ආණ්ඩුවේ ගුවන් සේවා, දේශපාලනය, බිස්නස් හා ආගම | Running airlines, doing politics and observing religion of Sri Lanka government

ශ්‍රී ලංකන් යනු 2012 වසරේ මාර්තුවෙන් අවසන් වූ වසකරකදී රු. බිල්යන 19ක පමණ අලාභයක් ලැබූ රජයට අයත් සමාගමකි. 


එහි කළමනාකරණය මිලාන්, රෝමය හා සුරිච් යන ගමනාන්ත කරා සිය ඍජු ගුවන් සේවා ඉල්ලුම අඩු කාලවලදී නතර කිරීමට තීරණය කර තිබේ. 


වළාකුළු තලන්නට හිස් ගුවන් යානා පියාඹවන ශ්‍රී ලංකන් පාඩුව පියවන්නේ බිමින් යන මේ රටේ දුප්පත් ජනයා ය.


එහෙත්, ඊයේ අරගලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමා හමු වූ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමා මේ තීරණය අත්හිටුවීමට ශ්‍රී ලංකන් බලධාරීන්ට නියෝග කර තිබේ.  


නිතර අතරමග හුවමාරු වෙමින් රෝමයට යන එකට එතුමා කැමති නැතිව ඇති. අපි ණය ගෙවමු.


විස්තර මෙතැනින්

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දැන් මහනායක හිමිවරු කැලේ,කාදිනල් තුමා තමයි අයියා.නිකමටද අගරදගුරු කියන්නේ.

    ReplyDelete
  2. සියළුම ව්‍යවසාය රජයේ පාලනයෙන් ඉවත් කොට පුද්ගලික අංශයෙට දිය යුතුයි යැයි කියන දේශපාලන නියමට තවත් උදාහරණ දෙන එක තමයි මුන් ජනතා බඳු වලින් කරන්නේ.

    සිංගප්පූරුව සහ චීනය හැර රජයේ ව්‍යවසාය කාර්යක්‍ෂමව පවත්වාගෙන යන වෙනත් රටවල් තියේදැයි මං නං දන්නේ නෑ.

    ReplyDelete
  3. අම්මප මේ ලොක්කටත් කොන්ද පණ නැති හැටියක්....අර සර් ජෝන් වගෙ අය තමයි ඉන්න තිබ්බෙ...

    දැන් තියෙන්නෙ ශ්‍රී ලංකන් එකේ මැනේජ්මන්ට් එක ඔක්කොම අයින් කරල අති උතුම් හිමිපාණන්ට ඒ වැඩේ බාර දෙන එක....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා