ගැහැනුන් ගල් ගසා මරන අපේ යාලු රට
(2010 ජුලි 13, W3Lanka ) හොරෙන් පැනලා යන්න හෝ කොහොම හරි ගිහින් ගල් වෙන්න උත්සාහ කරන හෝ එහෙම නැතිනම් ග්‍රීන් කාඩ්, පී.ආර්. ඉල්ලා සිටින ඇමරිකාව වගේ රටක් නො වුණාට ඉරානය ළඟකදි ඉඳන් එක බඩවැල කඩාගෙන ඉපදුණා වගේ අතිජාත සහෝදර දේශයක් නේ. ඉතින් ඒ රටවල වෙන දේ ගැන අපි දැන ගන්න ඕනැ. එහෙ හරි ෂෝක් රට! තවමත් මිනිසුන් ගල් ගසා මරනවා. අපේ සමහර දේශප්‍රේමියෝත් කියන්නේ මේ රටේත් එහෙම තියෙනවා නම් හොඳයි කියලා. කතාව ඇත්ත. තියෙනවා නම් හොඳයි. මොකද එතකොට මුලින් ම ගල් පාර කාලා මැරෙන්නේ දේශප්‍රේමී වෙස් මූණු දාගෙන ඉන්න දේශප්‍රේමියෝ ම තමයි. ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන පළාතේ අධිකරණය තීන්දුවක් දී තිබෙනවා, 43 හැවිරිදි සකිනෙ මොහොම්මදි අෂ්ටියෙනි ගල් ගසා මරන්න. මේ දෙදරු මව ගල් ගසා මරන්න තීරණය කරන්නට හේතු වුණ වරද දන්නවද? ඒ තමයි adultery හෙවත් පරදාර සේවනය. ඒ ගැහැනිය එක්ක පරදාර සේවනයේ යෙදුණ පිරිමින්ට නම් දඬුවමක් දී නැහැ. අපි වරද ගැන මොකුත් අදහසක් දක්වන්නේ නැහැ. අප කතා කරන්නේ දඬුවම ගැනයි. ඔබත් කැමතිද ගැහැනියකට ගල් ගසා මරන්න. අර සිඟන්නන්ගේ හිස් ගල්වලින් කුඩු කර මරා දමන විට නිර්නාමිකව බ්ලොග් පෝස්ට් ද...