තිස්සනායගම් ප්රණාම උළෙල ඔක්තෝබර් 07දා
(2009 ඔක්තෝබර් 06 - W3Lanka) විසි වසරකට සිරගෙට නියම කරන ලද මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පළමු පීටර් මැක්ලර් ජාත්‍යන්තර සම්මානය පිරිනැමීම නිමිත්තෙන් පැවැත්වෙන ප්රණාම උළෙල ඔක්තෝබර් 7දා පස්වරු 3ට කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ.
දෙසුම් වෘත්තීය සමිති නායක බාලා තම්පෝ, නීතිඥ එස්. ජී. පුංචිහේවා, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන හා මාධ්‍යවේදී එම්. ඒ. එම්. නිලාම් විසිනි.
ත්‍රස්ත විරෝධී නීතියක් යටතේ දඬුවම් ලද ප්රජාතන්ත්රවාදී ලෝකයේ පළමු මාධ්‍යවේදියා වන ජේ. එස්. තිස්සනායගම්ට දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පළමු පීටර් මැක්ලර් සම්මානය පිරිනැමීම ගෝලීය මාධ්‍ය සංසදය සහ දේශසීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානයේ එක්සත් ජනපද ශාඛාව විසින් ඔක්තෝබර් 02දා වොෂිංටන්හි ජාතික මාධ්‍ය සමාජයේදී සිදු කරන ලදී. ඔහු වෙනුවෙන් ඔහුගේ බිරිඳ එම සම්මානය භාර ගත්තාය. මෙම සම්මානය පිරිනැමීමේ නිල උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතේ විධායක සංස්කාරක මාකස් බ්රවුච්ලිය.
2009දී ආරම්භ කරන ලද දිරිමත් සහ ආචාර ධාර්මික පුවත්පත්කලාව වෙනුවෙන් වන පීටර් මැක්ලර් සම්මානය පිරිනමනු ලබන්නේ ඒ.එෆ්.පී. හෙවත් ප්‍රංශ පුවත් සේවය ජාත්‍යන්තර තත්වයට නඟා සිටවූ හා ගෝලීය මාධ්‍ය සංසදය පිහිටුවීමට මුල් වූ ප්‍රවීන පුවත්පත්කලාවේදී පීටර් මැක්ලර් නමිනි.

පුක පැලෙන්න පුකේ අරියනම් හරි...
ReplyDelete