පරණ වාහන නො ගෙන්වන ලංකාවේ පිටරටුන්ගේ පරණ ඇඳුම් අඳින දුප්පත් මිනිස්සු
ලංකාව අපූරු රටකි. මේ රටට පැරණි වාහන ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු අලුත් ම නීති රීති මෙසේ ය. ඊයේ ජනාධිපතිතුමා වාහන ආනයනකරුවන් සමග සාකච්ඡා කර එළඹෙන ලද තීරණ අනුව පාවිච්චි කරන ලද වාණිජ්‍ය වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත. ලංකාව ආඩම්බරකාර රටකි. පරණ වාහන ගෙන්වන්නේ නැත්තේ ඒ නිසා ය. ඇටමැස්සා නම් කියන්නේ මේ ඉන්දියාවට කෙළවීමට ගත් තීරණයක් ය කියා ය. කියවන්න එහෙත්, රෙදිපිලි සම්බන්ධයෙන් එහෙම නැත. පසුගිය අලුත් අවුරුදු සමයේ නිරීක්ෂණය කරන්නට ලැබුණු කරුණක් වූයේ මේ වන විට ලංකාව නැවතත් විශාල වශයෙන් පිටරටවලින් පරණ ඇඳුම් ආනයනය කරන බවයි. බරට පමණක් බදු ගෙවා ආනයනය කරනු ලබන මේ රෙදි අද වන විට මග දෙපස, පදික වේදිකාවල, කඩවල හා සාප්පුවල ද විශාල වශයෙන් විකිණේ. ලංකාව දරිද්‍රතාවේ කිමිදුණු 1970 දශකයේදී ද මෙම සංසිද්ධිය දකින්නට ලැබිණි. එම කාලයේදී ඒවාට කීවේ බේල් කියා ය. ඇත්ත වශයෙන්ම බේල් (bale) කියන්නේ සම්පීඩනය කර තදින් බඳිනු ලබන මිටිවලට ය. මේ රෙදි නැව් මගින් ලංකාවට ගෙන එන්නේ...