Posts

Showing posts with the label satire

මහී සහ රනී අතර සාකච්ඡාවේ සම්පූර්ණ විස්තර මෙන්න!

Image
(2010 අප්‍රේල් 20 -  W3Lanka )  ඊයේ ටෙම්පල්ගහමන්දිරයේ මහී සහ රනී අතර පැවති සාකච්ඡාවේ හඬපටයක් රහසිගත මාර්ගයකින් අපට ලැබී තිබේ. හුදී ජන පහන් සංවේගය සඳහා එය මෙසේ පළ කරන්නෙමු. මහි: ඉතින් මචං කොහොමද කාලෙකින්? රනි: (සිතයි) මචං....? මූ මොකාටද එන්නෙ? (කියයි) ඔහෙ ඉන්නවා මෙයා, දුක සේ. මහි: දුක් වෙන්න එපා මෙයා. ඔයාට මේ සැරෙත් විපක්ෂ නායකකම ලැබෙනවනේ.  රනි: ඔයා උදව් කරනවද මට ඒක බේරගන්න. මහි: දෙන්නන්කෝ. ඔයා වගේ විපක්ෂ නායක කෙනෙක් බේර ගන්නැත්තන් මගෙන් ඇති වැඩේ මොකක්ද? මොනවද කෙරෙන්න ඕනැ? රනි: අපේ කට්ටියක් ඔය පැත්තට පනින්න හදනවා. ගන්න නම් එපා. මහි: පිස්සුද අනේ, මම නම් කැමතියි ඔය ග්‍රාමසේවකයා, සිරිපාලයා, අමුණුවා වගේ එවුන් ටිකක් ඔය පැත්තට පන්නන්න.  රනි: බුදු අම්මෝ! මට නම් එපා. මහි: බය වෙන්න එපා. උන් පැන්නුවත් යන්නෙ නැහැ. ඒක නෙමෙයි, ඔයාගෙ කොණ්ඩෙ ඩයි එක ඉක්මණට ගියා නේද? රනි: මට තියෙන ප්‍රශ්න එක්ක කොණ්ඩෙ නෙමෙයි ඔලුවත් හේදිලා නොගියොත් ඇති. ඒක නෙමෙයි, ඔයා කොහොමද කොණ්ඩෙ හැමදාම කළුවට තියාගන්නෙ. නාන්නෙ නැද්ද? මහි: මම මොකටද නාන්නෙ? මම නාන්න එවුන්ව වෙන ම පත් කරලා තියෙන්නෙ. රනි: ඒක ...