මැක්කන් සමග ගෙදර යන රජීව විජේසිංහ
සුද්දා වගේ ඉංග්‍රීසි කතා කරන්නට දත් කළු මහත්තයෙකුට රස්සාවක් උවමනා කර තිබේ. බල්ලන් එක්ක ලැග්ග විට මැක්කන් එක්ක නැගිටින්නට සිදුවන බව කවුරුත් දන්නා උපහැරණයකි. මෙයට විසඳුම වන්නේ බල්ලන් එක්ක ලැග නැගිටිනවිට තමනුත් මැක්කන් සමග ජීවත් වන බල්ලකු වීමයි. බල්ලන් ළඟ ලැග පැවතීම සඳහා බල්ලකු වීම හැර අන් විසඳුමක් නැති බව දැන දැනම රාජ්‍ය බලය රසවි ඳින්නට ගිය ලංකා ව ේ ලිබරල්වාදී ඇතැමුන්ට මැක්කන් කනවිට ඇතිවන අපහසුතාව දරාගන්නට බැරි වී තිබේ. දයාන් ජයතිලක සිංහල ජාතිවාදයට සේවය කළේ කොටි සංවිධානය ෆැසිස්ට්වාදී නිසාය. ෆැසිස්ට්වාදී කොටි සංවිධානය විනාශ කර දයාන් ගොඩනැඟූ 'ප්‍රජාතන්ත්‍රවාදය' තුළ දයාන්ට ටිකට් එක ඇදෙන්නට ගියේ කෙටි කාලයකි. දැන් වාරය පැමිණ ඇත්තේ ආණ්ඩුව වෙනු වෙන් ඉංගිරිසි යෙන් ලියුම් ලියන්නට ජාතික ලැයිස්තු වෙන් පත් කළ මන්ත්‍රී මහා ආ චාර්ය රජීව විජේසිංහටයි. දොෂාභියෝගයට පක්ෂව කටයුතු නොකිරීම නිසා ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. මැක්කන් සමග සනීපෙට ජීවත්වීමේ කලාව අමාරුවෙන් ඉගෙනගත් ඩිලාන් පෙරේරාට ඊළඟ අවස්ථාව නොල...