සුන්දර ඉංගිරිසි: මගෙන් අහගන්න එපා උඹේ පැටිගිරිය

මේ දවස්වල නිරිතදිග මෝසම සක්‍රිය වී තිබෙනවා. ඒ නිසා බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම පළාත්වලට වැසි ලැබෙනවා. පසුගිය දිනෙක අපේ මිතුරෙක් පෙන්වා දුන් රසවත් කාරණයක් වන්නේ අපි වැසි කාලයට වගේ ම අධිකරණයේදී කරනු ලබන කාර්යයකටත් මෝසම කියා පාවිච්චි කරනවා ක‍ියලායි.

වැසි කාලය යන අරුත දෙන මෝසම කියන සිංහල වචනයට සමාන ඉංග්‍රීසි වචනය වන්නේ මොන්සූන්. ඒත්, මෝසම නම් වචනය හැදී තිබෙන්නේ ඉංග්‍රීසි වචනය වෙනස් කර ගැනීමෙන් හෙවත් තත්සම වීමෙන් ද කියා හරියට කියන්න අමාරුයි. වැසි කාලයට අරාබි භාෂාවේ යෙදෙන වචනයක් සිංහල මෝසම කියන වචනයට සමානයි. ඇතැම් විට, මේ මෝසම යනු අරාබි භාෂාවෙන් තත්සම වූ පදයක් වෙන්න පුළුවන්.

ඉංග්‍රීසියෙන් අධිකරණ කටයුතු හා අදාළව භාවිතා වන මෝෂන් කියන වචනයේ සිංහල පරිවර්තනයත් මෝසම යන තත්සම වදනයි. මෙහිදී මෝසම කියන්නේ අභියාචනයකට හෝ ඉල්ලීමකට.

සිංහල නීති වාක්කෝෂය වෙනත් භාෂාවන්ගෙන් අරගෙන එහෙමම යොදා ගන්නා තත්සම වදන්වලින් හා වෙනත් භාෂාවලින් අරගෙන වෙනස් කර ගත් තත්භව වදන්වලින් පිරිලා.

නීතිඥවරයා වෙනුවෙන් යෙදෙන බැරිස්ටර්වරයා යනු බැරිස්ටර් යන ඉංග්‍රීසි වදන තත්සම වීමක්. හැබැයි ඇඩ්වකේට් තත්භව කරගෙන අද්වකාත් කියා වචනයක් හදා ගත්තා. ගමේ මිනිස්සු මේ වචනය අබ්බගාත් ලෙසත් ව්‍යවහාර කරනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයට සුප්‍රීම් උසාවිය කියාත් කියනවා. අභියාචනාධිකරණයට සමහරු ඇපැල් උසාවිය කියනවා. ඇපෑල කියන්නේ ඉංග්‍රීසි ඇපීල් කියන වචනයේ තත්භව ස්වරූපයක්. මහේස්ත්‍රාත් වුණේ ඉංග්‍රීසියෙන් මැජිස්ට්‍රේට්. 

කන්ඩිෂන් කොන්දේසිය වුණා. වොරන්ට් ව‍රෙන්තුව වුණා. ජූරි ජූරිය වුණේ තත්භව ස්වරූපයෙන්.

නීති ශබ්ද මාලාවේ තිබෙන ඇතැම් වචන ලන්දේසි භාෂාවේ තත්සම හා තත්භව වචනයි. අප දැන් භාවිතා කරන රෝම ලන්දේසි නීති පද්ධතිය හඳුන්වා දුන්නේ ලන්දේසීහු ය. 

නීති කටයුතු ආරම්භ වන්නේ පොලිස් පොතේ දාන ඇන්ට්‍රියකින්. මේ එන්ට්‍රි කියන ඉංග්‍රීසි වචනයෙන් සකසා ගත් වචනයක්. ගැමියෝ මෙයට ඇන්ටරිය කියාත් කියනවා.

ඊට පස්සේ නඩුව. නඩුවට කේස්සෙක කියනවා. කේස් කියන වදන තත්භව ස්වරූපයෙන් ගෙන එක නම් සංඛ්‍යා නාමයත් සමග භාවිතා වෙනවා. ඉංග්‍රීසියේ කේස් නම් වදන යෙදෙන අර්ථයෙන් ම 'මාර කේස්සෙක' වැනි යෙදුම් ද භාවිතා වෙනවා.

අපරාධකාරයාට ඉංග්‍රීසියෙන් කියන ක්‍රිමිනල් නම් වදනින් තත්භව කරගෙන කිරිමෙල්කාරයා කියනවා. සැකකරුවකු රිමාන්ඩ් භාරයට පත් කරන විට අධිකරණයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නිකුත් කරන ලේඛනයකට කොමිටල් යයි කියනවා. දැන් බජාර් භාෂාවේ කොමිටල්කාරයා කියන්නේ අපරාධ චෝදනා ඇති අයෙකුටයි.

රිමාන්ඩෙකේ ඉන්න මිනිසුන්ට විසිට්ටෙක හරි වැදගත්.

ලයිසම, පෝර්මය, ගැසට්‍ටෙක හෝ ගැසට් පත්‍රය වැනි වදනුත් ඉංග්‍රීසි බසින් බිඳී ආ ඒවායි.

බැන අඬගහගන්නකොට 'මගෙන් අහගන්න එපා උඹේ පැටිගිරිය' යි කියන අවස්ථා තිබෙනවා. මේ පැටිගිරිය කියන්නේ පෙඩිග්‍රී කියන ඉංග්‍රීසි වදන සුඛෝච්චාරණයෙන් සකසාගෙන තිබෙන ආකාරයයි.

කොළඹ නගරයේ පැල්පත් නිවාසවාසීන් මත්ද්‍රව්‍ය නාශක පොලිසිය හඳුන්වන්නේ ‍නාකොටි කියලායි. මේ නකොටික් පොලිස් කියන වදන් සිංහලට සකස් කර ගත් ආකාරයයි. අපේ සිංහල ගැමියෝ කියන්නේ ග්‍රෙගරි ආණ්ඩුකාරයාට ගිරිගෝරිස් කියා කියපු, මිනුම්පති හෙවත් සර්වේයර් ජනරාල්වරයා‍ගේ කාර්යාලයට සර්ව ජනෙල් කන්තෝරුව කියපු සුන්දර මිනිස්සුනේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ඉස්සර උසාවියේ හිටියේ "ජජ්" වේ.දැන් ඉන්නේ "ජෝජ්"
    ඒ අලුත් ඉන්ගිරිසියයි.
    ඉස්සර "ෆයිනල්" කිව්වා එක දැන් "ෆිනාලේ" උන වගේ තමා

    ReplyDelete
    Replies
    1. ෆයිනල් සහ ෆිනාලේ වචන දෙකකි.final,finale.
      http://www.merriam-webster.com/dictionary/finale

      Delete
  2. මෝසම් (වැස්සට) අරාබි භාෂවෙන් කියන්නේ 'මවුසිම්' කියලා නේද?

    ReplyDelete
  3. පොල්මඃකාරයාට ඕලන්ද භාෂාවෙන් කියන්නේ ෆොල්මහ්ත් (volmacht) කියලා.

    ReplyDelete
  4. අද නම් සුන්දර ඉන්ගිරිසි පාඩම් මාළාවේ රස උතුරනවා. පැරා සැහැල්ලුවෙන් ලියන ළිපි මල් මසුරන්. මට මතක් උනේ අර බස් රස බස් ළිපිය.

    දැන් ගංවතුර තත්වේ කොහොමෙයි පැරා..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ පම්පෝරි ටිකක් මෙතන ලිහන්න...

      Delete
    2. මොන වගේ ඒවද මෙයා..

      Delete
    3. සීයගෙ බක් ෆියට් එකෙන් පටන් ගනිමු.

      Delete
    4. සීයගේ තිරික්කලේ බං.. අද තිබුනා නම්. එකේ බඳින්න උඹව ගන්න තිබුනා..

      Delete
    5. උඹව බැඳල ඉන්නෙ මරාගෙ තිරික්කලේනෙ..... සුද්දන්ට ඉන්ග්‍රීසි උගන්නපුව ගැන ලියපන්...

      Delete
    6. හැම සුද්දටම ඉන්ගිරිසි බෑ ගොනෝ..

      Delete
  5. Para should refer JB's sinhala jana wahara. he did a very good job with it.

    ReplyDelete
  6. ඉතාමත්ම ඉහළයි පැරා.. ලිපිය බොහොම රසවත් වගේම වැදගත්.ස්තුතියි

    ReplyDelete
  7. /* නඩුවට කේස්සෙක කියනවා. */

    මං නං හිතන්නේ නඩුවට කියන්න ඕනැ කෝට් කේස් එක කියලා කියායි.

    මොකද හැම කේස් එකක්ම නඩුවක් නොවෙයි නේ. බඩු කේස්, ගූ කේස්, වාත කේස්, චා කේස් වගේ කේස් ජාති තියෙනවානේ. ඒ නිසා!

    ReplyDelete
  8. කෙටියි

    හැඩයි

    රසයි

    මරු!

    ReplyDelete
  9. පැරා, මෝසම් කියන්නෙ උරුදු / හින්දි වලින් කාළගුණය කියන එකට. මේක සමහවිට සංස්කෘතෙන්ද දන්නෙ නෑ සිංහලේට ආවෙ.

    ReplyDelete
    Replies
    1. නෑ... නිරතදිග පැත්තෙන් කියලා කාළගුණෙන් කියලා තියෙන්නේ.

      Delete
  10. Wenada ape game kollo visheshayenma skole panthi wala passe peliye indapu set eka hamudavata bendila mul nivaduva awata passe mara kadu karayo wela awe. Machan mama charge eke eriya abscent case ekata ,Pereda ape camp eka stand two karala pole out kara kommadant awith inspection kara mulu billet ekama KKS valadi api attack karanakota terala hitiye range eken pita reinforcements navanam camp eka overunma thamai machan.casualties poddai une. Ape Co honda eka ban U kollange cigerette bageth illan gahana velaval thiyenava

    ReplyDelete
  11. පැරා,
    කන්තෝරුව කියන වචනේ ආවේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. kantoor (කන්තෝර්) කියන ඕලන්ද වචනයෙන්.

      Delete
  12. අද්වකාත්, නොතාරිස්

    ReplyDelete
    Replies
    1. advocaat (අද්වොකාත්).... notaris (නොතාරිස්) ...... මේවා ඕලන්ද වචන. සමහර විට ඒවා ඒ භාෂාවෙන් එන්න ඇති.

      Delete
    2. සමාවන්න.... ටයිපිං මිස්ටේක් එකක්.... advocaat කියන වචනය උච්චාරණය කරන්නේ "අද්ෆෝකාත්" කියලා.

      Delete
  13. මේ උප සංස්කෘතීන් එක්ක මුහු වෙලා වෙන්නෙ බාසාව පෝශණය වෙන එකද පිරිහෙන එකද. අහුබුදුගෙ හෙලුවෙන් වැනීම හොඳ නැද්ද?

    ReplyDelete
  14. අපූරුයි! ඔබේ සුන්දර ඉංග්‍රීසි ලිපි මාලාව බොහොම ආසාවෙන් කියවනව.

    ReplyDelete
  15. පැරා මේ ලිපි පොතක් කරමුද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා