Posts

Showing posts with the label මහින්ද සමරසිංහ

ලේකම් රජීව විජේසිංහ කරන දේ ගැන ඇමති මහින්ද සමරසිංහගේ වගකීමක් නැතිලු

Image
(2009 දෙසැම්බර් 25 -  W3Lanka )    දෙසැම්බර් 23 වැනිදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාසරත් ෆොන්සේකා‍ සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප‍්‍රකාශය නිසා ශී‍්‍ර ලංකාවේ ති‍්‍රවිධ හමුදාව අසීරු තත්ත්වයකට පත් වී ඇති බව පැවසීය. එහෙත් ෆොන්සේකා  ම, තමා මෙවැනි ප‍්‍රකාශයක් නොකළ බව පැහැදිලිව කියා ඇති බැවින්, එසේ ප‍්‍රතික්ෂේප කළ කාරණයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ශී‍්‍ර ලංකා රජයට චෝදනා කිරීම පදනම් විරහිත නිසා ජගත් සංවිධානයෙන් එවා ඇති ලිපිය ඉල්ලා අස් කර ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව මානව හිමිකම් අමාත්‍යංශයේ ලේකම් රජීව විජේසිංහ යවා ඇති පිළිගුරු ලිපිය පිළිබඳ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදිනියක නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ එම ප‍්‍රකාශය පිළිබඳව තමාගේ වගකීමක් නැති බවයි. රජීව විජේසිංහ ආරම්භක අවස්ථාවේ දී මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සිටිය ද, ප‍්‍රශ්න අසන අවස්ථාවේදී ඔහු එතැනින් ඉවත්ව ගොස් තිබුණි.

වලිගය විසින් බල්ලා වැනීම

Image
අජිත් පැරකුම් ජයසිංහ බ්‍රිතාන්‍යයේ චැනල්-4 රූපවාහිනියේ ප්‍රචාරය වූ ලංකාවේ යුද්ධය හා සම්බන්ධ වීඩියෝ පටය ව්‍යාජ එකක් බව රජයේ හා රජයට පක්ෂපාත ස්වේච්ඡා විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ. සැප්තැම්බර් 14දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අමතන ආපදා කමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මෙම වීඩියෝ පටය පිළිබඳව ද සඳහන් කරමින් මෙවැනි තහවුරු නොවූ දත්ත විකාශනයන් නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය. මෙම නාටකය නැරඹූ අපට කලකට ඉහතදී නැරඹූ අපූරු චිත්‍රපටයක් සිහිපත් විය. 1997දී බැරී ලෙවින්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද රොබට් ඩි නීරෝ හා ඩස්ටින් හොෆ්මාන් ප්‍රධාන චරිත රඟපාන Wag the Dog (වලිගය විසින් බල්ලා වැනීම) නම් සිනමා පටයෙහි කතාව වන්නේ ලිංගික අපචාරමය සිද්ධියක් හේතුවෙන් නැවත පත් වීමේ ජනාධිපතිවරණයකට දෙසතියකට පෙර මහත් අපහසුතාවකට පත්ව සිටින එක්සත් ජනපද ජනාධිපතිවරයකු වෙනුවෙන් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා හොලිවුඩ් සිනමා නිර්මාපකයකු යොදාගෙන ඇල්බේනියාව සමග ව්‍යාජ යුද්ධයක් මාධ්‍ය ඔස්සේ නිර්මානය කරන ආකාරයයි. බල්ලා විසින් වලිගය වනනු වෙනුවට වලිගය විසින් බල්ලා වැනීමේ සංසිද්ධිය ලංකාවේ ...

මානව හිමිකම් ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් සුදු වෑන් රියකින් උස්සලා

(2009 අගෝස්තු 04 - W3Lanka) මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බන්ධීකරණ නිලධාරි ශාන් ජයසිංහ නමැති අය සුදු වෑන් රියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.  මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු මානව හිමිකම් ඇමතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිකු වන මුත්, ප්‍රදේශවාසීන් පවසන්නේ ඔහු පාතාල කල්ලි නායකයකු බවයි.  රජය දැන් පාතාල කල්ලි මර්දනය කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබේ.

රෝහිතගේ තනතුර මහින්දට

Image
(ජුලි 21, 2009 - W3Lanka) අධික ලෙස පිටරට යාම හා සීමාන්තික වියදම් පිළිබඳ චෝදනාවලට ලක් වී සිටින විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගමගේ තනතුර අනතුරට භාජනය වී තිබෙන බව වාර්තා වේ.  මේ අතර ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ විවෘතවම එම තනතුර අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් තමන් කිරීමට අදහස් කරන දේ ද විස්තර කරයි. කෙසේ වෙතත්, බෝගොල්ලාගමට බෞද්ධ ආගමික නායකයන්ගේ දැඩි සහයෝගයක් තිබෙන නිසා ජනාධිපතිවරයා ඔහු ආරක්ෂා කරන බවද තතු දත් ආරංචි මාර්ග පවසයි.