උතුරේ වර්ග කිලෝ මීටර් 400ක භූමියක බිම් බෝම්බ හා නො පුපුරන ලද පුපුරන ද්‍රව්‍ය ඒකක ලක්ෂ 15ක්
(2009 නොවැම්බර් 11 - W3Lanka ) උතුරේ වර්ග කිලෝ මීටර් 400ක භූමියක බිම් බෝම්බ හා නො පුපුරන ලද පුපුරන ද්‍රව්‍ය ඒකක ලක්ෂ 15ක් විසිරී ඇති බව රජය තක්සේරු කර ඇති බව එක්සත් ජාතීන්ගේ ආරංචි මාර්ග පවසයි. මෙම ප්‍රමාණය එම ප්‍රදේශයේ පදිංචිව සිටි ජනයාට එක් පුද්ගලයාට වාර බොහෝ ගණනක් අනතුරු සිදු වීමට වුව ප්‍රමාණවත් විය හැකි ය. මෙම අනතුරුදායක ද්‍රව්‍ය යැඩි වශයෙන් විසිර පවතින්නේ යුද්ධයේ අවසාන අදියර දියත් වූ රජය විසින් ප්‍රකා්‍ශයට පත් කරන ලද යුද මුක්ත කලාපයේ වීම ද විශේෂ ලක්ෂණයකි. මෙම අනතුරුදායක තත්වය නිසා මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්වල අවතැන් වූ ජනයා නැවත පදිංචි කිරීම බෙහෙවින් ප්‍රමාද විය හැකි බව රජයේ ආරංචි මාර්ග පවසයි. යුද්ධයේ අවසාන අදියරේදී අවතැන් වූ ජනයා අතරින් 108,000ක් යළි පදිංචි කරන ලද බව රජය පවසයි. මොවුන් වැඩි දෙනෙකු යළි පදිංචි කර ඇත්තේ, වවුනියා, යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්වලයි. සුළු පිරිසක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද පදිංචි කර තිබේ.