වාසුදේව නම් කෝකිලයා
චිත්‍ර ශිල්පී සමීර කළුපහන වාසු සහෝදරයාගේ ආලේඛ්‍ය චිත්‍රයක් නිර්මානය කරමින් (2011 ජුනි 23, W3Lanka ) මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයකු බවට පත් වන තෙක් අපි වාසුදේව සහෝදරයා සමග බොහෝ දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදුනෙමු. මෑතදී අගලවත්තේ පැවති කොල්වින් ආර්. ද සිල්වා සමරු සම්මන්ත්‍රණයකට පැමිණි ඔහු කොල්වින්ගේ වෘත්තීය සමිති නායකත්වය පිළිබඳ කතාවක් කරනු ලේඛකයා අසා සිටියේ ය. ඉස්සර මෙන් රැස්වීමෙන් පසු වාසු සහෝදරයා සමග කතා කරන ඇල්මක් ලේඛකයාට ඇති වූයේ නැත. ජනාධිපති උපදේශක ලෙස වැටුප් ගන්නා මුත්, ජනාධිපති ඔහුගෙන් ගන්නා උපදෙසක් නැති බව දන්නෝ දනිති. එහෙත්, ජනාධිපති උපදේශක හැඳුනුම්පත පෙන්නූ විට වාසු සහෝදරයාට බලය ඇත්තන්ගෙන් වෙනදාට වඩා සැලකිලි ලැබිණි. එහෙයින්, වාසු සහෝදරයාගේ ජනාධිපති උපදේශකකම පසුගිය භීෂණ සමයේදී වාමාංශිකයන්ට, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට, ජනමාධ්‍යකරුවන්ට, දෙමළ මිනිසුන්ට පිළිසරණක් සැපයීම සඳහා භාවිතා වූ අවස්ථා බොහෝ තිබේ. වාසු සහෝදරයා ජනාධිපති උපදේශක බලය පාවිච්චි කර මුදල් හම්බ කරන්නට ඇතැයි අපි නො සිතමු. ඡන්දවලට වියදම් කරන්නට යමක් සොයා ගන්නට නම් ඇත. වමේ පක්ෂයකින්...