දෙමළ, මුස්ලිම්, ක්රිස්තියානි බලවේගවලට එරෙහිවීමට අපට ගට නැද්ද?
අපි සුළුතර අයිතිවාසිකම් ගැන නිතර ලියන්නෙමු. මෙහිදී අපි ජාතික සුළුතරයන් ගැන පමණක් නොව කුල, ලිංගික ආදී වෙනත් සුළුතරයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටින්නෙමු. නිදසුනක් ලෙස අපි පීඩාවට පත් ලිංගික සුළුතරයක් වන සමරිසියන්ගේ හිමිකම් ගැන පෙනී සිට ඇත්තෙමු. ඇතැම්විට සමාජයේ බහුතරය වන පිරිසුත් සුළුතරය සේම පීඩනයට පත්වන අවස්ථා තිබේ. හොඳම නිදසුන් වන්නේ ස්ත්රීහු සහ කම්කරු පංතියයි. අපි හැමවිටම පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිමු. පීඩකයන්ගේ අයිතිවාසිකම් අපට අදාළ නොවේ. නිදසුනක් ලෙස ලංකාවේ පීඩිත ජනතාව තලා, පෙළා, සූරා කා සැප විඳින පාලක කණ්ඩායමගේ හිමිකම් ගැන කතා කිරීම අපට අදාළ නැති දෙයකි. අප සාමාන්යයෙන් බහුතර හෝ බලවත් ප්රජාවන්ගේ හිමිකම් ගැන ලියන්නට වෙහෙසෙන්නේ නැත. හේතුව ඒ පිළිබඳව ලියන්නට ඕනෑතරම් මාධ්ය තිබෙන නිසාය. හැමෝම ලියන දෙයක් අපත් නැවත ලියන්නේ කුමටද? අපි මාධ්ය දෙස බල න් නේ සමස්තයකු තුළය. අපේ මාධ්යය පමණක් අනන්ය කරගෙන නොවේ. අපි ජාතිවාදයටත්, සුළු ජාතික හිමිකම්වලටත් යන දෙකටම මාකට් ලෙස සලකා ආමන්ත්රණය කරන සිරසක් හෝ ලංකාදීපයක් නොවේ. ලංකාවේ බෞද්ධ සම්ප්රදායන් තුළ කෙරෙන ඇතැම් අමානුෂික ක්රි යා ...