Posts

Showing posts with the label ජොන්ස්ටන්

රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මහින්ද ව්‍යාපාරය නවත්වනු!

Image
ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ ‍සභපාති මේජර් නිස්සංක සේනාධිපති විසින් දැන් සති කීපයක් තිස්සේ ඉරිදා පුවත්පත්වල දැවැන්ත දැන්වීම් පළ කරමින් කරන්නට උත්සාහ කරන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම වැදගත් ය.  නිදසුනක් ලෙස ඉරිදා ලංකාදීප පුවත්පතේ පිටු දෙකක් පුරා දැන්වීම් පළ වේ. ඒවායින් කියැවෙන්නේ නිස්සංක සේනාධිපති රණවිරු පවුල්වලට අත දිග හැර උපකාර කළ දෙයියෙක් බවයි.  මේ දැන්වීම් පළ කරන්නේ ඇවන්ට්ගාඩ් සුරැකීම සඳහා වූ සංවිධානයක් විසිනි. සිකියුරිටි කොම්පැනියක් ආරක්ෂා කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් බිහි වී තිබේ නම් එය ලොව පළමු එවැනි ව්‍යපාරය විය යුතු ය.  ඇවන්ට්ගාඩ් සිද්ධිය ගැන දැන් විමර්ශන සිදු වෙමින් තිබේ. එහි දැවැන්ත වංචාවක් සිදු වී ඇති බව පෙනේ. මූලික ප්‍රශ්න කීපයක් තිබේ.  නාවික හමුදාවට ලැබිය හැකිව තිබුණු ලාභයක් පෞද්ගලික සමාගමකට ලබා දීමට රජය තීරණය කළේ කුමන පදනමකින් ද?  එම පෞද්ගලික සමාගම මෙම කාර්යය සඳහා තෝරා ගත් විනිවිදභාවය කුමක් ද?  එම පෞද්ගලික සමාගමට අයත් දේපල ආරක්ෂාවට නාවික හමුදාව යෙදවූ පදනම කුමක් ද? නාවික හමුදාවට අයත් ගිනි අවි එම පෞද්ගලික සමාගමට ලබා දුන්නේ කෙසේ ද...