අධිකරණයෙන් වරදකරු නොවී වසර 10, 15 හිරේ ඉන්නා ලංකාවේ සිරකරුවෝ
දින නියමයක් නොමැති රැඳවියන් නිසා බන්ධනාගාර තුළ තදබදය වැඩිවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසූ බව සිරස වාර්තා කළේය. ඔහු පැවසූ පරිදි ඇතැම් රැඳවියන් වසර 10ක පමණ කාලයක සිට එලෙස බන්ධනාගාරය තුළ කාලය ගෙවා දමති. මේ වන විට බන්ධනාගාර තුළ දින නියමයක් නොමැති රැඳවියෝ 5,000කට අධික සංඛ්‍යාවක් සිටිති. දින නියමයක් නොමැති රැඳවියන් වෙනුවෙන් දිනකට රුපියල් ලක්ෂ 13 අධික මුදලක් වැය කිරීමට සිදුව ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, නීතිපති දෙපාර්තුමේන්තුවේ ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම තත්ත්වය පිළිබඳව නිතීපතීවරයා ද දැනුවත් කළ බවය. මෙහි දින නියමයක් නොමැති රැඳවියන් යයි කියන්නේ කාටද? මොවුහු එක්කෝ ඇප නොදී නඩු දින නියමයක් නැතිව කල් දැමූ අය විය යුතුය. නැතිනම්, ඇප නොදී නඩු කල් දමමින් හෝ නැතිනම් නඩුත් නැතිවම සිරගත කරගෙන සිටින මිනිසුන් විය යුතුය. ඇතැමෙකුට ඇප නියම කළත් ඇප තැබීමට කෙනෙකු නැතිවා වෙන්නට පුළුවන. කෙසේ හෝ වේවා, අධිකරණයෙන් වැරදිකරු නොකර සැකකරුවන් මෙතරම් පිරිසක් වසර 10ක් පමණ කාලයක‍් රඳවාගෙන සිටිනවානම් එතැන රටේ...