විමල්, චම්පික, ඇර සොයිසා ඇර!

ආණ්ඩුව මේ වන විට විමල්ට ගේම දෙමින් සිටින්නේ හිටගෙන ය. විමල් කෙළවා ගත්තේ ජවිපෙන් දොට්ට බැස්ස පසු දේශපාලන පක්ෂයක් හදනවා වෙනුවට තමන් වටේට ‍ගේම්කාරයන් පිරිසක් රැස් කරවාගෙන බෝඩ් ලෑල්ලක් අටවා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

විමල් සමග දේශපාලන පක්ෂයක් හැදීමට උත්සාහ කළ තරමක විනයක් සහිත කණ්ඩායමක් වූ කමල් දේශප්‍රිය මන්නවත්තලා‍ගේ කණ්ඩායම කැඩී යාම සමග නොම්මර එකේ අවස්ථාවාදීන් පිරිසක් සමග විමල් තනි විය. මන්නවත්තලාගේ කැඩී යාමට හේතු වූයේ ඔවුන්ගේම අධික උන්නතිකාමයයි. ඔවුන් සිතුවේ ක්ෂණිකව වැඩේ නැගලා යනු ඇති ය කියා ය. පළමු වටයේ ඡන්දවලදී විමල්ට හොඳ ප්‍රතිඵල නො ලැබෙද්දී ඔවුන් පසුබැස ගිය හ. එහෙත්, විමල් අල්ලාගෙන සිටියේ ය.

විමල් උත්සාහ කළේ තනි ගේමක් ගහන්නට ය. හරි නම් විමල්ට කරන්නට තිබුණේ ඔහුගේ පැරණි මිතුරු ඩලස් මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන එක ය. එහෙම ගොස් රාජපක්ෂ පවුලේ බැලයකු වෙන එක ය. එහෙත්, විමල් පක්ෂයක් හදාගෙන පක්ෂ නායකයකු ලෙස සන්ධානය සමග කේවෙල් කිරීමට සිතුවේ ය. එහෙත්, විමල් හදා ගත් පක්ෂය වනාහි ෆොන්සේකාගේ පක්ෂය වැනි ප්‍රතිපත්තියක්, විනයක්, මෙලෝ රහක් නැති එකකි. එය තනිකරම විමල්ගේ හයියෙන් දේශපාලනයේ එදිනෙදා පැවැත්ම තහවුරු කර ගන්නට හා පඩියක් උඩ‍ට නගින්නට බලා සිටින අවස්ථාවාදීන්ගේ ගුබ්බෑයමකි.

විමල් නටාගෙන එනකොට ආණ්ඩුව කළේ ඔහුගේ පක්ෂයේ සිටි දේශපාලන පෙන්දන් කීපදෙනෙකු තමන්ගේ පැත්තට ගැනීම ය. දැන් වෙන්නට යන දේ ගැන විමල්ට ඉ‍ව වැටී තිබේ. විමල් පසුගිය කාලයේ තම පක්ෂයේ ක්‍රියාකාරිකයන්‍ට හෝ සමීප පුද්ගලයකු නො වූ බව වාර්තා වේ. ප්‍රභූන් යයි සිතා සිටින මේ නරපණුවන් ඇසුරට වැටුණු විමල්ට තමන් ද එවැනි ප්‍රභූවරයකු යයි සිතෙන්නට ඇත. එහෙත්, දැන් නම් මහින්ද විමල් කරකවා අතහැර හමාර ය.

කෙසේ වෙතත්, විමල්, චම්පික වැනි අය ආණ්ඩුවෙන් ඉවතට විසි වෙනවා නම්, ඔවුන් ආරක්ෂා කර ගත යුතු ය. එයට හේතු කීපයක් තිබේ. එක පැත්තකින් මොවුන්ට ආණ්ඩුවෙන් හැමදාමත් ලැබෙන කොන්ත්‍රාත්තුව ජාතිවාදය ඇවිස්සීමයි. විමල් ආණ්ඩුවට දී තිබෙන කොන්දේසි 12 ද පදනම් වන්නේ සිංහල ජාතිවාදය හා දෙමළ විරෝධය මතයි. මොවුන් ආණ්ඩුවේ සිටියොත් කරන්නේ ජාතිවාදය අවුළන එක ය. එසේම, එළියට ආවොත් මොවුන්ට ඒ තරම් ජාතිවාදීන් වන්නට ලැබෙන්නේ නැත. මන්ද, රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව ජාතිවාදයට පැවතිය නො හැකි බැවිනි. මා කියන කරුණ ඔප්පු කරන්න‍ට හොඳ ම සාධකය ජවිපෙ ය. ආණ්ඩුවේ සිටින තාක් කල් ජවිපෙ දැමූ ජාතිවාදී සද්ද දැන් කෝ? පෙරටුගාමී සමාජවාදී පක්ෂය නම් දැන් ජාතිවාදයෙන් සෑහෙන්න අත්මිදිලා ය.

විමල්, චම්පික වැනි අයට අනාගත රාජ්‍ය නායකයන් වීමේ සිහිනය සැබෑ කර ගත හැක්කේ ඉන්දියා‍වේ මෝඩි පන්නයේ ජාතිවාදීන් වීමෙනි. ඒ කියන්නේ සිය ධනවාදී බලු බෙට්ට ජාතිවාදයෙන් ලස්සනට අයිසිං කර ගැනීමෙනි. එහෙම නැතිව පට්ට ජාතිවාදීන් වීම දැන් පැරණි විලාසිතාවේ වැඩකි. මෝඩිලා අයෝධ්‍යාහි හදපු රාම දේවාලයක් නැත. ජම්මු කාශ්මීර ප්‍රාන්තවලට ඉන්දීය ව්‍යවස්ථාවෙන් පිරිනමා තිබෙන විශේෂ බලතල අයින් කරන බවට සපථ කළත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව ඒවාට අත තිබ්බේ නැත.

ඒ නිසා චම්පිකලා, විමල්ලා, රතන හිමිලා වැනි ලංකාවේ ජාතිවාදී නායකයන් ද දැන් දැන් සිය ජාතිවාදය අයිසිං මට්ටමට වෙනස් කර ගත යුතු ය. ඔවුන් ඥානසාර සාදුලා වැනි ‍බ්‍රේක් නැති අහවලුන් විය යුතු නැත.

අපි සමාජවාදීන් ලෙස අරගල කරන්නේ ධනවාදයට විකල්ප සොයා ය. ‍එහෙත්, ආඛ්ඩුවේ ජාතිවාදී පසුගාමිත්වයට සාපේක්ෂව මෝඩි පන්නයේ ජාතිවාදයෙන් අයිසිං කළ ජාතිවාදී බලුබෙටි වුව ප්‍රගතිශීලී යයි අපි සිතමු.

ඒ නිසා, විමල්, චම්පික, ඇර සොයිසා ඇර!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ඔබ කියන සිංහල ජාතිවාදය ගැන තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? මේගැන ඔබ විග්‍රහ කරන ආකාරය පැහැදිලි මදි.

    ReplyDelete
    Replies
    1. ඉතා කෙටියෙන් කිව්වොත් සිංහල ජාතිවාදය කියන්නේ මේ රටේ දැන් පවතින සිංහල ජාතික හා බෞද්ධ ආගමික ආධිපත්‍යයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී නො වන රාජ්‍ය දේශපාලනය ජාතික සමානාත්මතාව තහවුරු වන අන්දමේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය ‍ප්‍රතිසංස්කරණයකට භාජනය කරනවාට විරුද්ධ අයයි.

      Delete
    2. අජිත් වාදෙකට නොවෙයි. නමුත් ප්‍රංශය බුර්කාව තහනම් කරනකොට එයින් හැඟෙන්නේ මහා ජාතිය සුළු ජාතින් මත පටවන "ආගමික/සමාජීය ආධිපත්‍යය" නොවේද ? චීනය වීගර් මුස්ලිම් ජන කොටස් වලට කරන අඩත්තේට්ටම් වලින් පෙන්වන්නේ හන් මහා ජාතිය සුළු ජාතින් මත පටවන "ආගමික/සමාජීය ආධිපත්‍යය" නොවේද ? මැලේසියාවේ භුමි පුත්‍රයෝ කරන්නෙත් සුළු ජාතින් මත "ආගමික/සමාජීය ආධිපත්‍යය" පටවන එක නොවේද ?.

      ඔබේ "ජාතික සමානාත්මතාව තහවුරු වන අන්දමේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය" මේ ලෝකේ කොහෙද තියෙන්නේ/තිබ්බේ ? :o

      Delete
    3. උතුරු කොරියාවේ තියෙනවා කියලා එහේ ගිහින් ආපු එකෙක් කිව්වා.

      Delete
    4. ජාතික සමානාත්වතාව තහවුරු වන අන්දමේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය කිහිපයයි ලෝකයේ ඇත්තේ. කැනඩාව, නව සීලන්තය සහ තරමක් දුරට ඕස්ට්‍රේලියාව ඒ අතරට වැටෙනවා. ෆින්ලන්තයත් සමහර විට ඒ ගොන්නට අයිතියි.

      Delete
    5. ජාතික සමානාත්මතාව තහවුරු කරන්න උත්සාහ කරන එකේ වැරැද්ද මොකක් ද?

      Delete
    6. @මහසොහොන් පිල්ලිය

      (අජිත් වාදෙකට නොවෙයි. නමුත් ප්‍රංශය බුර්කාව තහනම් කරනකොට එයින් හැඟෙන්නේ මහා ජාතිය සුළු ජාතින් මත පටවන "ආගමික/සමාජීය ආධිපත්‍යය" නොවේද ? චීනය වීගර් මුස්ලිම් ජන කොටස් වලට කරන අඩත්තේට්ටම් වලින් පෙන්වන්නේ හන් මහා ජාතිය සුළු ජාතින් මත පටවන "ආගමික/සමාජීය ආධිපත්‍යය" නොවේද ? මැලේසියාවේ භුමි පුත්‍රයෝ කරන්නෙත් සුළු ජාතින් මත "ආගමික/සමාජීය ආධිපත්‍යය" පටවන එක නොවේද ?.

      ඔබේ "ජාතික සමානාත්මතාව තහවුරු වන අන්දමේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය" මේ ලෝකේ කොහෙද තියෙන්නේ/තිබ්බේ ? :o )

      ඵකදාස් පන්සියගනන් වලින් පස්සේ ඵ් කියන්නේ ශුද්ද රෝම අධිරාජ්‍ය බිදවෑටිලා යම් කාලයකට පස්සේ ලෝකේ ප්‍රධාන රාජ්‍යන් බිහිඋනේ ජාතික රාජ්‍යන් වශයෙන්නේ.
      ඵ් කියන්නේ ඵක් ජාතියකට ඵක් රාජ්‍යක්.
      මිනිස්සු තාම ඵ් ක්‍රමයට බෑදිලයි ඉන්නේ.
      නමුත් ප්‍රoශය වගේ රටවල( ජාතික රාජ්‍යන්වල ) නෑගී ඵන මුස්ලිම් අන්තවාදී වි‍යාප්තවාදී රෑල්ල , අන්තවාදයට ගොදුරු නොවුනු ජනතාවගේ සිත් රිදවීමට සමත් වෙලා තියනවා.
      විශේශයෙන් අන්තවාදී මුස්ලිමුන් ගර්භාශ ප්‍රතිපත්තිය වගේ විකෘති ක්‍රමවේද පාවිච්චිකරමින් ඵ අයගේ සිහින ආගමීක ෆෑන්ටසිය මුදුන්පමුනුවාගන්නට උත්සාහකරනවා.
      මේ ප්‍රවනතාවට පිලිතුරක් වශයෙන් තමා ප්‍රශයේ බුර්කා තහනම ගේන්නේ.
      ඵ්ක සුලුජාතියට ඵරෙහිව කරන ප්‍රහාරයක් ,කියන තෑනට ලඝු කරන ඵක හරි අසාධාරණයි ප්‍රoශයේ සුලුජාතියක්ව සිටියත් ලෝකයේ මහා පරිමානයෙන් හමාගෙන යන මුස්ලිම් අන්තවාදී මෝඩ උත්සාහයට මුහුනදෙන්න ගත්ත යම් ප්‍රාතමික පියවරක්.ජාතික රාජ්‍යක් වන ප්‍රoශයට ඵහෙම කරන්න අයිතියක් නෑ කියන්න බෑ.
      චීනයේ උනත් උයිගර් ප්‍රශ්නය, උයිගර් වරුන්ගේ ප්‍රස්නයකට වඩා ලෝක අධිරාජ්‍යවාදය සමග බෑදුනු දෙයක් විදියටයි අපි දකින්නේ.
      ඈත්තටම චීනය බිදවට්ටන්න ඔන කමට උයිගර් මුස්ලිම් ප්‍රජාවගේ අන්තවාදීන් කීපදෙනෙක් අල්ලගෙන කරන සියුම් ගේමක් මේක.
      මේවා වගේ අවස්තා ලෝකේ ඔනතරන් අපි දෑකලා තියනවා.ඈෆ්ගනිස්තානේ චෙච්නියාවේ,යුගෝස්ලෝවියාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ පවා.........මේ ඔක්කොම ශක්තිමත් රාජ්‍යන් බිදවට්ටන්න ගෝලීය ධනවාදීන් විසින් ගෙනඵන කුහක ප්‍රවනතා.අද යුක්‍රේනේ වෙලා තියෙන්නෙත් ඵක සිරියාවෙත් ඵහෙමයි.
      මේ පිටුපස ලෝක ත්‍රස්ත සoවිධානය CIA වගේම ඵකේ බලු කුක්කා අල් කයිඩා සoවිධානය ඉන්නවා.කොටින්ම උයිගර් බෙදුම්වාදී නායිකා 'රේබියා කදීර්' ජීවත්වෙන්නේ ඈමරිකාවේ රාජ්‍ය ආරක්ශාව සහිතව.
      මුස්ලිම් අන්තවාදයට විරුද්දව තමන් සටන් කරන බව කියන ඈමරිකාව අනික් අතින් අල් කයිඩා සහ උයිගර් මුස්ලිම් අන්තවාදී ඵක්ක මගුල් කනවා ඵ් යගේ ගොලීය අවශ්‍යතා වෙනුවෙන්.
      හරියට ලoකාවේ ඊලමට පක්ශව කොටින් ඵක්ක ගනුදෙනු කලා වගේ වගේ.

      මේ හෑම දෙයක්ම ගෝලීය ධනවාදය ඵක්ක බෑදුනු අන්තවාදී ප්‍රවනතාවල ප්‍රතිපල.ඈත්තවශයෙන්ම අපි ජාතික සමානතාවය ඈතිරනන්න නම් මේ දුස්ඨ බලවේග තේරුම් අරගෙන ඵවාගේ මුල් තේරුම් අරගෙන ඵ්වාට පිලියම් යෙදියයුතුයි.ජාතික සමානතාවයට ඵරෙහිව මොන දේ උනත් ඈමරිකන් අධිරාජ්‍යවාදය ඵ් පිටිපස්සේ ඉන්නබව පෑහෑදිලිව පිරිසිදුව පේනවා.
      ඈත්ත වශයෙන්ම අන්තවාදය බිහිකිරීම පෝශනය කිරීම සහ ඵ් තුලින් නිදහස් රාජ්‍යන් අවුලෙන් අවුලට පත්කිරීම ගෝලීය දනවාදයේ ඵක සාර්තක උපකරනයක්.
      ඊට පිලියම් සෙවීම සමාජවාදීන් සතු වගකීමක් .ඈත්ත වශයෙන්ම අන්තවාදය බිහිකිරීම පෝශනය කිරීම සහ ඵ් තුලින් නිදහස් රාජ්‍යන් අවුලෙන් අවුලට පත්කිරීම ගෝලීය දනවාදයේ ඵක සාර්තක උපකරනයක්.
      ඊට පිලියම් සෙවීම සමාජවාදීන් සතු වගකීමක් ඈත්ත වශයෙන්ම අන්තවාදය බිහිකිරීම පෝශනය කිරීම සහ ඵ් තුලින් නිදහස් රාජ්‍යන් අවුලෙන් අවුලට පත්කිරීම ගෝලීය දනවාදයේ ඵක සාර්තක උපකරනයක්.
      ඊට පිලියම් සෙවීම සමාජවාදීන් සතු වගකීමක් මිත්‍රයා.

      Delete
    7. @Maathalan
      oh! dont get me started on that again :)

      @AnonymousJune 7, 2014 at 7:20 AM
      හ්ම්ම්ම්. හිතල බලන්න ඕන

      @Ajith Perakum
      Mr දියබරියා

      @AnonymousJune 7, 2014 at 12:11 PM
      දීර්ඝ පැහැදිලි කිරීමට ස්තුතියි
      ඔබගේ පැහැදිලි කිරීමේ මුල් කොටස සමග මමත් එකඟයි. ඒකම තමයි ප්‍රශ්නයේ පදනමත්. ජාතිකත්වය මත පදනම් වෙච්ච වර්තමාන රටවල් (ධනවාදී/සමාජවාදී/ පලවන/තුන්වන ) වෙන ජාතියක් තම රට තුල වෙනම අනන්‍යතාවයක් හදාගනිමේදී මහ ජාතිය දක්වන ප්‍රතිරෝධය. "ප්‍රoශයට ඵහෙම කරන්න අයිතියක් නෑ කියන්න බෑ " කියන සමාජවාදී සහෝදරයා සිංහල යන් එහෙම කරනකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ මොකද ?

      දෙවෙනි කොටස නම් නම් ටිපිකල් සමාජවාදී බුල් ෂිට්. සිතල යුද්ධ කාලේ පෙන්ටගනය වගේම ක්රෙම්ලිනයත් , බිජිංනුත් හරි හරියට තමන්ගේ ගෝලීය අවශ්‍යතා සඳහා ත්‍රස්ථාවාදීන්ට උදවු කරානේ. දෙපැත්තේම වැඩ අපි දැක්කනේ.

      "අන්තවාදය බිහිකිරීම පෝශනය කිරීම සහ ඵ් තුලින් නිදහස් රාජ්‍යන් අවුලෙන් අවුලට පත්කිරීම ගෝලීය දනවාදයේ ඵක සාර්තක උපකරනයක්."
      ධනවාදයේ විතරක් නොවේ සමාජවාදයේත් උපක්‍රමය එක තමයි. හැබැයි සහෝදරයින්ට උං ත්‍රස්ථාවාදීයෝ නෙමෙයි. කොමරෙඩ් ල.

      "ඊට පිලියම් සෙවීම සමාජවාදීන් සතු වගකීමක් මිත්‍රයා."
      එක වසක් වෙනුවට වෙන වසක්. No thanks.

      Delete
    8. @ AnonymousJune 7, 2014 at 7:20 AM
      ////ජාතික සමානාත්වතාව තහවුරු වන අන්දමේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය කිහිපයයි ලෝකයේ ඇත්තේ. කැනඩාව, නව සීලන්තය සහ තරමක් දුරට ඕස්ට්‍රේලියාව ඒ අතරට වැටෙනවා. ෆින්ලන්තයත් සමහර විට ඒ ගොන්නට අයිතියි.////

      මේ මාතෘකාවට අදාළ නොවුනත්...දැණගැනීම සඳහා අහන්නේ...

      මේ වර්ගීකරණය අනුව බ්‍රිතාන්‍ය කුමන තැනකද ඉන්නේ?

      Delete
    9. Feeling sorrow about this writer……This is a direct apply of “ Pasbara theory” want some evidence ???
      here u go “ඒ නිසා චම්පිකලා, විමල්ලා, රතන හිමිලා වැනි ලංකාවේ ජාතිවාදී නායකයන් ද දැන් දැන් සිය ජාතිවාදය අයිසිං මට්ටමට වෙනස් කර ගත යුතු ය.and cont……”

      Delete
  2. /* අයිසිං කළ ජාතිවාදී බලුබෙටි */

    විමල් ආණ්ඩුවෙන් හැලෙයිද කියා ප්‍රශ්ණ කරමින් "සෙරන්ඩිබ් ඔටුවා" උපුටා දැමූ කේ.ඩබ්ලිව්. ජනරංජන ගේ ලිපියකට මා දැමූ කමෙන්ටුව මෙසේය.

    ===================================
    මට නම් බලු බෙට්ටක් කුණු ගොඩේ තිබුණත් එකයි, පැත්තකින් තිබුණත් එකයි.

    වැඩේ කියන්නේ සැතපුම් දාස් ගානක් දුර ඔටු දේසෙටත් මේ බලු බෙට්වල කුණුගොඩවල්වල ගඳ එන එකනේ.
    ===================================

    http://otukatha.blogspot.com/2014/05/blog-post_30.html?showComment=1401495878349#c1603368385240925851

    ReplyDelete
  3. අසාර්ථක ධනවාදයට ජාතික සමානාත්මතාවය ඈතිකරන්න තියා ඵ් ගෑන හිතන්න වත් බෑරිය.
    මුන් කරන්නේ හෑමතෑනම ජාතික අසමානතාවයන් ඈතිකර ඵ්වායින් අවුල් නිර්මාණය කර මුන්ගේ කාලකන්නි ක්‍රමය පවත්වාගෙන යන ඵකය.
    ක්‍රිස්තියානි අන්තවාදී කාලකන්නියා ඔබාමාද මුස්ලිම් අන්තවාදී කාලකන්නියා අබ්දුල්ලා රජ්ජුරුවෝද මේ හෑම කාලකන්නියාම ඵ් ඵ් ජාතීන්ගේ ජාතිවාදයන් අවුස්සා මීහරක් ජනතාව මoමුලා කර හෑමදාම වාසි ගනී.උන්ගේ ක්‍රමය පවත්වාගෙන යයි.
    ඈමරිකාව දුවන්නේ සවුදි තෙල් වලිනු, සවුදි රජ පවුලේ උන් ගහන්නේ ඈමරිකන් බඩුය.
    ගොබ්බ ජනතාව ලොවෙත් නෑති අල්ලෙක්ට සහ දෙවියන් වහන්සෙක්ට වහවෑටී ඵකිනෙකා මිනී මරා ගනිති(මමද උපතින් කිතුනුවෙක්මි )
    හෑමදාම මූසල අබ්දුල්ලාලගේ , මූසල ඔබාමාලගේ , සහ CIA සoවිධානයේ හෙඩ් ඔපිස් ඵක මූසල වතිකානුවේ බලය වෙනුවෙන් මෙන්ම රාජපස්සලා මෝඩිලා වෑනි ප්‍රාදේශීය අවස්තාවාදීන්ගේ බලය වෙනුවෙන් ජාතික අසමානතාවයන් කරට ගෙන මිනී මරාගන්නා බූරු මීහරක් මහජනතාව අපි වෙමු.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    නමුත් මේ ගේම තේරුම්ගතහෑක්කේද අපිටමය.ඵය වෙනස්කල හෑක්කේද අපිටමය.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  4. "ජාතික සමානාත්මතාව තහවුරු කරන්න උත්සාහ කරන එකේ වැරැද්ද මොකක් ද?"
    ---------
    පැරා .
    ඔබේ ඔලුවට එන බහු බුත අනුව විතරක් රටක පැවැත්ම සිදුවිය යුතු ආකාරය තීරණය කිරීම වැරදියි. මේ රටේ පැවැත්ම තිරනයවූ අඛණ්ඩ අලිඛිත ව්‍යවස්ථාවක් මේ රටේ තිබුනා.ඒ අණුව තමයි 1818 උඩරට ගිවිසුම මගින් මේ රටේ පාලනයේ භාරකාරත්වය සිංහලයන්ගෙන් ඉංග්‍රීසින්ට ලැබුනේ.(පැරා පළමුව මේ උඩරට ගිවිසුම කියවල ඉන්න. මෙහෙම ගිවිසුමක් මගින් තමයි ඉංග්‍රීසින් නවසීලන්තයේ පාලන බලය එකේ මුල් අයිතිකාරයන්වූ මෞරි වරුන්ගෙන් ගත්තෙත්) ) එහෙම නැතුව ඉංග්‍රීසින් මේ රට යටත් කළා නෙමෙයි.එහෙම භාර ගත් රට 1947දි ඉංග්‍රීසින් ඒ අන්දමින්ම අපිට සිංහලයන්ට භාර නොදීම තමයි වැරැද්ද. ඒ වැරැද්ද දැන්වත් හදන එක හරි නැද්ද?

