අපි මුස්ලිමුන්ට ගහන්නේ ඇයි?

ධර්ගා නගරය හා අලුත්ගම කේන්ද්‍ර කරගෙන ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැන් දැන් පැහැදිලි වෙමින් තිබේ. එය අසූ තුනේ ජුලි කෝලාහලයේදී ජේ.ආර්. ගත් ස්ථාවරයටත් එහා ගිය එකක් බව පෙනේ. ඇත්තෙන්ම එය බලා‍පොරොත්තු විය යුතු තත්වයකි. 

හාමුදුරු කෙනෙක් හා මුස්ලිම් මදාවීන් කිහිප දෙනෙක් සම්බන්ධ සුළු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය අදාළ ක්‍රියාමාර්ග අරගත් පසුව පවා එය පදනම් කරගෙන ප්‍රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය හා බොදු බල සේනාව විසින් අවුළුවන ලද ජාතිවාදී ගින්න විසින් මිනිසුන් සිව්දෙනෙකුගේ ජීවිත බිලි ගන්නා ලදී. නිවාස 150ක් පමණ ද කඩ 90ක් පමණ ද විනාශ කර දමන ලදී. පහර දෙන ලද පල්ලි සංඛ්‍යාව 15කට වැඩි ය. අවතැන් වූ සංඛ්‍යාව 2000කට වැඩි ය. 

ඉහත දක්වන ලද සංඛ්‍යාවලින් හතරෙන් තුනකටත් වඩා මුස්ලිම්වරුන්ට සිදු වූ හානි ය.

මෙම ගින්න අවුළුවනු ලැබුවේත්, ඇඳිරි නීති උල්ලංඝනය කරමින් විනාශකාරී ක්‍රියාවල යෙදුණේත් සිංහල ජාතිවාදියෝ ය. මුස්ලිමුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණ ප්‍රමාණය සිංහලයන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා සමග සන්සන්දනය කරන්නට බැරි ය. මුස්ලිමුන් පිට ප්‍රදේශවලට කඩා වැදී පහර දුන් බවට සාක්කි නැත. ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය බොහෝ දුරට ප්‍රතිචාරාත්මක ඒවා පමණි.

එහෙත්, දැන් ලංකාවේ ආණ්ඩුව හා ජනමාධ්‍ය කතා කරන්නේ දෙපැත්තෙන් ම සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ය. දෙපැත්තේ ම තිබෙන අන්තවාදයන් පිළිබඳව ය. මේ දෙපැත්තක් ගැන කතා කරන්නේ ඇත්තෙන් ම තමන්ගේ පැත්තේ තිබෙන කුණු වසා ගන්නට මිස අන් කිසිවකටවත් නො වේ. 

ආණ්ඩුව මෙම ගින්න ඇවිලූ හා ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු සිංහල බෞද්ධ ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක නො වන බව පැහැදිලි ය. පොලිසිය ඉහළින් අණ එන තෙක් බලා සිටිනු මුලදී දක්නට ලැබුණත්, දැන් නම් පෙනෙන විදියට ඉහළින් අණ ලැබී ඇත්තේ වැරදිකරුවන් ආරක්ෂා කරමින් වින්දිතයන් සිර කරන්නට ය. 

ආණ්ඩුවේ ප්‍රතිචාරය හෙළිදරව් වීමත් සමග කෝලාහලයෙන් පසු දින කීපයක් හැංගී සිටි ඥානසාර එළියට පැමිණ ප්‍රසිද්ධියේ උත්තර බඳින්නට ඉදිරිපත් වූයේ ය. මුලින් ජාතිවාදී ප්‍රහාර හෙළා දුටු චම්පික රණවක දැන් ප්‍රසිද්ධියේ ම ප්‍රහාරකයන් ආරක්ෂා කරයි. මුස්ලිමුන්ට පහර දුන්නේ තමන් යයි කියා ගන්නට තරගයක් ඇති බවක් ද පෙනේ.

මේ අතර, සිද්ධි අවසන් වී නැති බවක් ද පෙනේ. පානදුර නෝලිමිට් සාප්පුව ගිනි ගැනීම ගැන පරීක්ෂණ තවම අවසන් නැත. 

පසුගිය සිකුරාදා පල්ලියේ යාඥාවන්ගෙන් පසු කලබලකාරී තත්වයක් ඇති වනු ඇතැයි රජයේ මාධ්‍ය පවා අනාවැකි කීවේ ය. එහෙත්, මුස්ලිම් නායකයෝ සිය ජනතාව සන්සුන් කිරීමට දැරූ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස කිසිදු කලබලයක් ඇති වූයේ නැත. 

මුස්ලිම්වරුන්ට පහර දීම ගැන කතා කළ චම්පික රණවක එය සාධාරණීකරණය කිරීමට මතු කළ එක් තර්කයක් වන්නේ ධර්ගා නගරයේ මුස්ලිම් ජනයා මෝටර් සයිකල්වල හෙල්මට් නොදා යන බවයි.

‍මේ වනාහි ධර්ගා නගරය අවට ගමේ ගොඩේ කොල්ලන්ගේ බල්ලන්ගේ කතා ය. කිසිවෙක් හෙල්මට් නො දා මෝටර් සයිකල් පදිනවා නම්, ඒ පිළිබඳව ක්‍රියා කිරීම ‍ට්‍රැෆික් පොලිසියේ වැඩක් මිස ඇමතිවරුන් ඒවාට අත නො දැමිය යුතු ය. 

ගණන්කාරයන් සිටින ලංකාවේ එකම ගම කාදියවත්ත නො වේ. ඔය පැත්තේ කළුවාමෝදර වැනි බොහෝ සිංහල ගම් ද චන්ඩින්ට ප්‍රසිද්ධ ය. ගාලු පාරේ යන ගමන් බලන්න. කළුවාමෝදර සිටි චන්ඩියකු වූ කෑෂ් උපාලිගේ පිළිමයක් කළුවාමෝදර පාලම ළඟ තිබේ. හරියට බංඩාරනායක වගේ ය. කවුරුවත් ඒවා ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් කාදියවත්තේ චන්ඩි මුස්ලිම් ජාතිකයෝ ය. ඒ නිසා ආණ්ඩුවේ ඇමතිවරුත් කාදියවත්තට එරෙහිව අවි අමෝරති.

ඇත්ත කතා කරමු. මුස්ලිම් ජාතිකයෝ ලංකාවේ සෙසු මිනිසුන්ට වඩා අමුතු නරකකුත් නැත. අමුතු හොඳකුත් නැත. මිනිසුන්ගේ හොඳ නරක ජාතිවාදී මිම්මකින් මනින්නට යාම මුග්ධකමකි. 

ලංකාවේ මුස්ලිම් සංවිධාන හා පකිස්තානයේ හෝ ඇෆ්ගනිස්තානයේ ජිහාඩ් කල්ලි අතර සම්බන්ධකම් නැති බව පවසන්නේ මා නොව යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසූරියයි. 

ලංකාවේ මුස්ලිම් මිනිස්සු ඉතිහාසයක් පුරා සාමකාමී ලෙස ජීවත් වූ හ. ඔවුහු සන්නද්ධ වී කැරැලි ගසා නැත. බෝම්බ පුපුරුවා නැත. සිංහල හෝ දෙමළ ගම්වලට පැන කපා කොටා මිනිසුන් මරා නැත. යුද්ධයේදීත් ඔවුන් සිටියේ හමුදාව පැත්තේ මිස කොටින්ගේ පැත්තේ නො වේ. 

ඔවුහු දුර්වල සුළු ජාතියකි. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සමාජ සංවර්ධන කාරණා පැත්තෙන් ඔවුන් සිටින්නේ සෙසු ජාතීන්ට වඩා පසුපසිනි. එහෙත්, ඔවුහු වෙළඳාමෙහි දක්ෂ ය. ඔවුන් අප‍ගේ ඊර්ෂ්‍යාවට ලක් වන්නේ ඒ නිසා ය. 

අපි දැන් ඔවුන්ගේ වෙළඳ ව්‍යාපාර ඉලක්ක කරගෙන පහර දෙන්නෙමු. එමගින් ඔවුන් බිත්තිය අද්දරට තල්ලු කිරීමට සිංහලයින්ට හැකි වනු ඇත. එහෙත්, එයින් අපට ‍කිසියම් සාධනීය ප්‍රතිඵලයක් නම් අත් වන්නේ නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. එදා 1983 ජූලි කලබලවලින් පසු රත්නපුරයේ වතුවල වැඩ කරන දෙමල කම්කරුවන් සිටි අනාථාගාරයක් බලන්න ගිය ජේ ආර් එහි සිටි මහලු කාන්තාවකගෙන් "ඊළම ඕනෑද?" කියා ඇසුවා ලු!

