Posts

Showing posts with the label කීර්ති වර්ණකුලසූරිය

හිලරි හමු වෙන්න ජී.එල්. යන්නේ මොකට ද?

Image
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යය ජී.එල්. පීරිස් වීරයා ඉදිරියේදී යුදෙව්, ක්‍රිස්තියානි, බටහිර ඇමරිකාවේ සංචාරය කරමින් 18 වනදා (බීලා නටා කීර්ති වර්ණකුලසූරියට අසු වී ඇති) හිලරි ක්ලින්ටන් නම් සංකර නෝනා සමග සාකච්ඡා කිරීමට නියමිත ය. ඒ මදිවාට ඇය ජිනීවාහි පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසි වාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියාව වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගෙදර වැඩ පෙන්වන්නට ලෑස්ති වී එන්නැයි ද දන්වා ඇත. මුන්ට ඇහැට අඟිල්ලෙන් ඇනලා පෙන්විය යුතුයි ජිනීවාවලින් පස්සෙ තමරා කුනනායගම් සංහිඳියා කර දාපු හැටි. අනේ හැබෑට ම මොන මගුලකට හිලරි නෝනා ළඟ දන ගහන්න යනවද හැබෑට? යනව නම් යවන්න ඕනැ විමල් වීරවංශ, චම්පික රණවක වගේ සැබෑ වීරයෙකුව නේ. ඒ ගොල්ලන්ටනේ පුළුවන් හිලරි ක්ලින්ටන්ව දන ගස්සන්න. නැතිනම් මහින්ද අබේසුන්දර වගේ කෙනෙක් යැව්ව නම් සිංහලෙන් බනියි හිලරිට චූ යන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ප්‍රභාගේ සිරුර සොයාගත්තේ නන්දිකඩාල් කලපුවේ තිබිලා - මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Image
කීර්ති වර්ණකුලසූරිය (දිවයින 2009-12-19) ප්‍රභාකරන්ගේ සිරුර සොයාගත්තේ නන්දිකඩාල් කලපුවේ තිබියදී යෑයි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙරේදා සවස පැවසීය. රාජකීය ආසියාතික සමාජය මහවැලි කේන්ද්‍රයේදී සංවිධානය කළ දේශනයක්‌ අමතමින් හෙතෙම එලෙස කියා සිටියේය. සටන්බිමේදී කොටි නායකත්වය විනාශවීම රහසක්‌ නොවෙයි. මේ නිසා ප්‍රභාකරන්ගේ අවසානය කුමක්‌ වූයේ ද ඔහු කොළඹට ගෙන ගියා ද? ඔහුට කවුරුහරි කම්මුලට ගැහුවාද එසේම ඔහුගේ හිසට වෙඩි තිබ්බා ද නැත්නම් ඔහුගේ හිස කොළඹ තිබෙන්නේ ද වැනි ප්‍රශ්න මගෙන් නො අසනු ඇතැයි බලාපොරොත්තු වෙනවා යෑයි මේජර් ජෙනරාල්වරයා සඳහන් කළේය. රජය සහ හමුදාව ඒකාබද්ධව දියත් කළ සාමුහික ක්‍රියාදාමයේ ප්‍රතිඵලය වුයේ ඓතිහාසික ජයග්‍රහණයයි. ආරක්‍ෂක ලේකම්වරයා හමුදාව නංවාලීමට ක්‍රියා කළා. අපේ සේනාංකය අවසාන කොටි බලකොටුව වෙත ප්‍රහාරයක්‌ එල්ල කිරීමට කිලෝ මීටර් 203 ක්‌ ගමන් කළා යෑයි හෙතෙම පැවසීය. වන්නි යුද මෙහෙයුමේ අවසාන අවස්‌ථාවේ තම හමුදා මුහුණදුන් දුෂ්කරතා කොතෙක්‌ දැයි ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී පැහැදිලි කළේය.