සරත් ෆොන්සේකා කෝටුමස් කරන තැත අවුලක | Effort to court martial Sarath Fonseka in trouble
(2010 මාර්තු 17- W3Lanka ) රජය පෙරළන්නට හා ජනාධිපති මරන්නට කුමන්ත්‍රණ කළ බව කියා අත්අඩංගුවට ගනු ලැබූ, දෙමළ විමුක්ති අරගලයට එරෙහි යුද්ධය ජය ගන්නට හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව දැන් එල්ල වන කුමන්ත්‍රණ නොවන චෝදනා විභාග කරන්නට පත් කරන ලද වත්මන් හමුදාපතිගේ මස්සිනාගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධාධිකරණයේ ගැටළු ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මෙසේ පැවසීය. "පසුව අද උදේ නියමිත වේලාවට පසුවී දෙවන වතාවට යුධාධිකරණය කැඳවුවා. ඒ අවස්ථාවේදී මේ වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් පැවසුවා තමන් වෙනත් යුධාධිකරණයට පෙනී සිටින බැවින් මේ යුධාධිකරණයට පෙනී සිටින් බෑ කියල. පසුව ඔවුන් දින නියමයක් නොමැතිව නඩුව අවසන් කළා. අපි පැහැදිලිවම කියන්නේ මෙක ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්. නමුත් මේ විනිසුරුවරුන් යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන් නෙමෙයි. මේක නීති විරෝධි නම් ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කළ ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ." පාලක එක්ස...