේ ඡන්දයෙන් ඉදිරියට | Old left of Sri Lanka come to forward in this election

Image
(2010 අප්‍රේල් 11 -  W3Lanka )  මහ මැතිවරණයට තරග කළ පැරණි වාමාංශික පක්ෂවලට ආසන තුනක් හිමි වි තිබේ.  රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ වාසුදේව නානායක්කාර ද, මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ කොමියුනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර ද, කැගල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ සමසමාජ පක්ෂයේ වයි.ඒ. පද්මසිරි ද පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටිති.  පැරණි වමේ පක්ෂ සන්ධානයක් ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ අතර ඔවුන් කොළඹ දිස්ත්‍රික්කයේදී සහාය දැක්වූ මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධන ද පාර්ලිමේන්තුවට තේරී පත් වී සි‍ටියි. සමසමාජ පක්ෂයේ තිස්ස විතාරණ හා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වීමට නියමිත ය.