Posts

Showing posts with the label බෑන් කී මූන්

දේශප්‍රේමීනි, මෙන්න ආණ්ඩුව බෑන් කී මූන්ට කඩේ යනෝ!

Image
එදා එංගලන්තෙට 'ඇරලා' පැනලා ආපු චණ්ඩියා  (2011 ජුනි 11,   W3Lanka )   එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස බෑන් කී මූන් මහතා දෙවන වරටත් එම තනතුරට පත් කිරීමට සහාය දීම‍ට සෙසු ආසියානු රටවල් සමග ලංකාව ද එකඟ වී ඇති බව විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි. ඇමති ජී.එල්. පීරිස් සමග එක කැබිනට් මණ්ඩලයේ සිටින ලෙමන් පෆ් කකා උපවාස කළ විමල් වීරවංශ ඇමතිතුමා ගැන අපට මාර දුක ය. දැන් ඉතින් එතුමා රෙද්දක් ඇඳගෙන පා‍රේ යන්නේ කොහොම ද? ආණ්ඩුව බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සාක්කුවට වැටී ඇත. දේශප්‍රේමී නලින්, ගුණදාස, ගුණවංස ඉතින් කෝ වැඩ? පුවත්පත් නිවේදන විතර ද? කෝ අර ගිය මාසයේ අග හරියේ පවත්වනවා ය කියූ මහා උද්ඝෝෂණය? අනේ ඒක ඉක්මණට පවත්වන්න. කලකින් අපි ඔබේ දේශප්‍රේමී උද්‍යෝගය දුටුවේ නැත. ඒක නැති වුණා ම ඉතින් රට නන්නත්තාර ය.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

පාලකයන්ට ප්‍රඥාව පහළ කර ගන්න රනිල්ගේ කතාව නිමිත්තක්

Image
(2011 මැයි 04,   W3Lanka )  ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගෙන අප මෙහි පළ කළ ඡායාරූපය ජාතික හෙළ උරුමය ඊයේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවේදී ගනු ලැබූ එකකි. අධිෂ්ඨාන පූජාවට සහභාගි වන අධිෂ්ඨානය බිඳ ගත් භික්ෂුවක් සිය අත ඇති ඩිජිටල් කැමරාවෙන් ඡායාරූපයක් ගන්නා අන්දම එහි සටහන් වී ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන්ට තිසරණ බලෙන් ප්‍රඥාව පහළ කිරීම මෙම අධිෂ්ඨාන පූජාවේ අරමුණ විය. අබෞද්ධ බෑන් කී මූන්ට ප්‍රඥාව පහළ කිරීමට පෙර බෞද්ධ භිකෂූන් කළ යුතුව ඇත්තේ අර්බුදයට මුහුණ දී සිටින මේ රටේ පාලකයන්ට අවස්ථාවට මුහුණ දීම සඳහා ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමයි. පාලකයන්ට සැබැවින් ම ආදරය කරන ඔවුන්ගේ හිතවතුන් මේ මොහොතේ හැසිරිය යුත්තේ වළං කඩේට පැන්න ගොනුන් විලස නො වේ. ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැහැදිලිව සඳහන් කළ අන්දමින් මේ වනාහි 1987දී ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් යුද්ධයට කොටු වී සිටි ජනතාවට ආහාර ආධාර ගුවනින් සැපයූ අවස්ථාව වැනි එකකි. අප දකින අන්දමට නම්, මේ වනාහි කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු සංහිඳියාව ඇති කිරීමට හ...

මූන්ගේ කමිටුව ලංකාවට එනකොට විමලුයි ජී.එලුයි අඳින රෙද්ද කුමක් ද? Weerawansa and G.L. Peiris in trouble as Sri Lanka government acepts UN Secretary General's panel

Image
( 2010 දෙසැම්බර් 20,  W3Lanka ) මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා ලැබ සිටින ලංකාවේ රජය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට උපදෙස් දීම සඳහා පත් කරන ලද කමිටුව ලංකාවේ රජය විසින් පිළි ගෙන එයට ලංකාවට පැමිණ ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිලධාරීන් හමු වීමට අවසර ලබා දී තිබේ.  එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කරන ලද මෙම කරුණ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලූෂන් රාජකරුණානායක සන්ඩේ ටයිම්ස් පුවත්පතට කරන ලද ප්‍රකාශයකින් තහවුරු කර තිබේ.  දැන් ප්‍රශ්න කීපයක් මතු වේ. එකක්, මෙම කමිටුවට එරෙහිව ලෙමන් පෆ් කමින්, වතුර බොමින් මාරාන්තික උපවාසයක් කළ විමලු වීරවංශ ඇමතිතුමා කැබිනට් රැස්වීම්වලට එහෙම යන්නේ කුමන ආකාරයේ රෙදි ඇඳගෙන ද යන්නයි.  දෙවන ප්‍රශ්නය මෙම කමිටුවට නීතිමය වලංගුභාවයක් නැතැයි ප්‍රකාශ නිකුත් කළ මහාචාර්ය ජී.එල්. පීරිස්ට නම් ඔය රෙදි පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ ම නැද්ද යන්නයි.  මේ කමිටුවේ සාමාජිකයන්ට ලංකාවට පැමිණීම සඳහා වීසා නො දෙන බව ඒ දිනවල ආණ්ඩුව හායි හූයි ගාමින් කීවේ ය.  අහෝ විමලුනි, ගාමිනී ලක...

කමිටුව එහෙම ම ඇත. නටපු තොවිලෙකුත් නැත. බෙරේ පලුවකුත් නැත.

Image
(2010 ජුලි 10,  W3Lanka )  එක්සත් ජාතීන්ගේ ලේකම් බෑන් කී මුන්ගේ කමිටුවට එරෙහි සටන අවසන් වන්නේ ජයග්‍රහණයෙන් හෝ මරණයෙන් පමණක්‌ බවත් ඉන් එපිට කිසිදු විසඳුමක්‌ අවශ්‍ය නැති බවත් ඊයේ කී විමල් අද උපවාසය අවසන් කළේ ය. ඒ බෑන් කී මූන් කමිටුව ඉවත් කර ගත් නිසා නොවේ. රජයේ නිල පුවත් ඒජන්සිය වන ලංකා පුවත් පවසන පරිදි මෙයට හේතු වී ඇත්තේ ජාතියේ ආඩම්බරකාර තාත්තාට විමල්ගේ දුව ගැන ඇති වූ දාරක ස්නේහයයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ(09) රාත්‍රියේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා. මේ දුරකථන ඇමතුමට අඬමින් පිළිතුරු දුන් විමල් වීරවංශ මහතාගේ බිරිඳ ඉල්ලා සිටියේ “විමල්ව කෙසේ හෝ බේරා දෙන්න‍” යනුවෙන්. මඳ වේලාවක් වීරවංශ මහතා ආරම්භ කර ඇති උපවාසය පිළිබඳ කතා කරමින් සිටි ජනාධිපතිතුමන්ට විමල් වීරවංශ මහතාගේ බිරිඳ පැවසුවේ “සර් දුවත් ඉන්නවා, දුවත් හොඳටම අඬනවා, තාත්තා කන්නේ නැති නිසා එයත් අද රෑ ඉදලා කන්නේ නැහැ කියන” බවයි. ජනාධිපතිතුමා ඒ මොහො‍තේ විමල්ගේ දියණියටද දුරකථනය ඔස්සේ කතා කර තිබෙනවා. එවිට දියණියද හඩා වැලපෙමින් “තාත්තිව හෙට දවල් කෑමට ගෙදර එක්කරගෙන එන්න” යනුවෙන් ජන...

අපේ අලුත් සතුරා බැන් කී මූන් | Sri Lanka finds out an enemy in (Ban Ki-)Moon

Image
(2010 ජුලි 07,  W3Lanka )  සතුරා විසින් වට කර ගත්තේ යයි හැ‍ඟෙන කල බොහෝ රුසියානුවන්ට සැබෑ මානසික සහනයක් දැනේ. දේශපාලකයන්ට එය වගකීම්වලින් පළා යාම සඳහා මාර්ගයක් ලෙස පාවිච්චි කළ හැකි ය. ටික කලකට ඉහතදී පුවත්පත් කලාවේදියකු සමග කළ සාකච්ඡාවක් මට සිහිපත් වේ. කියුබාව ඇමරිකානු නාවික හමුදා විසින් වටකිරීමට භාජනය වී සිටි සමයේ කියුබානු කැබිනට් රැස්වීමක‍ට සවන් දුන් මෙම පුවත්පත් කලාවේදියා වාර්තා කළ පරිදි ජනේලයෙන් පිටත ඈත සිතිජයේ එක දිගට නතර කර තිබුණු එක්සත් ජනපද යුද නැව් දෙසට ඇඟිල්ල දිගු කළ ෆිදෙල් කැස්ත්‍රෝ මෙසේ කීවේ ය. "උන් ගියොත් එහෙම අපට මේවා කාඩ්බෝඩ්වලින් හරි හදා ගන්න වෙනවා." -මොස්කව්හි ලෙවාඩා මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂක, සමාජ විද්‍යාඥ ඇලෙක්සේයි ලෙවින්සන් ප්‍රභාකරන් වෙල්ලිමුල්ලිවයික්කාල්හිදී අවසන් සටනින් පැරදුණ දවසේ සිට ලංකාවේ ආණ්ඩුවට සතුරකුගේ පුරප්පාඩුවක් තිබේ.  දෙමළ ඩයස්පෝරාව සතුරා ලෙස පෙන්නන්නට දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත. එකක්, දෙමළ ඩයස්පෝරාවේ රුද්‍රකුමාරන් වැනි නායකයන්ගේ රූපය ම වුව සිංහලයන් තුළ බියක් ඇති කිරීමට තරම් නොවේ. ඩයස්පෝරාවේ සිටින කොටින් යයි කියන සෙසු පූසන් ඡාය...

එක්සත් ජාතීන්ට එරෙහිව ලංකා ආණ්ඩුව උද්ඝෝෂණයේ | Sri Lanka government protests against UN

Image
(2010 ජුලි 06,  W3Lanka ) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත් කර ඇති ලංකාවේ වගවීම හා සම්බන්ධ කාරණා පිළිබඳ ඔහුට උපදෙස් දීම සඳහා වූ කමිටුවට විරෝධය පළ කිරීම සඳහා දැවැන්ත, ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයක් අද ආණ්ඩුව විසින් කොළඹදී පවත්වන ලදී.  පාලක රාජපක්ෂ පවුලේ ළඟ ම හිතවතකු හා ප්‍රබල ඇමතිවරයකු වන නිවාස හා ඉදි කිරීම් ඇමති විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට ප්‍රචණ්ඩව හැසිරෙන ආකාරය කැමරාගත වී තිබේ.  උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ජාතික නිදහස් පෙරමුණේ නමින් වුව ද එයට ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය ලැබී ඇති අන්දම දක්නට ලැබිණි.  ජාතික නිදහස් විසින් මීට දින කීපයකට පෙර කරන ලද ශපථ කිරීම අනුව යමින් විමල් වීරවංශ විසින් මෙහෙයවන ලද උද්ඝෝෂණකරුවන් විසින් එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට ගෙන තිබුණු අතර ඔවුන්ට පිට වී යාම පිණිස විදේශ අමාත්‍යංශයේ ලේකම් රොමේෂ් ජයසිංහට හා පොලිසියට මැදිහත් වන්නට සිදු විය.   එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනු දක්නට ලැබිණි.  මෙම ක්‍රියාව එක්සත් ජාතීන්‍ වෙතින් තදබල ප...

විමල් වීරවංශගේ මාරාන්තික උපවාසය කවදා ද? | When is Wimal Weerawansa's fast unto death?

Image
(2010 ජුලි 01,  W3Lanka )  ලංකාව පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් පත් කරන ලද කමිටුවට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ඇමති විමල් වීරවංශ පවසයි.  මේ පිළිබඳව ඔහුගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණ සෙසු ජාතික සංවිධාන සමග සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පැවසී ය.  එපමණක් නොව ජනතාව ලවා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලවා බෑන් කී මූන් එකී කමිටුව විසුරුවා හරින තෙක් කාර්ය මණ්ඩලය සිර කර ගත යුතු බවක් විමල් කී බව ද කලම්බු ටුඩේ නමැති වෙබ් අඩවිය පවසා තිබේ.  ආණ්ඩුවේ ම ඇමතිවරයකු වන විමල් වීරවංශ කරන මෙම ප්‍රකාශයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ද ලැබී තිබිණි. එය එක්තරා අන්දමකින් ලංකාවේ පාලකයන්ගේ අසහනය හා ස්වයං විනාශකාරී ප්‍රවේශය සනිටුහන් කරන අවස්ථාවක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයේදී සලකුණු වීම වැළැක්විය නො හැකි ය.  තග දමා මේ ගනුදෙනු බේරා ගැනීමට හැකි වේ ද යන්න සැක සහිත ය. එසේ ම, බෑන් කී මූන්ට එරෙහිව එක් එක් රටවලින් ප්‍රකාශ ඉල්ලන්නට යාම ද සාර්ථක වී නැත. කමිටුවට එරෙහිව ප්‍...