අපි මුස්ලිමුන්ට ගහන්නේ ඇයි?
ධර්ගා නගරය හා අලුත්ගම කේන්ද්ර කරගෙන ඇති වූ වාර්ගික ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය දැන් දැන් පැහැදිලි වෙමින් තිබේ. එය අසූ තුනේ ජුලි කෝලාහලයේදී ජේ.ආර්. ගත් ස්ථාවරයටත් එහා ගිය එකක් බව පෙනේ. ඇත්තෙන්ම එය බලාපොරොත්තු විය යුතු තත්වයකි. හාමුදුරු කෙනෙක් හා මුස්ලිම් මදාවීන් කිහිප දෙනෙක් සම්බන්ධ සුළු සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය අදාළ ක්රියාමාර්ග අරගත් පසුව පවා එය පදනම් කරගෙන ප්රදේශයේ ශාසනාරක්ෂක බලමණ්ඩලය හා බොදු බල සේනාව විසින් අවුළුවන ලද ජාතිවාදී ගින්න විසින් මිනිසුන් සිව්දෙනෙකුගේ ජීවිත බිලි ගන්නා ලදී. නිවාස 150ක් පමණ ද කඩ 90ක් පමණ ද විනාශ කර දමන ලදී. පහර දෙන ලද පල්ලි සංඛ්යාව 15කට වැඩි ය. අවතැන් වූ සංඛ්යාව 2000කට වැඩි ය. ඉහත දක්වන ලද සංඛ්යාවලින් හතරෙන් තුනකටත් වඩා මුස්ලිම්වරුන්ට සිදු වූ හානි ය. මෙම ගින්න අවුළුවනු ලැබුවේත්, ඇඳිරි නීති උල්ලංඝනය කරමින් විනාශකාරී ක්රියාවල යෙදුණේත් සිංහල ජාතිවාදියෝ ය. මුස්ලිමුන් ප්රචණ්ඩ ක්රියාවල යෙදුණ ප්රමාණය සිංහලයන්ගේ ප්රචණ්ඩ ක්රියා සමග සන්සන්දනය කරන්නට බැරි ය. මුස්ලිමුන් පිට ප්රදේශවලට කඩා වැදී පහර දුන් බවට සාක්කි න...