    ReplyDelete
    Replies
    1. මාරයි නේද?

      මුස්ලිම් ගෙවල් 150 කට වඩා ගිනිබත්. සිංහල ගෙවල් 5 ක් ගිනිබත්.
      මුස්ලිම් මිනිස්සු (අත දරුවකුත් ඇතුළුව ) 4 ක් මිය ගියා සිංහල මිනිස්සු එක්කෙනෙකුටවත් තුලාලයක් වත් නැහැ.

      හැබැයි ඔය ගොල්ලන්ටත් පේන්නේ තමන්ගේ ඇහේ පොල් පරාලය නොව අනුන්ගෙ ඇහේ පොල් කෙන්ද නේද?

      Delete
    2. @කකා,

      ඔය කහ රෙදි පොරවගෙන ඉන්නා තට්ට සාමිලාට තෙල් නැතුව එළෝලු විතරක් කන්න දුන්නු එක හුඟාත් හොඳයි. මොකද ඔය ගොල්ලන්ට තෙල් කන්න දුන්නාම ඊට පස්සෙ ඒ තෙල බහින්න එක්සර්සයිස් එකට ගල් ගහනවා, කඩ කඩනවා, ගෙවල් ගිනි තියනවා, මිනී මරනවා. වැඩ කෝටියයි. ඒ හන්දා එළෝලු විතරක් දුන්නාම කරදරයක් නෑ.

      Delete
    3. අනේ අර අගමැති සර් ජෝන් කොතලාවලගේ අගය තේරෙන්නේ දැනුයි. එතුමා හිටියා නම් එතුමා කියපු විදියටම ආයෙ දෙකක් නෑ ඔය ගණයින්ගේ තට්ටේ තාර ගානවා සිකුරුයි.

      Delete
    4. අපි මුස්ලිමුන්ට ගහන්නේ ඇයි?

      උන් අපිට වඞා ආතල් ගන්න නිසා !

      Delete
  2. 'එයින් අපට සාදනීය ප්‍රතිපල අයත් වන්නේ නැත​' එහෙනම් මෙය කාගේ උවමනාවද​? බහුතර ජනතාවගේ උවමනාවක් නම් නොවන බව පැහැදියි. එය එසේ වී තිබුනේ නම් එදින ඇති වූ තත්වය රට පුරාම පැතිරෙන්නට ඕන තරම් ඉඩ තිබුනි. මෙය අන්තෝනමතික පවුල් පාලනයද, හීන වී යන තම තම පෞරුශත්වය ආරක්‍ෂා කර ගන්න සිංහලයා නොමග යවන්න කරන උත්සාහයකි. එයින් සාදනීය ප්‍රතිපල අත්විඳිය හැකියි බලාපොරොත්තු වන්නේ රජ පවුල මිස වෙන කවුරුන්ද? චීවරය පොරවා ගත්තත් ජාතික ඇඳුමෙන් විලිය වසා ගත්තත් අනුන් සියල්ල ඇඹට්ටන් මිස ඔවුන් කරන්නේ මේ මොනවදකියන එකත් ඔවුන් දන්නෑ.

    ReplyDelete
    Replies
    1. මේ බව තේරුම් ගැනීමට අවශ්‍ය විචාර බුද්ධිය ඇත්තේ කීයෙන් කී දෙනෙකුටද?

      Delete
  3. මේ මෑතක දී තොණ්ඩමානුත් හෙල්මට් එකක් නැතිව මෝටර් සයිකල් පැද්දා නේ? චම්පිකගේ ඇස් පොට්ට වෙලා තියෙන්න ඇති ඒ වෙලාවේ, මොකද ඌ ඒක දැක්කේ නැහැනේ...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කෂ්ටිය එක ක්ලබ් එකේනෙ ඇනෝ!

      Delete
  4. මෙතෙක් කිසිවෙකු කියන්නට ඉදිරිපත් නොවූ යතාර්ථය හෙවත් තිත්ත ඇත්ත!

    ReplyDelete
  5. පැරා, උඹ ගැන හිතලා මේ කියන්නේ.

    බ්ලොග් අවකාශය හා ෆේස් බුක් එක කියන්නේ එච්චර පරෙස්සම් තැනවල් නෙවෙයි. මේවායේ බිත්ති වලටත් කන් තියෙනවා. ඒ වගේම උඹත් දන්නවනේ ඉස්සර සිවුරේ හිටපු ජොකියෝත් මේවායේ කරක් ගහනවා කියලා. උන්ට බොබසේ කනෙක්ෂන්ස් තියෙන්න පුළුවන්. මේ අය වෙන අයගේ කන්ට්‍රෑක්ට් කරන අය වෙන්න පුළුවන්. අපි දන්නෙ නෑනේ. ඒ නිසා ලියන දෙයක් දෙසැරයක් කල්පනා කරලා ලියපන්. කැලේ හගක් නසන්න කැලේ ගහක්ම ඕනෑ කියනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ම.රා.පු. දෙ. මාරයා මේවා ඔක්කොම බලන් ඉන්නෙ....

      Delete
    2. (((Anonymous June 23, 2014 at 8:33 AM)))

      මෙන්න අබ සරණ ගිය එකෙක් කොමෙන්ටුවක් ලියලා...

      Delete
  6. // මුස්ලිම් ජාතිකයෝ ලංකාවේ සෙසු මිනිසුන්ට වඩා අමුතු නරකකුත් නැත. අමුතු හොඳකුත් නැත//

    ඒ කොහොම වුනත් ලන්කාවෙ මුස්ලිම්ලා ලෝකෙ වෙනත් මුස්ලිම් බොහෝ දෙනෙකුට වඩා හොදයි. ඒ ඔවුන් මුදල් ඉපයීමට ව්‍යාපාර වලට මුල්තැන දෙන නිසා ආගමික අන්තවාදී කටයුතුවල යෙදෙනව අඩුයි, මොකද ඒක බිස්නස් වලට හොද නැති නිසා.

    බොදු බලු සේනාවෙන් කරන්නෙ මුස්ලිමුන් අතර ඉන්න අන්තවාදී සුලු කොටසට බහුතරයක් වෙන්න උදව් කරන එක

    ReplyDelete
  7. මුස්ලිමුන් අපට ගහන නිසා. මුස්ලිමුන් එහෙම කරන්නේ ඇයි කියලා ඔය පැරකුම් ජයසිංහ කියන ගොන් වාමාංශිකය අහන්නේ නැත්තේ මාක්ස්වාදයට අනුව එහෙම අහන එක වැරදි නිසා. පැරාගේ ඔලුවේ වැඩකරන මතවාද ගැන දන්නේ නැති එවුන් ඉන්නවනම් ඒ මන්දබුද්ධිකයෝ විතරයි.

    ReplyDelete
    Replies
    1. මුස්ලිමුන් කවද්ද ගැහුවේ? අයගම සමිත කියන ගණයාට ගහපු බවට එකම සාක්ෂියක් වත් නැහැ. ඇඟේ තැලුම් තුවාලයක් වත් නැහැ. පිහාටුවකින්ද කොහෙද ගහලා තියෙන්නේ. ඒකට හරියන්න කියලා තොපි දරුවෙකුත් එක්ක මිනී තුනක් මරලා කඩ/ගෙවල් 150 ක් පිච්චුවා. තොපිට යන්න යම රජ්ජුරුවෝ වෙනම අපායවල් හදලා ඇති.

      Delete
    2. @ Anonymous June 23, 2014 at 9:42 AM,

      බොදු බලු සේනාවට වඩා මාක්ස්වාදය දහස් ගුණයක් හොඳයි ගොනෝ.

      Delete
  8. පැරාලගෙ ගෙවල් ගාවත් කෑෂ් උපාලිගෙ පිළිමයක් දාලා ඕනිද?

    ReplyDelete
    Replies
    1. (((Anonymous June 23, 2014 at 9:51 AM)))
      මෙන්න තවත් අබ සරණ ගිය එකෙක්...

      Delete

  9. තව එක කාරණාවක් මෙයට සම්බන්ධයි. එනම්, වර්තමානයේ බොහෝ සැදැහැවත් බෞද්ධයින් සිය ආගමික කටයුතු සඳහා පන්සල් වලට නොගොස් එය සිය නිවසේදීම ඉටු කරගන්නා නමුත්, මුස්ලිම් ප්රජාව වැඩි වැඩියෙන් පල්ලි වලට යෑමට පෙලඹී තිබීමයි. මීට දශක සතරකට පමණ පෙර බහුතරය අන්යාගමිකයින් වන පෙදෙස්වල ජීවත්වූ මුස්ලිම් ජනතාවට සිය ආගම ගැන පාසලේදී හෝ ක්රමවත් අධ්යාපනයක් නොලැබුනු අතර එමනිසාම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුහට සිය ආගමෙහි ඇති ප්රධාන ප්රතිපත්තීන් ගැන පැහැදිළි අවබෝධයක් හෝ දැනීමක් හෝ නොතිබිනි. දයිනික පස් වේලේ නැමදුම, කාන්තා වස්ත්රය වැනි කරුණු ඔවුන් හට එදා වැදගත් ලෙස වැටහුනේ නැත.බේබදු ඥාණසාර වැනි ත්රස්තවාදීන් සාම්ප්රදායික මුස්ලිම්වරුන් ලෙස ඔවුන්ව හැඳින්වූවද, ඉස්ළාමයට අනුව ඔවුන් සැබෑ මුස්ලිම්වරුන් ලෙස හැඳින්විය නොහැක. නමුත් පසුකාළීනව ආගමික පතපොත බහුල වීම, රූපවාහිනිය, රැකියාවන් සඳහා මැදපෙරදිගට පිවිසීම තුළින් එහි ජීවන ක්රමය නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදාවීම, අන්තර්ජාලය වැනි කරුණු හේතුවෙන් සිය ආගමෙහි මූළික ප්රතිපත්තීන් පිළිබඳව ඔවුන්හට මනා දැනුමක් හා අවබෝධයක් ඇතිවුනි. මේ හේතුවෙන් තරුණයින් පවා වන්දනාමාන සඳහා නිවසේ නොව පල්ලියට යෑම, වැඩිමහළු කාන්තාවන් පමණක් නොව තරුණියන්ද කාන්තා වස්ත්රය ගැන උනන්දුවීම වැනි සිරිත් ඉස්මතුවන්නට විය. ඇතැමෙක් හුදෙක් ආගමික ප්රතිපත්තිය පමණක් නොව, ඉන් ඔබ්බට ගොස් සිය පෞද්ගලික අභිමතාර්ථය අනුව යම් යම් සිරිත් ආදේශ කරගැනීමද සිදු නොවුනා නොවේ. ඉස්ළාමයෙහි සඳහන් අයුරින් වන කාන්තා ඇඳුම හෙවත් අබායා වෙනුවට ඇතැම් උප-සංස්කෘතින්හි වන අයුරින් මුහුණ පවා ආවරණය වනසේ බුර්ඛා වැනි ඇඳුම් තෝරා ගැනීම ඉන් එක් ක්රියාවකි. කෙසේ වෙතත්, මෙම ප්රවණතාවය ඉතා සීග්රව පැතිර ගිය අතර, වැස්සෙන් පසු එන මෙරු රැළක් මෙන් මෙය එක්වර සිදුවීම ඇතැමුන්හට පෙනුනේ, ශ්රී ලංකාවේ මුස්ලිම් ප්රජාවෙහි ක්ෂණික සංඛ්යාත්මක ප්රවර්ධනයක් ඇතිවූ ලෙසිනි. සත්ය වශයෙන් එවැන්නක් නොවූ නමුත්, විවිධ හේතුන් මත පන්සල කෙරෙහි ඇදෙන සැදැහැවතුන්ගේ සංඛ්යාවෙහි අඩුවක් දකින්නට ලැබීමත් , එයට සාපේක්ෂව මුස්ලිම් ප්රජාව බහුතරයක් පල්ලිය වෙත ඇදෙනු දැකීමත් නිසා ඒ පිළිබඳව විචාරයෙන් බැලීමට කිසිවෙකු උනන්දුවූයේ නැත. තවද, රටේ එකළ තිබුනු අනාරක්ෂිත තත්ත්වයට අනුව සැමතැනම පාහේ තිබූ ආරක්ෂක මුර කපොළු වලදී, කාන්තාවන් පරීක්ෂා කිරීමට කාන්තා ආරක්ෂක නිළධාරිනියන් යෙදවීමට බළකිරීම, මුස්ලිම් කාන්තාවන්ගේ පමණක් නොව, සකළ කාන්තා පරපුරෙහිම ප්රජාතාන්ත්රික අයිතියක් වන නමුදු, ජාතිවාදී උන්මත්තකයින් වන පාඨළී චම්පක, උදය ගම්මන්පිල වැනි අමන දේශපාලකයින් මෙය සිය වාසියට තුඩු දෙන අයුරින් මෙය මුස්ලිම් කාන්තාවන් පමණක් සඳහාවූ අසාධාරණ ඉල්ලීමක් ලෙස හුවා දැක්වූහ. මෙම කාරණාවන්ද, ඇතැම් බෞද්ධයින් යැයි කියූ අවස්ථාවාදීන්ගේ සිත් තුළ මුස්ලිම් ප්රජාව කෙරෙහි වයිරයක් ඇතිකරවීමට සමත් විය.

    ReplyDelete
    Replies
    1. ow ow, oya maraine, puduma wirekinne inne. gedara kattiya baninawada? gedara nane koiweleth neda.

      Delete
  10. තමන් වහන්සේගේ මරණයෙන් ප‍්‍රශ්ණය විසඳෙනවානම් ඊට මුහුණ දෙන්න සූදානම් යයි බොදු බලසේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඤාණසාරයා කියයි.

    ‘අපේ ඝණ්ඨාරේ මෙච්චර සද්දෙ මෙතැන ලොකු ප‍්‍රශ්ණයක් තිබෙන නිසයි. මාව මරලා හෝ අත් අඩංගුවට අරගෙන හෝ මගේ චරිතය ඝාතනය කරලා හෝ මේ ප‍්‍රශ්ණය විසඳෙනවා නම් රට වෙනුවෙන් එයට මුහුණ දෙන්න මා සූදානම් වාසුදේවලා, හකීම්ලා, අසාද් සාලිලා අද අපට දිගට හරහට ගහන්නේ අපි එල්.ටී.ටී.ඊ. හෝ අල් කයිඩා වගේ වෙඩි නොතියන බව දන්න නිසා’

    ඤානසාර වෙඩි නොතිබ්බාට වෙඩි තියන්න ගෝඨාගේ සෙට් එක ඔනවෙලාවක රෙඩි බව අලුත්ගමදී පෙනුනේය.

    ඤානසාරයා මේ පොර ටෝක් දෙන්නේ එකා ගැන නොදන්න මෝඩ මීහරක් සිංහල බෞද්ධ මහා ජනතාවක් මේ රටේ වැඩ වාසය කරන බැවින්ය.

    මේකා කීයටවත් දිවි පුදන්නේ නැත. ඒ මූට ලෝකේ පුරා ගෑනූ හැටහුටා මාරක් ඉන්නා නිසාය. මේකා එකම පවුලේ අම්මයි දුවයි දෙන්නාම අඹුකමට තියා ගත් බව නාවල මිනිස්සුන්ට රහසක් නොවේ. (මේකාගේ කැරටූව ගැන වූ ලිපියක් පහතින් පළවේ) අලුත් අඹුව මේ දිනවල ඉන්නේ ප්‍රංශයේ බව දැන් ප්‍රසිද්ධ කතාවකි.

    බොදු බල සේනාව පටන් ගත්තේ හම්බ කරන්නටය. ඒකට මුදල් පොම්ප කරන්නේ නොර්වේ එල්ටීටීඊ කණ්ඩායමක් විසින් බව බොරුවක් නොවේ. එල්ටීටීඉයටත් මුස්ලිම් වරු ගැන ප්‍රශ්නයක් තිබේ. ඒ බව ඩිලන්ත විතානගේ ගෙන් අසා දැන ගත හැකිය.

    මුස්ලිම් අන්තවාදීන් ෆොර්ම් වන තරමට ඤාසාරට රජ මගුල්ය. මේ ට්‍රයි කරන්නෙ ඒකටය. සිංහල බෞද්ධ මීහරක්ගේ ඡන්දය මහින්දට අරගෙන දෙන්න නම් මුස්ලිම් ප්‍රහාරයන් වැඩි වැඩියෙන් එල්ල විය යුතුය. සමහර විට මේ වෙනුවෙන් ජිහාඩ් සංවිධානයක් ඤානසාරයා විසින්ම ගොඩ නගනු ඇත.

    එතකම් ඤානසාර දිවි පුදන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අනේ බොල ඥාණසාරයෝ, ඉක්මනටම තෝ මැරියංකෝ අපිට සැනසිල්ලේ ඉන්න දීලා.

