ජාතියට දියවැඩියාව | Sri Lanka; a diabetic nation

(2010 මාර්තු 19-W3Lanka)  ලංකාවේ ජනහනයෙන් සියයට පනහක්‌ 2020 වසර වෙද්දී දියවැඩියා රෝගයට ගොදුරුවීමේ අවදානමක්‌ උද්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය විසින් සිදුකළ සමීක්‍ෂණ වාර්තාවකින් අනාවරණය කර ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කළේය.


මේ වන විට ජනගහනයෙන් සියයට විසිපහක පමණ පිරිසක්‌ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බවද පාසල් දරුවන්ගෙන් සියයට පහළොවක්‌ දියවැඩියා පූර්ව අවස්‌ථාවේ ද සියයට පහත්, දහයත් අතර ප්‍රමාණයක්‌ දියවැඩියා දෙවන කාණ්‌ඩ අවස්‌ථාවට ගොදුරුවී ඇතැයි ද මෙම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දේ.


ජීවන රටාවේ හා ආහාර පරිභෝජන රටාවේ වෙනස්‌ වීම්, අධික ලෙස තෙල්. සීනි සහ ලුණු භාවිතය, කෘත්‍රිම ආහාර පානවලට ඇබ්බැහිවීම, විවේක කාලයේදී ශාරීරික ව්‍යායාම්වල නොයෙදීම සහ මත්පැන්, දුම්වැටි ඇබ්බැහිය මෙම රෝග ඉහළ යැමට හේතු බව වාර්තා වේ.


තවමත් ලංකාවේ මිනිස්සු දියවැඩියාව දියුණුවේ අතුරු ඵලයක් ලෙස සලකති. විශේෂයෙන් ම ලංකාවේ මධ්‍යම පංතිය දරුණු ලෙස දියවැඩියාවෙන් පෙළෙති. ලංකාවේ සමාජ දේශපාලනික කාරණාවලදී මෙම මධ්‍යම පංතියට ඇති ආධිපත්‍යය හමුවේ ලංකාවේ සමස්ත සමාජ ආර්ථික දේහයට ම දියවැඩියාව හැදී ඇති බව අපේ විශ්වාසයයි. මන්ද, ඔවුන්ගේ චින්තනයට සෑම විට ම දියවැඩියාවේ බලපෑම ඇත. ඡන්දය දී පාලකයන් පත් කර ගනිද්දී ද ඔවුන් එය කරන්නේ දියවැඩියා රෝගීන් ලෙසයි.


ඒ මෙසේය: දියවැඩියා රෝගීන් පැණි රස කන්නට ආසාමුත් කෑම අනතුරුදායක බැවින් බියට නොකති. මධ්‍යම පංතියට ද මේ සමාජ ක්‍රමයේ අසංඛ්‍යයක් ගැටළු ඇතත්, ඔවුහු මෙය වෙනස් කරන්නට බිය වෙති. දියවැඩියාකාරයෝ රස කෑම දැක, දැකමුත් කන්නට වාසනාව නොමැතිව උකටලීව වෙසෙති. දියවැඩියා දේශපාලන ප්‍රජාව ද ලෝකයේ වෙනත් රටවල සමාජයන් ආර්ථිකව හා දේශපාලනිකව දියුණු වනු දකිමින් එහෙත් තමනට එය අපථ්‍ය යයි සිතමින් උකටලී වෙති.


මේ සමාජයට දියවැඩියාව හැදෙන්නට තවත් හේතුවක් වන්නේ ජරාව කෑමයි. මෙහි ජරාව යනු දූෂණයයි. මුළු මහත් සමාජයම ඉහළ සිට පහළ දක්වා දූෂණයෙන් ම පෝෂණය වෙති. දියවැඩියාකාර මධ්‍යම පංතිය නම් දූෂණයේ වැඩිපුර යෙදෙන්නේ අඩුවෙන් වැඩ කර වැඩියෙන් පඩි ගන්නා රජයේ රැකියාවලට ලොල් වීමෙනි.


ලංකාවේ දේශපාලනික සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යායාමයන් නැත. දේශපාලන සමාජය රෝගී වීමට ප්‍රධාන හේතුව එයයි. සමාජය තමන්ගේ අයිතිවාසිකම් නොදනියි. විශාල වශයෙන් බදු ගෙවමින් සිතන්නේ තමන්ට ලැබෙන දේ රජ පවුල හා උන්ගේ ඇම්බැට්ටයන් පිනට දෙනවා ය කියා ය. එබැවින් තමන්ගේ බදු මුදලින් තමන්ට ලැබිය යුතු හිමිකම් වන රැකියාවක්, දරුවාට පාසලක්, පාරට තාර වැනි කාරණා වෙනුවෙන් මන්ත්‍රීලා පත් කර පාර්ලිමේන්තුවට යවති.


ලංකාවේ දේශපාලන සමාජය අධික ලෙස රූපවාහිනී නම් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී තිබේ.එය විසින් යථාර්ථය අමතක කරන්නට අවශ්‍ය මෝහනය ලබා දෙයි. නිදසුනක් ලෙස, මව විසින් කලු ගඟට විසි කරන දරුවාගේ ප්‍රශ්නය එම පවුලේ ප්‍රශ්නයක් ලෙස ගෙන ඒ ළමයින් පස්දෙනා වීරයන් ලෙස වන්දනා කරමින් කරන විකාරය සැලකිය හැකිය. ඒ ඔස්සේ වීසි කරන්නට දරුවන් තනනා මේ සමාජයේ කුරිරු යථාර්ථය සැඟවිය හැකිය. එය ද සමාජයට දියවැඩියාව හැදෙන්නට ප්‍රධාන හේතුවකි.

Comments

  1. Harimanath gavehsnayak kalot bohamayak ape budhimatun "UDU YATIKURU" rogayen pelena bawada soyagata heka.

    ReplyDelete
  2. බුද්ධි මතුන් ලංකාවේ නැහැ.ඉන්නේ ලොකු රස්සාවක් හොයාගන්න, තමන්ට විතරක් සැප ජීවිතයක් ලබා ගන්න විභාග පාස් කරපු අය විතරයි.ඇත්තටම බුද්ධිමත් නම් ඒ අයට පීඩිතයගේ දුක දැනිලා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න එකට පෙලගැහෙනවා. ඒ නිසා විභාග විතරක් පාස් කරපු අයට එහෙම බුද්ධිමතුන් කියලා කියන්න එපා. එය බුද්ධිමත්බව වැරදියට වටහා ගැනීමක්.

    ReplyDelete
  3. Anton,
    Mama obe keema ihalinma piligannawa.Ugat kiyana hemoma budhimath novei.E keseunat ape jathiyata rogayk thiyenawa.Diyaweditawata wada bhanakai.Ekathamai mula amatakaweema saha pamporigeseema.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා