Posts

Showing posts with the label හිට්

මිලියන් තුනක් ලබා ගත් බවට නැගෙන චෝදනාව ගැන පැහැදිලි කිරීමයි

Image
මිලියන් තුනක් ලැබෙන්නට නියමිත බව ඇත්ත ය. සමහර විට ඔබ මෙම ලිපිය කියවන විට මිලියන් තුන ගිනුමට වැටී තිබෙනවා වෙන්නත් පුළුවන. ඒවා ලැබුණේ කොහෙන් ද? ලබා ගත්තේ කුමන කොන්දේසි මත ද? මේවා වැදගත් ප්‍රශ්න වේ. යහපාලනයෙන් ලැබිණි. මහින්දගෙන් ලැබිණි. ජවිපෙන් ද ලැබිණි. එන්ජීඕවලින් ලැබිණි. ඩයස්පෝරාවෙන් ලැබිණි. ඇමරිකාවෙන් ලැබිණි. ඉන්දියාවෙන් ලැබිණි. චීනෙන් ද ලැබිණි. ඩොලර්වලින් නොවේ. යුරෝ  හ‍ෝ යුආන්වලින් ද නො වේ. එහෙනම් මොනවායින් ද? හිට්වලිනි. අපේ හිට් කවුන්ට‍රයේ මිලියන තුන හෙවත් ලක්ෂ තිහ සලකුණු වීමට නියමිත ය. සමහර විට ඔබ අ‍පගේ ලිපි කියැවූ වාර ගණන මීට වඩා අඩු මෙන් ම වැඩි වෙන්නටත් පුළුවන. එක පැත්තකින් බ්ලොගර් ආයතනය හිට් කවුන්ටරය පටන් ගත්තේ අපගේ බ්ලොගය ආරම්භ කළාට පසුවයි. එසේම, අප මෙම බ්ලොගයේ පළ වූ ලිපි ෆේස්බුක් ඔස්සේ ද පළ කළ බැවින් තවත් පිරිසක් ද ‍ඒවා කියවූ හ. අප මෙම බ්ලොගය ආරම්භ කළේ 2009 ජුලි මාසයේ ය. මේ හිට් ගණන අපට ලැබුණේ ආසන්න වශයෙන් වසර හයක පමණ කාලයක් තුළයි. මෙය මහා දැවැන්ත සංඛ්‍යාවක් නො වන මුත් පෞද්ගලික බ්ලොග් අඩවියක් ලෙස නො සැලකිය යුතු සංඛ්‍යාවක් නො වේ. අප මේ මොහොතේ සිටින්නේ ඇ...