      Delete
  11. මැද පෙරදිග පැත්තකින් තියන්නකෝ...... බටහිර යුරෝපීය රටවල ජීවත්වන මුස්ලිමුන් සමඟ සැසඳුවාම, අපේ රටේ ජීවත්වන මුස්ලිමුන් හරීම සාමකාමීයි. ඔවුන්ට පහර දීලත්, මරලත්, දේපොළ විනාශ කරලත් තවම සාමකාමීව හැසිරීම නම් උත්කෘෂ්ටයි.

    කවදා හෝ ඔවුන්ගෙත් ඉවසීම අහවර වුණ දවසට තමයි අපිට තේරෙන්නේ කර ගත්තු ගොං කම්වල හැටි. හැබැයි ඒ දවස වෙන කොට චම්පිකලාගේ, උදයලාගේ, නිශාන්තලාගේ ළමයි ඉඳීවි ශපාන් එකේ ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියන් වෙලා.

    ReplyDelete
  12. බොදු බල සේනාවේ ඥනසාර ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරනවා මුස්ලිම් මිනිස්සු නිසා බුදු දහම විනාශ වෙනවා, ජාතිය නැති වෙනවා කියලා මිනිසුන් කුපිත කරවන ප්‍රකාශන නිකුත් කරනවා. මම අහන්න කැමති මුස්‌ලිම් මිනිස්සු බුදු දහම විනශ කරන්න මොනාද මේ රටේ කරලා තියෙන්නේ කියලා.
    - හොදට හිතලා බලන්න මේවා දිහා -
    පෝයට කලින් දවසේ බාර් එක ලග කොච්චර සිංහල මිනිස්සු ඉන්නවද.....
    පෝය දවසට නලා බිඹලා කෑ මොර දීලා පාරේ අසංවර විදිහට හැසිරෙන තරුණයන් කොච්චර ඉන්නවද.....
    පෝයට පන්සල් යන්නේ නැති, සිල් සමාදම් වෙන්නේ නැති අය කොච්චර ඉන්නවද....
    මුස්ලිම් මිනිහෙක්ට අයිති එක බාර් එකක් හරි තියෙනවද...
    බීමත්කම නිසා වැඩියෙන්ම පවුල් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ සිංහල පවුල් වල නෙවේද...
    මේ වගේ දේවල් නිසා නෙවෙයිද...?????? බුදු දහම පිරිහෙන්නේ.... සිංහල ජාතිය නැති වෙන්නේ.....
    මුස්ලිම් මිනිහෙක් පල්ලියට ගිහින් තමන්ගේ ආගම අදහන කොට ඇයි සිංහල මිනිහට බැරි පෝයට පන්සලට ගිහින් ඒ අදාළ ආගමික කටයුතු වල යෙදෙන්න.
    මුස්ලිම් මිනිහෙක් කඩයක් දාලා ව්‍යාපාර කරද්දී කොහොමද සිංහල ජාතිය නැති වෙන්නේ...???
    මුස්ලිම් මිනිහෙක් ගේ කඩයකට ගැහුවා කියලා බුදු දහම රැකෙන්නේ කොහොමද...??
    ඇයි සිංහල මිනිහට කඩයක් දාලා ව්‍යාපාර කරන්න බැරි...???
    මුස්ලිම් පවුල් ළමයි වැඩියෙන් හදන කොට ඇයි සිංහල මිනිහට බැරි ළමයි වැඩියෙන් හදන්න...???
    සිංහල පවුල් ළමයි වැඩියෙන් හදන් නැති එකට මුස්ලිම් මිනිස්සු පලිද....????
    සිංහල මිනිස්සු පෝයට පන්සල් යන්නේ නැත්නම් ඒකට මුස්ලිම් මිනිහා පලිද.... මුස්ලිම් පල්ලිය පලිද...?
    හැම සිකුරාදාටම මුස්ලිම් පුරුෂ පක්ෂය 99.9% ක්ම මුස්ලිම් පල්ලි වලට යනවා...
    මාසයකට වතාවක් එන පෝය දිනයටවත් පන්සල් යන්නේ නැති සිංහල මිනිස්සු ඉන්නවා ඒත් පෝයට කලින් දවසේ බාර් ගානේ කොච්චර ඉන්නවද සිංහල මිනිස්සු....???
    සිංහල මිනිස්සු ඉහත කරලා තියෙන වැරදි වලට මුස්ලිම් මිනිස්සු මුස්ලිම් පල්ලි මුස්ලිම් කඩවල් පලි නෑ...
    මේ දේවල් නිවැරදි කර ගන්න එතකොට සිංහල ජාතිය නැති වෙන්නෙත් නැ නැති කරන්නත් බැ.....
    සිංහල ජාතිය ගැන ඔච්චරටම කැක්කුමක් තියෙනවා නම්
    සිංහල ගම්මාන වලට ඟං වතුර ගලද්දී බොදු බල සේනාව ඒ සිංහල මිනිස්සුන්ගේ සුවදුක් බලන්න හරි ගියාද....???
    එක වතුර බෝතලයක් හරි දුන්නද....?
    දැන්වත් තේරුම් ගන්න බොදු බල සේනාව ජාතියේ පිණට ද නැත නම් පවට ද කියලා.

    ReplyDelete
  13. කෙනෙකුගේ නිහැඩියාවට හේතුව අහිංසක කමම නොව ප්‍රති ප්‍රහාර දීමේ ශක්තියක් නැති කමයි.දෙමළුන්ට වෙනම පළාතක සහ දිස්ත්‍රික්ක දෙකක් තිබුනි.එහෙත් මුස්ලිමුන් රට පුරා විසිරී සිටින අතර දිස්ත්‍රික්ක දෙකක පමනම් 50% ඉක්මවා ඇත.එසේම දෙමළුන්ට ඉන්දියාවෙන් ගොඩබිම් ආධාර ළැබුන අතර මුස්ලිමුන්ටත් වෙරළක් ඇතත් එසේ ගොඩබිම් ආධාර දීමට කෙනෙක් නැත.නැගෙනහිර වෙරළට කිට්ටු බංග්ලාදේශයයොඉ.එහෙත් මෙවැනි සහායක් දීමට හැකියාවක් ඇති පාකිස්තානය ට ඉන්දියාව දෙමලුන්ට දුන් ආකාරයේ සහායක් දීමට බැරිය.මුහුදු මාර්ග ය දුරය.
    මුස්ලිමුට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමු.එහෙත් ලංකාවේ මුස්ලිමුන්ගේ සැබෑ තත්වය මෙයයි.ඉන්දියානු මුස්ලිමුන්ටද උදාවී ඇත්තේ මේ තත්වයයි.

    ReplyDelete
  14. Dharganagaraye muslim minissu samakami kiyana ayagen illanne kalabalanowi thama thmangee wishwasa latauth ayagen aranchi karala hoyalabalala dharganagaraye muslim ganankarakam nee kiyanna.mathugam inna pera meewa dannenee kiyannenam.apita getaluwak,aduma lesa guruwarayeku sathu wiyauthu awankabawaya.Pathirajagodaya.

    ReplyDelete
  15. මේ පෝස්ට් එකේ වටරැක විජිත නාට්‍යය ගැන වචනයක්වත් නැත්තේ ඇයි ?

    ReplyDelete
  16. ajith perakum jayasinha.kramanukoolawa wedakarana parana JVP samajikayek.ithin ohu karanawedawala pennathiyena 1/4 tawada 3/4kma uatinthiyenawa.meepara muslim warunwarawatala kuttiya witharak aran panina beriwela,dekkenedda ada divaineth kethakaralathiyenawa?

    ReplyDelete
  17. ''මේ පෝස්ට් එකේ වටරැක විජිත නාට්‍යය ගැන වචනයක්වත් නැත්තේ ඇයි ?
    අනේ, උන්වහන්සේ ගැන ලියන්න මොනවද ඉතින් තියෙන්නේ, උන්වහන්සේ විසින්ම තමුන්ට හිංසා පමුනුවගෙන කනත් කොපාගෙන අත් පා බැඳගෙන පාලම යට වැටිලා උන්නා නොවැ. ආශ්චර්‍යමත් රටේ වුනු තවත් ආශ්චර්‍යයක්ම නොවැ මේක...නේද මං අහන්නේ?

    ReplyDelete
  18. ඔය ප්‍රවුර්තිය දැනගත්තු ගමන්ම මං මගේ ඔලුව අත ගාල බැලුවේ මට අමුතුවෙන් අං දෙකක්වත් ඇවිල්ලාද කියල​. මටනම් එහෙම වෙලානෑ නමුත් එහෙම වෙලා තියෙන අයත් ඉන්නවා අපේ රටේ.

    ReplyDelete
  19. Arnold Schwarzenegger Has A Very Serious Farting Problem

    ReplyDelete
  20. kawuru unath waradda waraddamai

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා