බොලීවියාවෙන් සම්මාන ලද ජනාධිපතිගේ අලුත් ම ප්‍රජාචන්ත්‍රවාදී ගැටය

ජනාධිපති මහින්ද රාජපක්ෂට සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බොලීවියාවෙන් සම්මානයක් ලැබිණි. 

මේක ඇසූ මට හිනා වී කෙළ ඉස්මොල්ලේ ගොස් මාර විදියට අමාරු විය.

ඒත්, ඇත්තෙන් ම ජනාධිපතිතුමා බොලීවියාවේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නම් සේවයක් කරන්නට ඇත. ඒ වනාහි ඔහු බොලීවියාවේ නො ඉපදීම හා එතෙක් එහි පස් නො පෑගීමයි. 

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක් ද?  කෙටියෙන් කීවොත් මෙසේ ය:

ජනාධිපති  නම් ඒකාධිපතිවරයා සහ ඔහු‍ගේ පවුල තමන්ට කැමති වෙලාවට ඡන්ද පවත්වා, මහජන මුදල් පාවිච්චි කරමින් හා මහජන මුදලින් නඩත්තු වන පොලිසියට හා හමුදාවලට ඇති බිය උපයෝගී කර ගනිමින් ද, මැරවර බලයෙන් හා ත්‍රස්තවාදයෙන් ද,  ජනමාධ්‍යවලට අල්ලස් දීමෙන් හා බිය වැද්දීමෙන් ද, දේශපාලකයන් මිළ දී ගැනීමෙන් ද ජනමතය යටපත් කර ඡන්ද දිනා බලය තහවුරු කර ගනියි. ජනතාව ද දූෂණයට ගොදුරු කර ගනියි. ඉන්පසු අසීමිත අන්දමින් බදු පණවමින් සූරා කන මහජන මුදල් තමන්ගේ හා තම පවුලේ උවමනා එපාකම් වෙනුවෙන් නිදහසේ වැය කරයි. කොන්ත්‍රාත් හරහා සිය අන්තේවාසිකයන්ට බෙදා දෙයි. 

මේක සම්මාන දෙන්නම වැඩකි. 

මේ ප්‍රජාචන්ත්‍රවාදයේ අලුත්ම ජවනිකාව පාර්ලිමේන්තුවේ පසුපෙළ බැලයන් පිරිසක් ලවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ මණ්ඩලයට ලංකාවට එන්නට ඉඩ නො දෙන්නැයි යෝජනාවක් සම්මත කර ගැනීමයි. 

මෙය හරියට කුකුළු කොටුව වැනසූ නරියා තමා සොයන්නට කැළේට එන්නට ඉඩ නො දෙන්නෙමු යයි ප්‍රතිඥාවක් කැළේ ඉන්න අනෙක් සතුන්ගෙන් ගත්තා වැනි ය. නරියා නො දන්නා දේ වන්නේ කැළේ සතුන්ට වඩා මිනිසුන් බුද්ධිමත් බවයි. 

මේ පිළිබඳව දඹර අමිල හිමියන් මව්බිම පුවත්පතට කරන ලද පහත සඳහන් ප්‍රකාශයෙන් එහි යථාර්ථය පසක් කර ගත හැකි ය. 


රටට වැදගත් සෙසු තීරණ තීන්දු ගන්නා විටත් පාර්ලිමේන්තුවෙන් ඇත්තට ම අදහස් විමසුවා නම් අද මේ පැටලී සිටින පඹ ගාලේ ආණ්ඩුව පැටලෙන්නේ නැත. 

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. උඹට හිස්මොල්ලේ ගියා.. මට එක දිගට පඩ ගියා..

    පැරා.... ප්‍රජාතන්ත්‍රවාදය නොව ප්‍රජාචන්ච්‍රවාදයෙ ලෙස නිවැරදි විය යුතුය.

    ReplyDelete
  2. විමල් වාචාලයගෙ කතාව ඇහුවද? ලංකාවෙ දේශපාලනික වශයෙන් අද බාලයන්ට විමල් නියම කතාවක් කරනව.
    විමල් හීනෙන් අවදි වී ආණ්ඩුව විවේචනය කිරීම
    සෘජුවම ගෝඨා සම්බන්ධ වෙලා ජාතිවදය ඇවිස්සීම
    එයට ගෝඨා නොව නෝර්වේ සම්බන්ධ යයි විමල් පැවසීම
    ගෝඨා බැසිල ඇමරිකාවේ පුරවැසියන් බව විමල්ට අමතක වීම
    ගෝඨා ඇමරිකාවේ අවුරුදු 15ක් පුහුනු වී පැමිනියෙකු බව අමතක වීම හා රනිල් පමනක් ඇමරිකානු ගැතියෙකු ලෙස විමල්ට සිතීම හා රනිල් මාසයක් ඇමරිකාවේ පුහුනුවක් ලබා පැමිණි බව කීම
    ලංකාවේ සෑම දේකටම ඇමරිකාව සම්බන්ද බව විමල් යන බුද්ධිමතා පුන පුනා කීම ( මම හිතුවෙ ඔය කතාව මූට අමතක වෙලා කියල අන්තිම චන්දෙන් පස්සෙ ආයෙත් මතක් වෙලානෙ, විමල්ට අනුව ඇමරිකාව අපේ රට ගැන අවදානය යොමු කරන්නෙ මෙහෙ චන්ද්යක් තියෙනකොටනෙ, විමල්ට අනුව ඇමරිකාවට ඇමරිකාව ගැන බලනවට වඩා වැදගත් ලංකාව ගැන අවදානයෙන් ඉන්න එක)
    ජිනීවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමට යෑම
    මර්වින් සිල්වා මුස්ලිම් ජනතාව හමුවීමට ගොස් ඥාණසාරගෙ සිවුර ගලවන්ව කීම
    අනුර කුමාර ඉලක්ක කර ගනිමින් විශාල අවලාද වයාපාරයක් ගොඩ නැන්වීම
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    තව තියෙනව දිගට දිගට
    අවසානයේ මීලග ජනාදිපතිවරණය හා මහ මැතිවරණය මේ ආණ්ඩුව ජයග්‍රහණය කිරීම
    ඊට පස්සෙ කිසිදා නොවූ විරූ ලෙස ජනතාවට පුකේ ඇරීම

    ReplyDelete
  3. ඇනෝ, උඹ කවුරු උණත්, නියම තැනට ඇනේ ගහල තියෙන්නෙ. ජයවේවා!

    ReplyDelete
  4. //ඒත්, ඇත්තෙන් ම ජනාධිපතිතුමා බොලීවියාවේ සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නම් සේවයක් කරන්නට ඇත. ඒ වනාහි ඔහු බොලීවියාවේ නො ඉපදීම හා එතෙක් එහි පස් නො පෑගීමයි. \\
    සහතික ඇත්ත! තව මොකටද ක'මෙන්ට්ස්?

    ReplyDelete
  5. මට තාම බඩ යනවා

    ReplyDelete
  6. Thawa thiyenawa uruguwe,paraguwe,panama,...Afrika we somaliya sambiya gambia,ivericoast.,,

    ReplyDelete
  7. ඇයි 'බුර්කිනා ෆාසෝ'....නම කියන්නත්...අමාරුයි ...අම්මේ දිවත් පැටලෙනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා