Posts

Showing posts with the label පොදු ප්‍රවාහනය

අයිතිවාසිකම් නැති ලංකාවේ මගී ජනතාව සංකේතවත් කරන පුංචි දැරිය - ඈන් මෙතුලා නතාලි පීරිස්

Image
(2011 ජුනි 26,   W3Lanka )   අප මෙම ඡායාරූපය මෙහි පළ කරන්නේ ජුලි 01දා සිට සිදු කෙරෙන බස් ගාස්තු වැඩි කිරීම හමුවේ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවයක් වෙනුවෙන් සටන් කිරීමට මගීන්ට ඇති අයිතිය වෙනුවෙනි. මෙම ඡායාරූපයේ සිටින උසස් පෙළ ඉගෙන ගනිමින් සිටියදී බස් රියදුරකුගේ හා කොන්දොස්තරෙකුගේ අමානුෂිකකම නිසා අවසන් ගමන් ගිය ඈන් මෙතුලා නතාලි පීරිස් නම් දැරියගේ කතාව දිනමිණේ පළ වී තිබුණේ මෙසේ ය: ඈන් මෙතුලා නතාලි පීරිස් 18 වෙනි වියට එළඹීම සැමරීමට ජූනි 30 වෙනි දින යහළු යෙහෙළියන් හා නෑදෑ හිතවතුන් සමඟ සාදයක් පවත්වා දිව්‍ය පූජාවට සහභාගි වී දේව ආසිරි ලබාගැනීමේ චේතනාවෙන් පසුවූවාය. දහසකුත් බලාපොරොත්තු රැසක් තම හදවතේම නිදන් කර ගනිමින් ඇය සිය නෑ හිතමිතුරන් සහ කටාන කඳවල ග්‍රාමයම හඬවා අවසන් ගමන ගියේ මිනිසුන්ගේ කෲරත්වය පසක් කරමිනි. ඈන් මෙතුලා ජූනි 20 වෙනිදා සුපුරුදු පරිදි සිප් සතර හදාරන කුරණ සාන්ත ආනා මහ විදුහලට ගොස් පාසල නිම වී ප. ව. 1.40 ට පමණ කොළඹ – මීගමු මහමාර්ගය අසල බස් නැවතුමට පැමිණියේ සවස උපකාරක පංතියකට යාමටය. ඈන් සමඟ පාසලේ උසස් පෙළ ඉගනුම ලබන මිතුරු මිතුරියෝ ද රැඳී සිටියහ.මාර්ග අංක 240 සටහන් වුණු...

බස් එකෙන් යන ලංකාවේ ඇමතිවරු

Image
(2010 ජුලි 28,  W3Lanka )  ප්‍රවාහන ඇමතිවරු සාමාන්‍යයෙන් මෙවැනි ඡායාරූප ගනිති. ඒවා ඒගොල්ලන්ගේ ඇල්බම්වලට හොඳ ය. තමන් ජනතාව සමග සිටි බව කියන්නට පුළුවන. ඇමතිවරු එති. යති.ලොකු කතා කියති.  එහෙත් ජනතාවට නම් පොදු ප්‍රවාහනය එතැන ම ය. ඔවුහු හැමදාමත් මේ පොලුවල වවුලන් සේ එල්ලී යති.  ඇමතිවරුන්ට කවදාවත් කරන්නට බැරි වුණ, නමුත් හැමදාමත් පොරොන්දු වුණ සාමාන්‍ය දේ කීපයක් මෙසේ ය.  බස්වල අධික ලෙස සෙනග පැටවීම තහනම් කිරීම. දුම්රිය ප්‍රමාදය වැළැක්වීම. සුඛෝපභෝගී යයි කියන බස්වල හිටගෙන මගීන් ගෙන යාම නැවැත්වීම. බස්වල ටිකට් දීම අනිවාර්ය කිරීම. කෙටීම හා රේස් යාම නැවැත්වීම. බස් නැවතුම්පොළවල් කසල ගොඩවල් වීම වැළැක්වීම හෙවත් සරළව කීවොත් අතුගෑම. කොන්දොස්තරලා නෑවීම (රියදුරන් ද නාන්නේ අඩුවෙනි. එහෙත් ඔවුන් මගීන්ගේ ඇඟවල්වල තැවරි, තැවරී සෙනග අස්සෙන් රිංගා නො යන නිසා ප්‍රශ්නයක නැත.)  කුමාර් වෙල්ගම ඇමතිට බැරි වූ එක් විශේෂ වැඩක් මෙසේ ය: තමන්ගේ ගම වන මතුගමට ධාවනය වන තමන්ගේ ද බස් ඇතුළත් මතුගම - කොළඹ බස් සේවයට හරි හමන් බස් නැවතුමක් පිටකොටුවෙන් ලබා දීම.  එතුමාට පුළුවන් වූ ...

2009 ලංගම බසයක් දුවන්නේ දිනකට කිලෝමීටර 1/2යි; ආදායම රු. 20යි; 13කට පඩි

Image
(2010 ජුනි 19,  W3Lanka )  පසුගිය දිනෙක මෙම ලේඛකයා සවස 7.30ට පමණ සිය ගම් ප්‍රදේශය බලා දිවෙන ප්‍රධාන මාර්ගයක මෝටර් සයිකලයෙන් යමින් සිටියදී බස් නැති නිසා පයින් යමින් සිටි ගම් වැසියකු දැක 'ලිෆ්ට්' එකක් දුන්නේ ය. යන අතරමගදී ලේඛකයා අර ගම්වැසියා කරන රැකියාව විමසී ය. ඔහු කීවේ දැන් ඔහු වැඩ කරන්නේ ලංගම රත්මලාන ඩිපෝවේ බවයි. ඔහු රැකියාවට දමා තිබුණේ එම ප්‍රදේශය නියෝජනය කරන වත්මන් ප්‍රවාහන ඇමතිවරයා විසිනි.  මෙම පුද්ගලයා නිසි අධ්‍යාපනයක් හෝ වෘත්තීය පුහුණුවක් ලැබූවකු නොවන බව දැන සිටි හෙයින් ඔහුගේ තනතුර කුමක්දැයි ලේඛකයා  ඇසී ය. "මම මිකැනික්," යි ඔහු කීවේ ය. ඔහු කිසියම් මෝටර් කාර්මික පුහුණුවක් ලබා තිබේදැයි ඇසූ කල ඔහුගේ පිළිතුර වූයේ නැත යන්නයි. මේ අපේ රටේ සාමාන්‍ය ජනයාගේ මිහින් ලංකාව වන ලංගම කාර්මිකයකුගේ තත්වයයි.  ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහණ දිසානායක ම පවසන පරිදි ලංගම එක් බසයකින් සේවකයෝ 13ක් පඩි කති. (අද සිළුමිණ බලන්න) එහෙත් තිබෙන බව කියන බස් 5500 දුවවන්නට රියදුරෝ, කොන්දොස්තරු නැත. අලුත්වැඩියා කටයුතු සඳහා කාර්මිකයෝ නැත. ඉන්න තරමක් ඉන්නේ ආරක්ෂක නිලධාරීහු හා ලිපිකරුවෝ ය. ...

බස්නාහිර පළාත හෙවත් හයිලෙවල් පාර | Is Western Province in Highlevel Road?

Image
(2010 මැයි 08 -  W3Lanka )  දිනමිණ පුවත්පත කියන අන්දමට බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා නොමිලේ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ. කොට්ටාව - රුක්මල්ගම සිට පිටකොටුව දක්වා සතියේ දින පහේම මෙම බස්රථ සේවාව ක්‍රියාත්මක වේ. මේ සද්කාර්යය සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට අයත් පෞද්ගලික බස්රථ හිමියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව ද කියැවේ. මේ පුවතට අනුව, දැන් බස්නාහිර පළාතේ ළමයින්ට තිබෙන්නේ කොහේ සිට හෝ කොට්ටාවට ඒමයි. එතැන් සිට පිටකොටුවට නොමිලේ බසයෙන් යා හැකිය. තමන්ගේ පාසල අතරමග හමු වන්නේ නැතිනම් පිටකොටුවෙන් බැස වෙනත් බසයකින් එහි යා යුතු ය. බස්නාහිර පළාතේ නිසා එකහමාරට වන්නට පෙර කෙසේ හෝ පාසලට යන්නට පුළුවන. පුංචි දෙයක් කර මහා ප්‍රචාරයක් ගන්නට ගිය විට මෙවැනි දේ සිදු වේ. හයිලෙවල් පාරේ පාසල් සිසුන් සඳහා නොමිලේ ප්‍රවාහන සේවාවක් කියූ විට එය එක පාරකට පමණක් සීමා වී පෙනෙන නිසා බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමති උපාලි කොඩිකාර එය ලොකු කර පෙන්වන්නට එය බස්නාහිර පළාත සඳහා ම වූ එකක් බව කියයි. මහරගම, කොට්ටාව පැත්තෙන් ඡන්දය අපේක්ෂා කරන...

ලංගම මග මරුවන්ගේ බස් රේස් හා මහින්දගේ බස් පෙළපාලි

Image
(2010 ජනවාරි 16 -W3Lanka) කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථ දෙකක් අපරීක්ෂාකාරී ලෙස තරගයට ධාවනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කුරුවිට ප්‍රදේශයේදී තුන් හැවිරිදි දරුවකු මරු මුවට පත් වී, තවත් තිදෙනෙකු තුවාල ලබා, වාහන පහකට හානි සිදු වී තිබේ.  මෙම බස් රථ දෙක උඩහමුල්ල හා කිරිඳිවැල ඩිපෝවලට අයිති ඒවා ය. කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා දිනකට ධාවනය වන්නේ බස් රථ සීමිත සංඛ්‍යාවකිත එයිනුත් වැඩි හරිය පෞද්ගලික බස් ය. මේ දිනවල ලංගම බස් වැඩි හරියක් කරන්නේ මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වලට ඈත පළාත්වලින් සෙනග ඇදීමයි. එහෙම තිබියදීත් මෙසේ ඩිපෝ දෙකක බස් දෙකක් එක පෙළට තරගෙට ධාවනය වීමෙන් පෙනී යන්නේ කිසිදු ආකාරයක කාලසටහනක්වත් පවත්වාගෙන යන්නට ලංගම අසමත් වී ඇති බවයි.  පසුගිය දිනෙක අප පාඨකයකු අපට කී කරුණක් වූයේ මහනුවර තෙල්දෙනියේ සිට ඉතා දුෂ්කර ඈත පිටිසර ගමක් වූ වේඬරුව දක්වා ධාවනය වන එක ම බසය පවා මහින්ද රාජපක්ෂගේ රැස්වීම්වලට සෙනග අදින්නට යොදවා තිබුණු හෙයින් පාසල් පහක ගුරුවරුන්ට පාසලට යාමට ක්‍රමයක් නො තිබිණි.  මහින්දගේ රැළි පැවැත්වෙන ප්‍රදේශවලට ලංකාවේ සියලු ඩිපෝවලින් බස් පැමිණීම දැන් සාමාන්‍...