ලැජ්ජයි

උසාවියකදී භික්ෂුවක් නීතිඥයකුට පහර දුන් අයුරු. කෝ නීතිය ක්‍රියාත්මක වුණා ද?
අලුත්ගම ජාතිවාදී කෝලාහලයෙන් පසු මේ රටේ ඩබලක් මාර ඇඹරිල්ලක් ඇඹරුණ හ.

ඒ ඩබල නම් මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් හා බොදු බල සේනාධිපති කිරම විම‍ලජෝති ය. (අලුත්ගමින් පසු හාමුදුරුවන්ට ගරු ආමන්ත්‍රණය තාවකාලිකව නවතා තිබේ.)

ඇඹරෙන තරම අනුව මේ ඩබල එකට තැබුවා නම් දිග කඹයක් අඹරා ගන්නට තිබිණි.

විමලජෝති භික්ෂුව ඇඹරෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර නටන සවුදම නිසා තමන් පය ගසා සිටින පොළවත් හෙලවෙනු ඇතැයි බිය නිසා ය. විමලජෝති භික්ෂුව දැවැන්ත රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරිකයෙකි.  ඔහු අලෙවි කරන්නේ බුදු දහමයි.

තමන් විකුණන පොත්, පත්වල තිබෙන ආගමට සපුරා පටහැණි භාවිතාවක් පවත්වාගෙන යාම හේතුවෙන් තමන්ගේ ලාභ බිඳ වැටෙනු ඇතැයි ඔහු බිය පත් වී තිබේ. අනෙක් පැත්තෙන් විදේශ චාරිකා ආදිය සඳහා වීසා ලබා ගැනීම වැනි කාරණාවලදී ඔහුට මෙය අහිතකර බව ඔහු දනියි. 

හකීම් ඇඹරෙන්නේ ඉන්නත් බැරිව, යන්නත් බැරිව ය. යන්න දොට්ට බැස්සොත් කී දෙනෙක් තමන් සමග සිටිනු ඇද්දැයි ඔහුට සැක ය. ඇත්තෙන් ම ඉන්නත් ලැජ්ජා ය. ලැජ්ජ බීටි වෙද්දෙන් කියා දොට්ට බැස විරෝධය පළ කරන්නත්, රටේ නායකයන් මුස්ලිම් සංහාරයකට කැමති සංදර්භයක් තුළ ලෝකයට මේ අවනඩුව කියන්නටත් කොන්ද පණ නැති නායකයකුගෙන් මුස්ලිම් ජනතාවට රැකවරණයක් නම් අපේක්ෂා කළ නො හැකි ය. 

අනෙක් ලජ්ජාකාරයා රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා ය. අනාගත විධායක ජනාධිපති වන්නට සිහින දැක දැක සිටින ඔහුට අඩු තරමේ විපතට පත් මිනිසුන් හමු වී දුක සැප විමසන්නට පවා ලජ්ජා හිතී තිබිණි. 

ඇත්ත‍ම කියනවා නම් අපට නම් මේ සියලු දෙනා ගැන ලජ්ජා ය. රට ගැනත් ලජ්ජා ය. 

ලැජ්ජා බිල්ලට දුන් අයත් අප අතර සිටිති. එක්කෙනෙක් ඥානසාරයි. අනෙක් එක්කෙනා චම්පික රණවකයි. ඥානසාර චම්පිකට ටොපිය දුන්නේ ය. "ඔයා තමයි අපේ අනාගත ජනාධිපති," ඥානසාර කීවේ ය. දැන් චම්පික ලජ්ජා නැතිව ප්‍රහාරකයින් ආරක්ෂා කරන තැනක සිටියි. කාදියවත්තේ හෙල්මට් දාන්නැති මුස්ලිම් තරුණයන්ගේ බෙල්ල නැති කරන්නට සැරසෙයි. 

ලැජ්ජයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. වටරැක (නාට්‍යය??) ගැන පැරාගෙ මතය දැන ගන්න කැමතියි

    ReplyDelete
    Replies
    1. එතකොට පැරා, පැරාට 88/89 භීෂණ සමයේ මිනිමරපු එව්වා ගැන,මංකොල්ලකාපු එව්වා ගැන ලැජ්ජා නැද්ද?

      Delete
    2. AnonymousJune 24, 2014 at 9:57 AM

      තමුසෙ තාම ගියෙ නෑ නේද බේත් ගන්න.

      Delete
    3. 88/89 මරපු එවුන් ඇත්තටම මරල දාන්න ඕන උං ටිකක්.අපේ පැත්තෙ ගොඩක් කාලකන්නි සුද්ද වුනා.

      Delete
  2. තාවකාලිකව නෙවෙයි කොහොමටත් ඔය රටටවත් ගමටවත් තමන්ටවත් වැඩක් නැති කාලකන්නින්ට ගරු ආමන්ත්‍රණ ඕනම නෑ

    ReplyDelete
  3. සුළු තරය වූ පමණින් කිසිම වග විභාගයක් නැතුව වල් පල් ලියන පැරා ඔබ ගැනත් ලජ්ජයි.

    ReplyDelete
  4. බිරාට පැජ්ජ නැත
    පැන්න පොරා ..........................

    ReplyDelete
    Replies
    1. පැරා බිජ්ජ කපාගෙන පාරේ වැටී , බොදුබලෙන් එය කරා යයි කීමට බලා සිටී. කබරගොයා තලගොයා කරන 89 මිනී මැරූ අපරාද කාරයන්ට මොන ලැජ්ජාවක්ද ?

      Delete
  5. හකීම්ටනම් යන්න තැන් ඕන තරම් තියෙනවා.

    ReplyDelete
  6. ethakota watareka wijitha, perkumta athigaru watareka wijitha himi? watareka wijitha mulinma waten waten thmai muslim kontharaththuwa kre,perakum thama pasubima hadaminenawa,pera dena gema watareka wijithata wediya bayanaka wenawa eke sekayaknee.mokada oya game prata aluthdewal nowei.denata masa gananakata kalin kohomada palitha thewarapperum gena dunnatalk,

    ReplyDelete
  7. ඔය කහකඩ තට්ට සාමිලා තමයි උතුම් මනුෂ්‍යයෙක් වුණු බණ්ඩාරනායක අගමැතිතුමාවත් ඝාතනය කළේ.

    ReplyDelete
    Replies
    1. උන් වහන්සෙ නම් නිවන් දකින්න ඇති. මේ රට විනාශ කරපු එකෙක් නැති කලාට..

      Delete
    2. @මාතලන් ----- නෑ, උන්දෑ පීටර් නමින් ඇංග්ලිකන් වෙලා එල්ලුම් ගහට නැග්ගා. භූමදානය කළේ රජයේ වියදමින්. අනිකා හිරේදීම මැරුණා.

      ප.ලි.: ඔයා ඉස්කෝලේ ගියේ ලංගම බස්වලින් නම්, ඒකම ඇති අගමැති බණ්ඩාරනායක ව අදහන්න. ඔයා ජේ ආර් කරපු විනාශය ගැන දන්නවද?

      Delete
    3. ඇනෝට.... ඔබ පහුගිය තිස් අවුරුදු යුද්ධය දැක්කානම් එයම ඇති බණ්ඩාරණායකට පොල්ලෙන් ගහන්න.

      Delete
    4. බණ්ඩාරනායක කියන්නේ රට කාපු බල්ලෙක්.

      Delete
    5. http://www.nation.lk/2007/09/30/special1.htm

      Delete
    6. බණ්ඩාරනායක නිසා තිස් අවුරුදු යුද්ධය පටන් ගත්තා කියන එක 1980 ගණන්වල යූ.ඇන්.පී.කාරයෝ පතුරවපු බොරුවක්. සිංහලය රාජ්‍ය භාෂාව කළ නිසානෙ ඔහොම කියන්නේ? එතකොට ඊට කලින් තිබුණු රාජ්‍ය භාෂාව මොකක්ද? ඉංග්‍රීසි. එතකොට දෙමළ ජනතාව සුද්දෝ වගේ ඉංග්‍රීසිද කතා කර කර හිටියේ? නැහැ. ඉංග්‍රීසියත් දෙමළ ජනතාවට ආගන්තුක භාෂාවක්. එහෙම වුණත් දෙමළ අය ඒ ගැන විරෝධයක් දක්වපු බවක් පේන්න නැහැ. බණ්ඩාරනායක බලය බෙදන්න හදන කොට ඒක කඩාකප්පල් කළේ කවුද? ජේ.ආර්.... එයා 1977 දී බලයට ආවට පස්සේ කරපු කෙරුවාව අද වයස අවුරුදු 40 ට වැඩි අය හොඳට දන්නවා. ජේ ආර් ගෙනාපු මරාල නිසා තමයි අදටත් රටේ මේ අවුල. රට කාපු නියම බල්ලා තමයි ජේ ආර්.

      Delete
    7. 1833 දී බ්‍රිතාන්‍යයන් විසින් පිහිටවපු ව්‍යවස්ථාදායක සභාවේ යුරෝපීය නියෝජිතයන් 3දෙනෙකුත් සිංහල, දෙමළ සහ බර්ගර් යන ජන කොට්ඨාශ නියෝජනය කිරීමට එක් සභිකයකු බැගින් තුන්දෙනෙකුත් හිටියා. 1921 දී ජනවර්ග අනුපාතය අනුව පිහිටවපු ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජනය 13 බවට පත් වුණා. ජන අනුපාතය අනුව දෙමළ නියෝජිතයන් 3දෙනෙකුට පමණයි එහි අවකාශ තිබුණේ. මේ අලුත් සභාවේ සිංහල සහ දෙමළ නියෝජන අනුපාතය කලින් තිබූ සභාවට වඩා වෙනස් වීම තමයි (කලින් 1:1 යි, අලුත් සභාවේ 13:3 යි ) දෙමළ ජාතිකත්ව ව්‍යාපාරයට අඩිතාලම වුණේ.---- 1956 ට බොහෝම කලින්!

      1927 දී ලංකාවට ආ ඩොනමෝර් කොමිසම නිරීක්ෂණය කරපු දෙයක් තමයි ජනවර්ග නියෝජනය නිසා රට බෙදී ඇති බව. ඒ නිසා 1931 දී පවත්වන්නට යෙදුණු ඡන්දයේදී ජනවර්ග නියෝජනය අතහැර සර්වජන ඡන්දයෙන් මන්ත්‍රීවරුන් පත් කෙරුණා. උතුරේ දෙමළ දේශපාලඥයන් මේ ඡන්දය වර්ජනය කළා. මේවා වුණේ 1956 ට බොහෝම කලින්!

      1944 දී සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයත් 1949 දී ෆෙඩරල් පක්ෂයත් බිහි වුණා. මෙම දෙමළ පක්ෂවලට වුවමනා වුණේ ස්වයං පාලනයක්. ඒ බණ්ඩාරනායක ආණ්ඩුව පත් වෙන්න අවුරුදු ගණනාවකට කලින්.

      ඉතිං මේ අනුව පැහැදිලියි තිස් අවුරුදු යුද්ධයට හේතු වුණු කාරණා 1920 දශකය තරම් ඈතට යනවා කියලා.

      1956 දී සිංහලය රාජ්‍ය භාෂාව වුණා තමයි. ඒක එහෙම නැතිව කොහොම වෙන්නද? රටක ඉන්න මිනිසුන්ගේ භාෂාව තමයි ඒ රටේ රාජ්‍ය භාෂාව වෙන්න ඕනෑ. බණ්ඩාරනායකට වුවමනා වුණා දෙමළත් රාජ්‍ය භාෂාව කරන්න -- අඩුම ගණනේ උතුරු හා නැගෙනහිර පළාත්වල. ඒවාට හරස් කැපුවේ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එල්. එච්. මෙත්තානන්ද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එෆ්. ආර්. ජයසූරිය, කැලණිය ඡන්දෙන් පැරදුණු ජේ. ආර්. ජයවර්ධන වගේ අය තමයි.

      බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්හිටවීමත් සිංහලය රාජ්‍ය භාෂාව වීමත් දෙමළ දේශපාලඥයන් විසින් ඔවුන්ගේ විරෝධතා, කැළඹිලි, ඡන්ද ව්‍යාපාර (දැන් ඥාණසාරලා තියනවායැයි කියන මුස්ලිම් අන්තවාදයක් ගැන කතා කරනවා වගේ ) යනාදියට උපයෝගී කර ගත්තා මිසක් ඒවා තිස් අවුරුදු යුද්ධයට අඩිතාලමක් වුණේ නැහැ. ඒ අඩිතාලම 1956 වෙන කොට හොඳට දමා තිබුණා.

      Delete
    8. Anonymous June 24, 2014 at 11:04 PM --->>

      ඔබ කියන දේ හරි. ඒත් බණ්ඩාරනායක දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ලොකුම ලොකු වැරැද්දක් කළා. ඒ වැරැද්දේ තවත් එක්තරා ප්‍රතිඵලයක් තම්යි අපි අලුත්ගම දී දැක්කේ. ඒ වැරැද්ද මොකක්ද කියා දන්නවද? 1950 දශකයේ මැද භාගය තෙක් වෙන් වී තිබුණු රාජ්‍යය සහ ආගම කියන ආයතන දෙක එකට එකතු කළේ බණ්ඩාරනායක. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ඉරා දාන්න වුණේ. ඉතිරිය ඉතින් ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. ඒක මම පුනරාවර්තනය කරන්න අවශ්‍ය නැහැනේ? බණ්ඩාරනායකගෙන් පස්සේ යූ.ඇන්.පී.යටත් ඉතින් ඒකම කරන්න වුණා. හාමුදුරුවරු ඩඩ්ලිගේ වේදිකාවටත් නැග්ගා.

      රාජ්‍යය සහ ආගම එකට එකතු වුණොත් ඉතින් සොරි ඩොට් කොම් තමයි.

      Delete
  8. නානසාරයටත්,මහින්දයටයි ගෝඨටයි,වාගෙ තමුන් කරපු පාහර වැඩ පිලි ගන්න තරම්වත්, කොන්දක් නැහැ.

    ReplyDelete
  9. බෞද්ධ භික්ෂූන් වනාහි කුඩා කල බලෙන් පැවිදි කරනු ලැබූ පිරිසකි. එවැන්නෙක් අධිෂ්ඨානයක් නැතිව බ්‍රහ්මචර්යානුකූල ජීවිතයක් ගත කිරීමෙන් ඔහු උන්මත්තකයකු වීමට හේතු වේ. ලංකාවේ බෞද්ධ භික්ෂූන් හට සංවර වීම සඳහා ඔවුනට විවාහ වීමට නොපමාව අවසර දිය යුතුවේ. එමගින් ලංකාවේ සංහිඳියා ප්‍රශ්නයද බොහෝ දුරට විසඳෙනු ඇත.

    මධ්‍ය කාලීන යුගයේ යුරෝපයේ අද ලංකාවේ බෞද්ධ භික්ෂූන් මෙන් වියරුවෙන් හැසිරුණු කතෝලික පූජක පරම්පරාව සංවර වූයේ 16 වන ශතවර්ෂයේදී ඔවුන් හට විවාහ වීමට අවසර ලැබීමත් සමගය. යුරෝපය අඳුරු යුගයෙන් එළියට ආවේ ඉන් පසුවය. විද්‍යාවේ ප්‍රගමනය ඇති වුණෙත් ඉන් පසුවය.

    එනිසා මිනිසාගේ මූලික අයිතියක් වූ ලිංගික ක්‍රියාවේ යෙදීමේ අයිතිය බෞද්ධ භික්ෂූන්ටත් ලබා දීම ඉතාම මානුෂිකය. ඔවුනට විවාහය තුළ හිඳිමින්ම ආගමික කටයුතුවල නිරත විය හැක.

    ReplyDelete
  10. /විමලජෝති භික්ෂුව දැවැන්ත රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපාරිකයෙකි. ඔහු අලෙවි කරන්නේ බුදු දහමයි. තමන් විකුණන පොත්, පත්වල තිබෙන ආගමට සපුරා පටහැණි භාවිතාවක් පවත්වාගෙන යාම හේතුවෙන් තමන්ගේ ලාභ බිඳ වැටෙනු ඇතැයි ඔහු බිය පත් වී තිබේ./

    අපොයි නෑ. විමලජෝති අන්කල්ට පොත් විකුණලා ලොකු ලාභයක් නෑ. අනෙක් බිස්නසුත් ඕවා තිබ්බට දුවනවා. ඕකා අයින් වුණේ (අයින් වෙලාමත් නෑ ) මහින්ද මාමා පිස්සු කෙළින්න එපා කියලා බොලීවියාවෙ ඉඳන් බැනපු නිසා.

    /හකීම් ඇඹරෙන්නේ ඉන්නත් බැරිව, යන්නත් බැරිව ය. යන්න දොට්ට බැස්සොත් කී දෙනෙක් තමන් සමග සිටිනු ඇද්දැයි ඔහුට සැක ය. ඇත්තෙන් ම ඉන්නත් ලැජ්ජා ය./

    අපොයි ඌට කිසිම ලජ්ජාවක් නෑ. මේ වෙච්චි දේවල් වලට ඌ තරම් කැමැති වෙන එකෙක් වත් නැහැ. මේක පාවිච්චි කරලා තව බාගේන් එකකට යන්නයි හකීම්ගේ කල්පනාව. බලන්න තව ඇමැතිකමක්/ නියෝජ්‍ය ඇමැතිකමක් උන්දලාගේ පක්ෂෙට ලැබෙන්නෙ නැද්ද කියලා හෙට අනිද්දා.

    /ඥානසාර චම්පිකට ටොපිය දුන්නේ ය. "ඔයා තමයි අපේ අනාගත ජනාධිපති," ඥානසාර කීවේ ය./

    බලයෙන් මත් වුණාම මොළේ තිබුණත් ඇඳ ගන්නවා. චම්පිකයට ජනාධිපතිකම් හම්බවෙනකොට ගොඩක් රෑවෙයි.

    ReplyDelete
  11. "අමතක කරන්න එපා බෞද්ධ දර්ශනය වෙනයි. සිංහල බුද්ධාගම වෙනයි,"
    එතකොට සිංහලයගේ බහුතර බලය බිඳ වැටෙනවනේ. ඥානසාරලා ඝෝඪාලා විමලජෝතිලා ඔය ව්‍යාපාරය පටන් ගත්තේ අවසාන සංඝනනයේ දී දුටු, තවමත් පොදු ජනයාට එළි නොකල ප්‍රසිද්ද රහසක් වන යම් හේතුවක් නිසානේ. එහෙව් එකේ ඉන්න බෞද්ධයෝ ටිකත් බෙදා ගත්තනම් පටන් ගත්තු මේ ව්‍යාපාරයේ හරය වෙනස් වෙනවනේ, හරියට නාගන්න ගිහින් මඩ නාගත්තා වගෙයි නේ.

    ඇත්තටම රෑ වෙලා හරි චම්පිකට ජනාදිපතිකම හම්බ වෙයිද​? අනේ රටේ වාසනාව​.

    මේ පාර එ.ජ.නි.සෙන් ජනාදිපති අපේක්‍ෂකයන් හතර පස් දෙනෙක්ම ඉදිරිපත් කරන්නයි අදහස. හරි කෙළියක් වෙයි එහෙනම්.

    ReplyDelete
  12. Bandaranayaka janathawata adarayata Bus janasathkala nowe.Thmanta chandayata udaw nokarapu mudalalilage bus Gaththa,ein100% ta 90% kata wedi sinhala mudalalilai.Anika somarama bandaranayaka nomeruwanam bandaranayaka weerayekwenne nee.nethnam ada chandrikata wage ballekwath nethuwa merenne.--Pa(n)cha balawebaya.

    ReplyDelete
    Replies
    1. පල ඩෝ යන්න, ජාතිවාදී ගුණමකුවා.

      Delete
    2. බණ්ඩාරනායක කියන්නේ රට කාපු බල්ලෙක්.

      Delete
    3. බණ්ඩාරනායක කියන්නේ ශ්‍රේෂ්ට උත්තමයෙක්. "ආසියාවේ රිදී සීනුව" කියලයි එතුමාව හැඳින්වූයේ.

      Delete
    4. aththa eyaa huththamayek thamayi

      Delete
  13. Why is it that the muslim youth who blocked the path of a Buddhist monk returning from a sermon on Poya day and assaulted him that sparked violence in Dharga Town not arrested. Why is it that damage done to sinhala residents in the area not reported? This was a result of Police inaction. The Bodu Bala Sena was not involved in this initially and only came to the scene as the police didn't take any action. The above pic this site has posted is not from Aluthgama and is misleading. It is unfair to mislead people for certain individuals personal or political gain.

    ReplyDelete
    Replies
    1. I too had the same doubt bro, Looking in to past happenings the country, who really wanted to create problems? Muslims? or ???? Would a Muslim do such a wise-less thing to a Buddhist monk in such a time like this . වැටේ යන සර්පයා කරේ දා ගනීද​ කෙනෙක්?

      Delete
    2. A descendant from the Portuguese (Perera) speaking in support of the Sinhalese..... Thank you bir!

      Delete
    3. Wake up brother! You are still engrossed in the dream which has been vividly painted by the thugs with full of blatant lies!

      Delete
  14. ai me kawuruwath oya sarwaagamika kathawa sinhala buddagam ayata witharak kiyanne. ai anith agam wala ayata kiyanne naththe. poddak balanna muslim aya wadiyen inna palathaka yanakota wahane ehema poddak wadunoth mokada wenne kiyala. dan thiyenne issara thibuna pirisidu ahinsaka Muslim agama nemei. hodata hoyala balanna oya hama deyakma. kohomath wadi dawasak yanna kalin sinhalayinta marga 2k thoraganna wenawamai. eaa thamai buduhamuduruwo kiyana vidihata me sansaren ikmanata egoda wenna thama thamanma banak bawanawak karagannawada nathnam thoppiyak oluwe dagannawada kiyala. eka aniwaryayenma wadi kal noyama sidu wenawa. ethakan apita sarwagamika wenna puluwan.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා