කමිටුව එහෙම ම ඇත. නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත.
(2010 ජුලි 10, W3Lanka ) එක්සත් ජාතීන්ගේ ලේකම් බෑන් කී මුන්ගේ කමිටුවට එරෙහි සටන අවසන් වන්නේ ජයග්‍රහණයෙන් හෝ මරණයෙන් පමණක් බවත් ඉන් එපිට කිසිදු විසඳුමක් අවශ්‍ය නැති බවත් ඊයේ කී විමල් අද උපවාසය අවසන් කළේ ය. ඒ බෑන් කී මූන් කමිටුව ඉවත් කර ගත් නිසා නොවේ. රජයේ නිල පුවත් ඒජන්සිය වන ලංකා පුවත් පවසන පරිදි මෙයට හේතු වී ඇත්තේ ජාතියේ ආඩම්බරකාර තාත්තාට විමල්ගේ දුව ගැන ඇති වූ දාරක ස්නේහයයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ(09) රාත්‍රියේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. මේ දුරකථන ඇමතුමට අඬමින් පිළිතුරු දුන් විමල් වීරවංශ මහතාගේ බිරිඳ ඉල්ලා සිටියේ “විමල්ව කෙසේ හෝ බේරා දෙන්න” යනුවෙන්. මඳ වේලාවක් වීරවංශ මහතා ආරම්භ කර ඇති උපවාසය පිළිබඳ කතා කරමින් සිටි ජනාධිපතිතුමන්ට විමල් වීරවංශ මහතාගේ බිරිඳ පැවසුවේ “සර් දුවත් ඉන්නවා, දුවත් හොඳටම අඬනවා, තාත්තා කන්නේ නැති නිසා එයත් අද රෑ ඉදලා කන්නේ නැහැ කියන” බවයි. ජනාධිපතිතුමා ඒ මොහොතේ විමල්ගේ දියණියටද දුරකථනය ඔස්සේ කතා කර තිබෙනවා. එවිට දියණියද හඩා වැලපෙමින් “තාත්තිව හෙට දවල් කෑමට ගෙදර එක්කරගෙන එන්න” යනුවෙන් ජන...