    ReplyDelete
    Replies
    1. @. හසලක.
      ප්‍රශ්න මතු වෙන ඒක හොඳ ලකුණක්. එවා නිරාකරණය කර ගන්න නම් සිංහල බෞධයන් සමග ඉංග්‍රීසින් විසින් ඇතිකරගත් උඩරට ගිවිසුමයි නවසීලන්තයේ භුමි පුත්‍රයන් වන මෞර්යයන් සහ ඉංග්‍රීසින් ඇති කරගත් ගිවිසුම සමගයි සංසන්දනය කරන්න ඕනෑ. සිංහලයන්ට නම් ගිවිසුම අත්සන් කර වසර 2ක් යන කොටම 1818දි තමන් රැවටුන බව තේරුනත් නවසීලන්තයේ මෞර්ය ජාතිකයන්ට ඒක දැන් තමා යන්තමින් දැනෙන්නට පටන්ගෙන තිබෙන්නෙ

      Delete
  5. ////විමල්, චම්පික වැනි අයට අනාගත රාජ්‍ය නායකයන් වීමේ සිහිනය සැබෑ කර ගත හැක්කේ ඉන්දියා‍වේ මෝඩි පන්නයේ ජාතිවාදීන් වීමෙනි. ///////
    ++++++++++++++++++++

    ReplyDelete
  6. 1948
    -1818
    ---------
    130
    අවුරුදු 130කට පසුව ගත්තු රට එහෙම ම දෙන්න බැරි බව ‍තේරුම් ගන්න. අනෙක් පැත්තෙන් සුද්දා අපට දුන්නේ නවීකරණය කරපු රටක්.

    ඔය අවුරුදු 130ත් අයිති අපේ ම ඉතිහාසයට තමයි. එහෙම නැතිව ඒක පිටසක්වල ඉතිහාසයක් නෙමෙයි.

    ඒ නිසා 1818දී හෝ ඊට පෙර තිබුණු තත්වය ගැන ඔබගේ උපකල්පන, පරිකල්පන වත්මන් ගැටලුව විසඳීමේදී එතරම් අදාළ වන්නේ නැහැ.

    2018 වන විට ඉන්නේ 1818 සිංහලයන් නොවෙයි. එදා සිටි දෙමළ අයත් නොවෙයි. දැන් අපි නවීන සිංහල ජාතියක්. ඒ වගේ ම තමයි දෙමළත්.

    අද අප මුහුණ දෙන ප්‍රශ්නයට උඩරට ගිවිසුමෙන් විසඳුම් හොයන්න බැහැ. විසඳුම තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම තුළ.

    ReplyDelete
    Replies
    1. පැරා,
      ඔබේ අදහස උගුලක පැටලිලා තම වල්ගය අහිමි කර ගත් නරියාගේ කතාව සිහියට ගෙන එනවා.ඔබට ඉතිහාසයක් නැති නැති උනත් තම හත්මුතු පරම්පරාවේ පැටිකිරිය දන්නා අය මේ රටේ තවමත් ඉන්නවා.

      Delete
    2. ඔය පැටිකිරියෙන් කරන්න පුළුවන් කැකිරි ගෙඩිය මොකක්ද?

      අපි තේරුම් ගන්න ඕනැ අද දවසේ ප්‍රශ්නයි.

      අපි ඒවා විසඳා ගන්න ඕනැ අතීතය දිහා බලාගෙන නෙමෙයි. අනාගතය දිහා බලාගෙනයි.

      Delete
    3. පැටිකිරියක් නැති කෙනෙක් එහෙම හිතන එක එයාගේ පැත්තෙන් එයාට හරි වෙන්න පුළුවන්. ඒකෙ තියෙන වැරැද්ද නම් තම පුද්ගලික අද්දැකීම මුළු මහත් රටටම ආදේශ කිරීමට යන එකයි . මේ රටට වසර 2500කත එහා ගිය පැටිකිරියක් තියෙනවා.මේ රටේ ඉතිසාසය නිර්මාණය කර ඇත්තේ සිංහල බෞධයන් විසින්ය. සෙනරත් රජ්ජුරුවෝ විසින් පෘතිගිසින්ගෙන් හානියට පත් මුස්ලිම් ජනතාවට දැක්වූ සහනශීලි ප්‍රතිපත්තියේ අනිටු පලවිපාක අද ජාතියක් වශයෙන් අප විඳිනවා . එමෙන්ම නේරු -කොතලාවල ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමේ වගේම සිරිමා -ශාස්ත්‍රී ගිවිසුම අමන විදියට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය මෙන්ම,වතුකරයේ දෙමල අය කිලිනොච්චියට යැවීමේ J.R.ගේ මෝඩ තීරණය වගේම මාදුරු ඔය සිංහල ජනතාවට පහරදී එලවීමේ අනිටු විපාකද අප රට මැනවින් අද්දැක තිබෙනවා. මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගෙන ගන්නා තීරණ වැරදි බව නොවේද?

      Delete
  7. මා විමල් වාදියෙකු නොවෙි නමුත් ලාංකේය දේශපාලනයේ විමල් භූමිකාව අපට අමතක කළනොහැක ඔය පිටුගනන් පුරවමින් දෙස්තියන මහත්වරැන්ට වඩා ඔහු නොඹියව වෙීලුපිල්ලේ ප්‍රරභාකරන්ට අභියෝග කලේය එලෙසම එම අභියෝගය ඔහු ජය ගත්තේය.එලෙසම ඔය කෑගහන මහත්වරැ බටහිර එන්ජිඔ මතය සිංහල සමාජය තුල වපුරමින් බඩගෝස්තරය සොයාගන්නවාට අමතරව රටට ජාතියට පොදුවෙි කළ යමක් තිබෙිද?.මෙහි එන අනෙක් කාරනය වන්නේ සිංහල ජාතිය ගැන කතාකරන කවරෙකු වුවද ජාතිවාදියෙකු ලෙස හංවඩුගැසීමට මෙම ලියනඅප්පුලා කිසිවියෙක පසුබටනොවෙයි,සමිබන්දන්ලා,හකීමිලාගේසිට අනෙකුත් සුඵජාතික දේශප්‍රේමින් ගැන කිසි හාවක් හුවක් මොවුන්ට නැත.

    ReplyDelete
    Replies
    1. ඔවුහු දෙමළ ජාතිවාදියෝ ය.

      එහෙත් ඔවුන් පීඩිත සුළු ජාතීන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නිසා අපි ඔවුන් ගැන සානුකම්පිත වෙමු.

      පීඩක ජාතිවාදීන් වුව අඩු තරමේ තමන්ගේ ජාතියේ හෝ ප්‍රජාතාන්ත්‍රික හිමිකම් තහවුරු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම් අපි ඔවුන් අගයන්නට පසුබට වන්නේ නැත.

      Delete
    2. Why did not VP ever tried to assassinate WV, that was because he was never been a threat to VP. but he got rid of JFP, so WV may have been way below JFP in VPs ranking. or never considered to be included. Wimal is a leech.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා