පරණ වාහන නො ගෙන්වන ලංකාවේ පිටරටුන්ගේ පරණ ඇඳුම් අඳින දුප්පත් මිනිස්සු

ලංකාව අපූරු රටකි. මේ රටට පැරණි වාහන ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු අලුත් ම නීති රීති මෙසේ ය. 


ඊයේ ජනාධිපතිතුමා වාහන ආනයනකරුවන් සමග සාකච්ඡා කර එළඹෙන ලද තීරණ අනුව පාවිච්චි කරන ලද වාණිජ්‍ය වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.


ලංකාව ආඩම්බරකාර රටකි. පරණ වාහන ගෙන්වන්නේ නැත්තේ ඒ නිසා ය. ඇටමැස්සා නම් කියන්නේ මේ ඉන්දියාවට කෙළවීමට ගත් තීරණයක් ය කියා ය. කියවන්න


එහෙත්, රෙදිපිලි සම්බන්ධයෙන් එහෙම නැත. පසුගිය අලුත් අවුරුදු සමයේ නිරීක්ෂණය කරන්නට ලැබුණු කරුණක් වූයේ මේ වන විට ලංකාව නැවතත් විශාල වශයෙන් පිටරටවලින් පරණ ඇඳුම් ආනයනය කරන බවයි. බරට පමණක් බදු ගෙවා ආනයනය කරනු ලබන මේ රෙදි අද වන විට මග දෙපස, පදික වේදිකාවල, කඩවල හා සාප්පුවල ද විශාල වශයෙන් විකිණේ.


ලංකාව දරිද්‍රතාවේ කිමිදුණු 1970 දශකයේදී ද මෙම සංසිද්ධිය දකින්නට ලැබිණි. එම කාලයේදී ඒවාට කීවේ බේල් කියා ය. ඇත්ත වශයෙන්ම බේල් (bale) කියන්නේ සම්පීඩනය කර තදින් බඳිනු ලබන මිටිවලට ය. මේ රෙදි නැව් මගින් ලංකාවට ගෙන එන්නේ ඒ අන්දමින් මිටි බැඳලා ය. 


මේ වනාහි දියුණු රටවල කසල ය. පසුගිය අවුරුදු සමයේ ලංකාවේ මධ්‍යම පංතිකයෝ පවා පොදි කමින් ඒවා අඩු මිළට ගත් හ. 


මෙම බේල් ඇඳුම් අතරින් හොඳ ඒවා ප්‍රසිද්ධ ඇඳුම් සාප්පුවල ඉහළ මිළට විකුණන බව ද දැන ගන්නට ඇත. 


බොහෝ විට, මෙම ඇඳුම් විකුණනු ලබන්නේ ඒවා පිටරටවලින් ආනයනය කරනු ලබන පරණ රෙදි බව නො කියා ය. එසේම, ඒවා විශ්වාසනීය පිරිසිදු කිරීමකට ලක් කර නැති බව ද පැහැදිලි ය. 


දුප්පත් මිනිස්සු ද විලි වසා ගන්නට පමණක් නො ව, විලාසිතාවලට ද කැමති ය. 


මේ ෆ්‍රෙඩී සිල්වා ගැයූ අපූරු පැරණි ගීතයකි. චිත්‍රපටය ලොකුම හිනාව බව කතන්දර කියයි.


එංගලාන්තෙ පරණ පැෂන් -  කොළොම්පුරේ  අලුත් පැෂන්
කොළොම්පුරේ අලුත් පැෂන් - මේ පැත්තේ අලුත් පැෂන්


පරණ කෝට් ගීය මෙතැනින් බලන්න

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. චිත්‍රපටියේ නම නං පරණ කෝට් නෙමේ ලෙඛඔම ගිනාව. අර මැණිකක් හොයන්න යන කතාව නේ.

    මගේ පිණට ඇත මැණිකක් තැනක සඟවලා!

    ReplyDelete
  2. 70 දශකයේ පෝලිම් එහෙමත් ඉස්සරහට එයි

    ReplyDelete
  3. ඔය විලාසිතාවලට තියෙන එක්තරා ගෙදරක තියෙන්නෙත් 'බේල්' තමා. මමත් ඕකට අහුවුණා.

    ReplyDelete
  4. මේ ලිපියේ අඩුවක් තියනවා.. මේකෙ බෞද්ධයන්ට හෙල උරුමෙට පාඪලී චම්පිකට බැනලා නැහැනේ?

    ඒටික නැතුව මටනම් නිකං පිස්සුවගේ මෙයා.

    ReplyDelete
  5. මෙන්න ලංකාව නැවත 1970-77 යුගය කරා ගමන් කරන බවට තවත් හොඳ සාක්ෂියක්:
    http://www.lankadeepa.lk/index.php/articles/37332

    ReplyDelete
  6. මම නම් ඔය පොර කකා ඇඳුම් ගන්න තියෙන් තැන්වලින් ගන්නෙ නෑ. අනේ අපේ බුද්ධිමත් ජනතාවට දෙවි පිහිටයි...

    ReplyDelete
  7. මගේ පිණට ඇත මැණිකක් තැනක සඟවලා!යකෝ Kathandara ඕව කියන්න එපා. පොඩි බේබ් උඹව කිඩ්නැප් කරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා