ෆොනීත් ළඟදී ම ආණ්ඩුවට පනී? | Fonny to join hands with the government?
(2010 ජුලි 08, W3Lanka ) විපක්‍ෂයේ පක්‍ෂ නායකයෙක් හා එ.ජා.ප. මන්ත්‍රීවරයෙක් ළඟදීම ආණ්‌ඩුවට යන සිරසින් යුත් ලිපියක් අද දිවයින පුවත්පතේ ඇත. එය ලියා ඇත්තේ හොඳ දේශපාලන සම්බන්ධකම් ඇති මාධ්‍යකරුවකු වන පියසේන දිසානායක විසිනි. එම වාර්තාව මෙසේ ය: විපක්‍ෂයේ පක්‍ෂ නායකෙයකු සහ එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ඉදිරියේ දී ආණ්‌ඩුවට එක්‌වීමට සූදානම්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග කියයි.ආණ්‌ඩුවට එක්‌වීම හා ඉදිරි තත්ත්වයන් පිළිබඳව මෙම දෙදෙනා ප්‍රබල ඇමැතිවරයෙකු සමග සාකච්ඡා කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම පක්‍ෂ නායකයා ආණ්‌ඩුවට පත්කර ගැනීමේ ප්‍රධාන කාර්ය එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයා විසින් සිදු කරන අතර ඔහු ඒ බව ජනාධිපතිවරයාටද ප්‍රථමයෙන් යෝජනා කර ඇති බවද දැනගැනීමට තිබේ. පක්‍ෂනායකයා සහ එ. ජා. ප. මන්ත්‍රීවරයා ප්‍රශ්න ගණනාවකට මුහුණදී සිටින අතර ඊට සහනයක් ලබාගැනීමේ අරමුණ ඇතිව මෙලෙස ආණ්‌ඩුවට එක්‌වීමට තීරණය කර ඇති බව ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි. ප්‍රහේලිකා භාෂාවෙන් ලියා තිබෙන මෙම ලිපියේ ගැටලුව මෙසේ ලිහා ගත හැකි ය. විපක්ෂයේ ඇත්තේ ප්‍රධාන පක්ෂ තුනක් පමණ...