Posts

Showing posts with the label ඉන්දු ලංකා සබඳතා

මේ සතිය තමයි පුතේ සම්මා සතිය ඕනැ කරන සතිය

Image
මේ සතිය ඉන්දු ලංකා සම්බන්ධතාවල වැදගත් සතියකි. ජනාධිපති සහෝදර බැසිල් රාජපක්ෂ මේ සතියේ ඉන්දියාව බලා යයි.  ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක සිවසංකර් මෙනන් ද මේ සතියේ අග ලංකාවට එන්න නියමිතයි. මේ ගමන් බිමන්වල නිමිත්ත 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීම පිළිබඳ ආණ්ඩුවේ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමයි.  පැහැදිලියි. ආණ්ඩුව ලෑස්ති වෙන්නේ බලය විමධ්‍යගත කිරීමේ ව්‍යූහය අබ්බගාත කර දමන්නයි. ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක්. මුළු ලංකාවේ ම බලය තමන් තුළට කේන්ද්‍ර කර ගන්න  මේ වන විට රාජපක්ෂ පවුල සමත් වෙලා ඉවරයි. කැබිනට් මණ්ඩ‍ලයේ සිට ප්‍රාදේශීය සභාව දක්වා අනෙකුත් බල ව්‍යූහයන්ට කරන්න තිබෙන්නේ පාලක පවුලේ අයට පඩික්කම් අල්ලන එක ව‍ගේ දේවල් විතරයි. ඔය අව් අස්සේ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන පාලනයක් පිහිටෙව්වොත්, මේ ඒකාධිපති පාලනය අවුල් වීම එතැනින් ආරම්භ වෙනවා. මොකද, පළාත් සභාව බලතල පාවිච්චි කරන්න ඉඩ තිබෙනවා. මෙතනදී ලොකු ම ප්‍රශ්නය ඔය පොලිස් බලතල නම් නොවෙයි. පළාත් සභාවල පොලිස් බලතල ගැන ආණ්ඩුවේ ඉත්තකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම කියන්නේ මෙහෙමයි.  " 13 වන සංශෝධනයෙන් පළාත් ...

ලංකාව ඉන්දියාව සමග යුද්ධය අරඹලා ද? Is Sri Lanka at war with India?

Image
ලංකාව අලුතෙන් පැනවූ වාහන බදු රටේ ආර්ථික අවශ්‍යතාවන්ට අමතරව ඉන්දියාවේ මෝටර් වාහන කර්මාන්තයට ද බලපෑම් කිරීමේ අරමුණින් ගෙන ඒවා බව ට අදහසක් තිබේ.  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව ලංකාව පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් පසු ලංකාවේ ඉන්දීය විරෝධී අදහස් පැතිරෙමින් පවතින අයුරු නිරීක්ෂණය කළ හැකි ය.  ඉන්දියාව ලංකාව අවුල් කිරීම සඳහා ත්‍රස්තවාදීන් තමිල්නාඩුවේ පුහුණු කරනවා ය යන්න අද දිවයින පුවත්පත විසින් පොලිස් බුද්ධි අංශ උපුටා දක්වමින් වාර්තා කරන පුවතක හරයයි.  ඉන්දියාවේ පුහුණුව ලැබූ 150ක් පමණ ත්‍රස්තවාදීන් ලංකාවේ ක්‍රියාත්මක බව ඊ.පී.ඩී.පී. සාමාජිකයකු මරා දැමූ බව කියන සැකකරුවන් තිදෙනෙකු විසින් හෙළිදරව් කර තිබෙන බව දිවයින වාර්තාවේ දැක්වේ.  මෙය සත්‍ය නම් එය බරපතල තත්වයකි. ලංකාව දැන් කළ යුතුව තිබෙන්නේ හැකි ඉක්මණින් ඉන්දීය මධ්‍යම රජය සමග කටයුතු කරමින් තත්වය පාලනය කිරීමට කටයුතු කිරීමයි.  මෙම වාර්තාවත් කියවන්න මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

W3Lankaත් ඉන්දියාවට දෙනවාද? | Is W3Lanka also giving way to India?

Image
සාම්පූර් අනාථයන්ගේ වත්මන් ජීවිතය (2010 ජුනි 01,  W3Lanka )   නව සමසමාජ පක්ෂයේ නිල පුවත්පත වන හරය පසුගිය කලාපයේ ප්‍රධාන සිරස්තලය වූයේ 'මහින්ද ඉන්දියාවට දෙයි' යන්නයි. ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? යන මැයෙන් අප පළ කළ ලිපිය කියැවූ අපේ මිතුරකු අපෙන් ඇසුවේ අපත් ඉන්දියාවට දෙන්න යනවාද කියා ය. මෙහිදී අපට අවශ්‍ය වූයේ වමේ ගතානුගතිකත්වයට අභියෝග කිරීමටයි. සමාජ ප්‍රගමනය සඳහා කරන අරගලයේදී පැතලි සටන් පාඨවලට වඩා වැදගත් වන්නේ යථාර්ථවාදී දැක්මකි.  ගතානුගතික සටන් පාඨවලින් ඔබ්බට චලනය වීමට නොහැකි නම් වමට ද ඉදිරි ගමනක් නැත. අපගේ අදහස් දැක්වීමෙන් ඒ පිළිබඳ සංවාදයක් ඇති වීම පිළිබඳව සතුටු වෙමු. එහෙයින් හොරට නිදා සිටින වාමාංශික පණ්ඩිතයන් ද සංවාදයට කුමන අයුරකින් හෝ සම්බන්ධ වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඉන්දියාව පිළිබඳ බොහෝ වාමාංශිකයන්ට ඇති ඍන අදහස් සමග ගැටී ඉන්දියාව අපුල්ලා සුදු කිරීමට අපට උවමනාවක් ද හැකියාවක් ද නැත. ඇත්ත! රාමචන්ද්‍ර කියන හැටියට ම සාම්පූර්හි අනාථයන් කදවුරුවල සිටියදී ඔවුනගේ භූමිය ඉන්දීය සමාගම් විසින් පවරා ගැනීම ගැන කතාකිරීම "සංරක්ෂණවාදයක්" නෙමෙයි. ඉන්දියාවේ ව්‍යාප්ත...

ඉන්දියාව අපව කන්න ඉන්න යකෙක්ද? | Is India aiming to eat Sri Lanka?

Image
(2010 මැයි 31,  W3Lanka )   ජුනි 03 සිට 05 දක්වා ඉන්දීය ජාත්‍යන්තර සිනමා ආයතනයේ IIFA සිනමා උළෙල ලංකාවේ පැවැත්වේ. මෙය ඉන්දියාව විසින් පශ්චාත් යුද කාලීන ලංකාවේ සාමාන්‍ය තත්වය ඇති වීම ලෝකයට ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දුන් තෑග්ගක් ලෙස සැලකීම වරදක් නැත. ලංකාවේ ආර්ථිකයට චීනය කරන මැදිහත්වීම පිළිබඳ ඉන්දියාව ඉන්නේ පරීක්ෂාවෙනි. එහෙයින්, ලංකාවේ රාජ්‍ය නායකයන් සිය බලාධිකාරය තුළ රඳවා ගැනීම පිණිස ඉන්දියාව සියුම් ලෙස කටයුතු කළේ ය. ලංකාවේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලලිත් වීරතුංග වැනි දේශපාලන නායකයන් මෙම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රීඩාව තුළ සියුම් ලෙස කටයුතු කළ අතර මේ වන විට ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කටයුතු කරන්නේ එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් යුතුවයි. නිදසුනක් ලෙස, ඉන්දියාවට ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවශ්‍යව තිබෙන්නේ 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව ගෙන එන ලද පළාත් සභා ක්‍රමය පූර්ණ අන්දමින් ක්‍රියාත්මක කිරීමටයි. එහෙත් ලංකාවේ පාලකයන් දෙමළ ජනතාව සමග බලය බෙදා ගැනීමට අකැමැති සිංහල ස්වෝත්තමවාදීන් පිරිසක් බව ඉන්දියාව දනියි. එහෙත්, ඔවුන්ට ඕනෑ හැටියට නටන්නට දුන්නොත්...

ඉන්දියානු ආදරයේ රහස ගල් අඟුරු කැටයකින් සාම්පූර්හි ලියැවෙන හැටි

Image
(2010 පෙබරවාරි 08- W3Lanka )   මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට නැවත තේරී පත් වීමත් සමග සාම්පූර්හි පාරම්පරික ගම්වැසියන් අනාථ කඳවුරුගත කර එහි ඉදි කරන්නට යන ගල් අගුරු බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මේ මාසයේ අවසානය වන විට ආරම්භ කිරීමට ලැබේ යයි ඉන්දියානු බලධාරීන් බලාපොරොත්තු වන බව බිස්නස් ස්ටැන්ඩඩ් වෙබ් අඩවිය පවසයි.  ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම හා ලංකා විදුලි බල මණ්ඩලය අතර හවුල් ව්‍යාපාරයක් වන මෙහි ව්‍යාපාර ගිවිසුම, විදුලි බල මණ්ඩලය විසින් විදුලිය මිළ දී ගැනීමට එකග වීමේ ගිවිසුම, ආයෝජන මණ්ඩලය විසින් බදු සහන ලබා දෙන ගිවිසුම ආදියට නිතිපති අනුමැතිය ජනාධිපති යළි බලයට පත් වීමත් සමග ඉක්මණින් ලබා ගැනීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව වේබ් අඩවියේ සඳහන් වෙයි. ලංකාවේ වැඩපිළිවෙලවල් ගැන ඉන්දියාව හොඳින් දන්නා බව පෙනේ. ජනාධීපති මහින්ද රාජපක්ෂ යළි බලයට පත් වීමෙන් ඉන්දියාව මහත් සහනයට පත් වූ බව පසුගිය දිනවල ඉන්දියානු මාධ්‍ය වාර්තාවල කියැවිණි.  මෙගාවොට් 500ක් වන මෙම බලාගාරය සඳහා අවබෝධතා ගිවිසුමට 2006දී අත්සන් තබන ලදී. මෙම බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ඉන්දුනීසියාවෙන් හා දකුණු අප්‍රිකාවෙන් ආනයනය කිරීමට...

බලය බෙදීමක් සඳහා ඉන්දීය මධ්‍යම රජය ලංකාවේ ආණ්ඩුව සමග කටයුතු කරනවා -ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක

Image
(2010 පෙබරවාරි 01- W3Lanka )  සියලු ප්‍රජාවන් සතුටු කරන දේශපාලන සැකැස්මක් තුළ බලය බෙදීමක් සඳහා ඉන්දීය මධ්‍යම රජය ලංකාවේ ආණ්ඩුව සමග කටයුතු කරමින් සිටින බව ඉන්දීය නව ආරක්ෂක උපදේශක ශිවශකර් මෙනන් ඊයේ පැවසීය. ඔහු මේ බව පැවසුවේ චෙන්නෛහිදී තමිල්නාඩු මහ ඇමති එම්. කේ. තරුණානිධි හමු වී සාකච්ඡා කිරීමෙන් පසු ඔහු ද සමග ම මාධ්‍ය අමතමිනි.  ප්‍රමාණවත් බලය විමධ්‍යගත කිරීමක් සමග දෙමළ ජනයා යළි පදිංචි කිරීම පිළිබඳව ඉන්දීය රජය දිගට ම ලංකාව සමග සාකච්ඡා කරන බව ද මෙනන් පැවසී ය.  කළ හැකි හැම දෙය ම මධ්‍යම රජය විසින් දිගට ම කරගෙන යන බව තමන් කරුණානිධිට සහතික කළ බව මෙනන් පවසයි .

ක්‍රිකට්වලදී මෙන් ම දේශපාලනයේදී ද ඉන්දියාව කරන්නේ ප්‍රතිවාදියාට නරක තණතීරු සැපයීමයි

Image
(2009 දෙසැම්බර් 28 - W3Lanka ) ලංකාවත්ඉන්දියාවත් අතර ඊයේ දිල්ලියේදී පැවැත්වීමට නියමිතව තිබුණු පස්වන එක් දින ජාත්‍යන්තර තරගය මුලින් පන්දුවට පහර දෙමින් සිටි ලංකා කණ්ඩායමේ 24වන ඕවරයේ තුන්වන පන්දුවෙන් අවසන් විය. ඉන්දියාව විසින් සපයා තිබුණු පර්වතයක් වැනි අනතුරුදායක තණ තීරුවේ ක්‍රීඩා කිරීම ලංකාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. තරග තීරක විසින් මෙම විරෝධය පිළි ගන්නා ලදී.‍ කුපිත වූ ප්‍රේක්ෂකයෝ පු‍ටු පොළවේ දමා ගසද්දී බැටන් පොලු ගත් පොලිසිය ද තරගයට අවතීර්ණ විය. ප්‍රේක්ෂකයන්ට ඉන්දියාව දිනනවා පමණක් නොව තරග කරනවා ද බලන්නට අවශ්‍ය විය.  තරග දිනීම සඳහා ආගන්තුක කණ්ඩායමට නරක තණ තිලි පිරිනැමීම හා ඒ අනුව තම ක්‍රීඩක සංචිතය සකසා ගැනීම ඉන්දියාවේ ක්‍රිකට් ජයග්‍රහණයන්ගේ සූත්‍රය වන්නේ යම් සේ ද දේශපාලනයේදී ද සිය කලාපීය ආධිපත්‍යය සඳහා ඔවුන් අනුගමනය කරන උපාය මාර්ගය වන්නේ අනෙකා‍ගේ බෙල්ල කැඩෙන සේ තණ තීරුව වණ කිරීමයි.  මේ සඳහා හොඳ ම නිදසුන ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය කෙරෙහි ඉන්දියාවේ ප්‍රවේශයයි. කඳවුරු, පුහුණුව සහ අවි ආයුධ පවා සපයමින් කලක් දෙමළ ජාතිකවාදී සන්නද්ධ බලවේග පෝෂණය කළ ඉන්දියාව ඇමරිකන් ගැති ජේ.ආර්...

තීරණාත්මක මොහොතක රනිල් ඉන්දියාවේ ලොක්කන් හමු වේ

Image
(2009 නොවැම්බර් 09 - W3Lanka )  දැන් ඉන්දියාවේ ආරාධනය මත එරට චාරිකාවක යෙදී සිටින විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එරට ජාතික ආරක්ෂක උපදේශක ආර්. කේ. නාරායන්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ප්‍රනාබ් මුඛර්ජි, ස්වදේශ කටයුතු අමාත්‍ය පී.චිදම්බරම්, විපක්ෂ නායක ලාල් ක්‍රිෂ්ණ අද්වානි ආදී රජයේ හා විපක්ෂයේ ජ්‍යේෂ්ඨයන් ගණනාවක් හමු වීමට නියමිත ය.  වික්‍රමසිංහගේ මෙම චාරිකාව යෙදී ඇත්තේ ප්‍රධාන මැතිවරණ ප්‍රකාශයට පත් වීමට නියමිත හා නව සන්ධාන ගොඩනැඟෙමින් පවතින සංදර්භයක් තුළ වීම සුවිශේෂ ය. ඉන්දියාව කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී ලංකාවේ රජයට උපකාර කළමුත් ජාතීන්ගේ ප්‍රශ්නයේදී පුළුල් බල‍ය බෙදීමක් වෙනුවෙන් පෙනී සිටින හෙයින් එයට එරෙහි ලංකාවේ ආණ්ඩුව සමග යම් ඝර්ෂණයක් ඇත. එසේ ම කලාපීය බල තුලනයේදී ලංකාවේ රජයේ චීනයට නැඹුරු ප්‍රතිපත්ති ද ඉන්දියාවේ අමනාපයට හේතු වී තිබේ.  මේ අතර, මෙම චාරිකාව අතරතුර ආරක්ෂක නිලධාරියකු රැගෙන යාමට විපක්ෂ නායකවරයා ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලූ අවසරය ලැබී නැති බව ද වාර්තා වේ. ලංකාවේ ආණ්ඩුව පුද්ගලයන්ට මහජන මුදලින් සපයන ආරක්ෂාව දේශපාලන අවියක් ලෙස පාවිච්චි කරන බවට චෝදනා එල්ල වී තිබේ...