වටරැක විජිත නාටකය

වටරැක විජිත නාටකය ගැන අපේ අදහස කුමක්දැයි අප‍ේ පාඨකයෙක් ඇසී ය.

අප වටරැක විජිත ගැන මුලින් ම කතා කළේ මීට අවුරුද්දකට පමණ පෙරයි. මෙන්න ඒ ලිපිය:

ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ (වටරැක විජිත හිමියන්ට පිළිතුරක්)

වටරැක විජිත බොදු බල සේනාවට අභියෝගයක් වන විට අපි ඔහු ගැන මෙසේ ලියුවෙමු. 

බොදු බල සේනාවේ පය පැටලුණ කොහොල්ලෑ තලිය වටරැක විජිත හිමි

වටරැක විජිත තමන්ට ම පහර දීගෙන ඇති බව පවසන පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරන්නට යයි. 

ඔහු එසේ තමන්ට ම පහර දී ගන්නට ඇත්තේ ඇයි? මොහු රටේ වෙදෙකුට වඩා ගමේ ගොඩේ මෝඩ පහේ හාදයෙක්  බව පෙනේ. ඔහු එසේ කර ගත්තා නම්, එයින් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඥානසාර නිකායේ ත්‍රස්තයන් තමන්ට පහර දුන් බව පෙන්වීමට විය යුතු ය. ඥානසාර නිකාය දැනටත් ඔහුට පහර දී ඇති අතර, ඊට වඩා අපරාධ කර අවසන් ය. ඒ නිසා වටරැක විජිතට පහර දුන්නා ය කියන එක එල්.ටී.ටී.ඊ. සංවිධානය මිනිහෙක් මැරුවා ය කියන්නා වැනි දෙයකි.

වටරැක විජිත මෙයින් බලපොරොත්තු වන්නට ඇත්තේ පිටරටකට පැන ගැනීමට වීසා ගැනීම ද? ඔහුට තිබෙන තර්ජන එවැනි දේකට දැනටත් ප්‍රමාණවත් ය.

ඔහු මේ කරන්නේ මුස්ලිම් අන්තවාදීන්ගේ කොන්ත්‍රාත්තුවකැයි කියන අය ද සිටිති. ඔහු වැනි බෞද්ධ භික්ෂුවකට අද කාලයේ සිංහල බෞද්ධ ජාතිවාදයේ සරණ ගියා නම් බී.එම්.ඩබ්ලිව්වලින් යන්නට බැරිකමක් නැත. 

ඔහු කිසියම් මානසික ගැටලුවකට මැදි වී සිටිනවා විය හැකි ය. අද අප ජීවත් වන්නේ, දායකයන් දානය, සිව්පසය නො දෙන, හාමුදුරුවරු පන්සලක රැකවරණ නො දෙන, සමස්ත සමාජයක් විසින් පිටුදකිනු ලැබූ මිනිසෙක් සිය අසරණකම තුළ පිස්සු වැටෙන එක තේරුම් ගන්නට පුළුවන් නිරෝගී සමාජයක නොවේ. 

ඔහු ඇත්තෙන් ම කළ වරදක් තිබේ ද? ඔහු මුස්ලිම් ජනයා ඇසුරු කළේ ය. එහි ඇති වරද කුමක් ද? ඕතොඩොක්ස් ක්‍රිස්තියානි සරසවියකින් නාමික උපාධියක් ගන්නට ගොස් දියවැඩියාව, හෘද රෝග ආදියෙන් ගිලන් වී, අධික සීතල පරිසරයක් දරා ගන්නට බැරිව, 'අපවත් කළ' සෝම හාමුදුරුවන්ගේ සිට ජාතිවාදී මහණුන් ඔහු මරාගෙන කන්නට හැදූ හේතුව ඔහු හාමුදුරුවරුන් විසින් වපුරන ලද මුස්ලිම් විරෝධී ජාතිවාදය පිටුදැකීමයි. 

මෑත කාලයේ ඔහුට විරුද්ධව පතුරුවනු ලැබූ අවලාදයට පසුබිම් වූ වීඩියෝව අපගේ මුල් ලිපිය සමග තිබේ. එහෙත්, එය ඔහු මුස්ලිම් පිරිසක් ඉදිරියේ කරන කතාවක් මිස ජාතිය අමතා කළ කතාවක් නො වේ. එහි වරදක් ඇත. එහෙත්, බුදුන්ගේ බුදු දහම අදහන හාමුදුරුවන් පිරිසක් සිටියා නම් ඔහුට ඒ වරද නිවැරදි කර ගන්නට අවස්ථාව දිය යුතුව තිබිණි. 

අවසානයේදී, වටරැක විජිත යනු අසරණ මිනිසෙකි. බොරු පැමිණිල්ලක් කළ බවට ඔහුට විරුද්ධව චෝදනාවක් එල්ල වී තිබේ. ඔහු කිසියම සංවිධානයකටබොදු බල සේනාවට හානියක් කරන්නට උත්සාහ කළ බව ඇතැමෙක් කියති. එහෙත්, බොදු බල සේනාවට තිබෙන චෝදනාවල හැටියට මේක කජ්ජකි. ඔහුට පාඩුවේ ජීවත් වන්නට දිය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. watareka wijith mewara rohalgatha karapugamanma ASATH sali hamuduruwo baywennaepa api obawa rekagannawa kiya idiripathuna emokoda?

    ReplyDelete
    Replies
    1. Ehema wenna aththe Vijitha thera , musalmaanuwan wenuwen yam suhadhashielie awakaasayak godanenu nisaa athiwoo saamanya prathi kampanaya heathukotagena wiyaheki noweada ?

      Delete
    2. විජිත හාමුදුරුවෝ මොන චේතනාවකින් මෙවන් ක්‍රියාවන් වල යෙදෙනවාද, අසාද් සාලිගේ චේතනාවන් මොනවාද කියන එක ඒ ඒ අයගේ සිත් තමයි දන්නේ. අපි ඔවුන් දිහා බලන්න වෙන්නේ දේශපාලනයේ නිරතවන්නන් හැටියටයි. අනික එදිරිවාදියා පොදුයි නිසා -යි-යි + වෙනවනේ. අපි නරක පැත්ත නොසිතා හොඳ පැත්ත ගැන හිතුවෝතින් අමාරුවේ වැටී අසහනයෙන් ඉන්න පුද්ගලයෙකුට සහනදායී පනිවුඩ දීම මනුෂ්‍ය ගුණයක් නේ.

      Delete
  2. @පැරා, ඊයේ රෑ මං හීනයක් දැක්කා. බුදුහාමුදුරුවො තීර්ථකයින්ගෙ ගෙයක් කඩන්න අනෙක් සංඝයා වහන්සේලාත් එක්ක යනවා... සොරි වඩිනවා. සැරියුත් මුගලන් දෙනම තමයි මුලින්ම ගියේ. සැරියුත් හාමුදුරුවෝ අලවංගුවක් උස්සාගෙන ගියා දෙන්නම් තොපිට... තොපිට අබ සරණයි කිය කියා. මුගලන් හාමුදුරුවෝ පැට්‍රල් කෑන් එකක් උස්සගෙන ගියා සියළු තීර්ථකයෝ ගිනිබත් වෙත්වා, මැරෙත්වා, දුකින් මිදෙත්වා කිය කියා මෛත්‍රී භාවනාව වඩ වඩා. බුදු හාමුදුරුවොත් නිකම් නෙවෙයි ගියේ යකෝ මේක බුදුන් උපන් රට තොපි තීර්ථකයෝ එනවද අපට අරින්න? තොපිට අබ සරණ වෙන්න දෙන්නම් කිය කියා. රාහුල පුංචි හාමුදුරුවොත් තොප්පියක් දා ගත්තු තීර්ථක පැටියෙක් පස්සෙ එලෙව්වා තොගෙ අම්මට අබ සරණ වේවා කිය කියා. අනේ අර තීර්ථක පැටියත් මර බයේ දුවනවා. අනාථ පිණ්ඩිකලා විශාකාලා තමයි මේ සේනාවට දාන මාන පහසුකම් සපයලා තිබුණේ. මේක හීනයක් විතරයි. මේ හීනේ තේරුම මොකද්ද? අර සෝම හාමුදුරුවෝ ප්‍රොමිස් වෙච්චි ධර්ම රාජ්‍යය දැන් පහළ වෙලා කියන එකද මේ හීනේ අර්ථය?

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ උඹත් දකින හීන! එතකොට ඔය ඔක්කොම වෙනකම් උඹත් හීනෙන් නිකම් ඒක බලාගෙන හිටිය, මොකුත් නොකර ංඈ?

      Delete
    2. machan oya heenaye theruma agal 8-9 pamana digu savimath wechcha mas wedellak ube paschath baagayen sareera byantharayta kida bahinawa kiyana wka....(eka konak kapaa etha) ( ketiyan kiwwoth hambayanata puka nodi thamunge wedak bala ganin!)

      Delete
    3. So funny brother.
      ما شاء الل

      Delete
    4. /ketiyan kiwwoth hambayanata puka nodi thamunge wedak bala ganin!/

      ඇත්තටම හීනෙදි බුදුහාමුදුරුවො කිව්වෙත් ඕකම තමයි, හැබැයි මෙන්න මෙහම පාලියෙන්.

      බහු දේවා මනුස්සාච
      හම්බයන්ට දෙත්ථං පුක්ඛං
      පුක්ඛංච නොදෙත්තං
      ත්වං නිබ්බානං ගච්ඡාමි

      Delete
    5. is this your buddhism? ano?? mutilating a great man's words. so it is true then, the BS is contracted to destroy buddhism, you are doing it now and here. We cant blame anyone else.

      Delete
  3. ලක්බිමේ පළවූ මෙම ලිපිය, එය මුද්‍රණය කර ඇති කඩදාසිය තරම්වත් නොවටී.

    ReplyDelete
  4. එහෙම කියන්න බැහැ. මේ ලිපියේ යම් කරුණු කිහිපයක් දක්වා තියෙනවා වටරැක විජිත විසින් මෙතක් ප්‍රතික්ෂේප නොකළ. ඔහුගේ සොහොයුරා මෙහම ප්‍රකාශයක් ලිපියේ කියන හැටියට පොලිසියට කරලා තියෙනව නම් විජිතට පුළුවන් ලෙහෙසියෙන්ම සොහොයුරාවත් එක්ක ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඇවිත් පොලිසිය චකබ්ලාස් කරන්න. ඔහු එසේ නොකිරීම නිසා පොලිසියේ ප්‍රකාශයට යම් වලංගු භාවයක් ලැබෙනවා. වටරැක විජිත මේ කරන්නේ රඟපෑමක් නම් එය අතිශයින් භයානකයි. මන්ද, බොදු බල සේනාවෙන් ඇත්තටම කාට හරි ගැහුවත් ඊට පස්සෙ සමාජය ඒ පුද්ගලයා විශ්වාස කරන්නෙ නැහැ.

    ReplyDelete
  5. Lankawe ugathun bahutharayakma antha jaathiwaadhienya. Mowun laboo ugathkamin lath pannaraya kumakda ? Mea gena matanam harima lajjai.

    ReplyDelete
    Replies
    1. උගත් කමයි, බුද්ධිමත් කමයි අතර අති දැවැන්ත වෙනසක් තියෙනවා ඇනෝ!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා