Posts

Showing posts with the label දියවැඩියාව

ජාතියට දියවැඩියාව | Sri Lanka; a diabetic nation

Image
(2010 මාර්තු 19- W3Lanka )   ලංකාවේ ජනහනයෙන් සියයට පනහක්‌ 2020 වසර වෙද්දී දියවැඩියා රෝගයට ගොදුරුවීමේ අවදානමක්‌ උද්ගතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය විසින් සිදුකළ සමීක්‍ෂණ වාර්තාවකින් අනාවරණය කර ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කළේය. මේ වන විට ජනගහනයෙන් සියයට විසිපහක පමණ පිරිසක්‌ දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බවද පාසල් දරුවන්ගෙන් සියයට පහළොවක්‌ දියවැඩියා පූර්ව අවස්‌ථාවේ ද සියයට පහත්, දහයත් අතර ප්‍රමාණයක්‌ දියවැඩියා දෙවන කාණ්‌ඩ අවස්‌ථාවට ගොදුරුවී ඇතැයි ද මෙම සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දේ. ජීවන රටාවේ හා ආහාර පරිභෝජන රටාවේ වෙනස්‌ වීම්, අධික ලෙස තෙල්. සීනි සහ ලුණු භාවිතය, කෘත්‍රිම ආහාර පානවලට ඇබ්බැහිවීම, විවේක කාලයේදී ශාරීරික ව්‍යායාම්වල නොයෙදීම සහ මත්පැන්, දුම්වැටි ඇබ්බැහිය මෙම රෝග ඉහළ යැමට හේතු බව වාර්තා වේ. තවමත් ලංකාවේ මිනිස්සු දියවැඩියාව දියුණුවේ අතුරු ඵලයක් ලෙස සලකති. විශේෂයෙන් ම ලංකාවේ මධ්‍යම පංතිය දරුණු ලෙස දියවැඩියාවෙන් පෙළෙති. ලංකාවේ සමාජ දේශපාලනික කාරණාවලදී මෙම මධ්‍යම පංතියට ඇති ආධිපත්‍යය හමුවේ ලංකාවේ සමස්ත සමාජ ආර්ථික දේහයට ම දියවැඩියාව හැදී ඇති බව අපේ විශ්වා...