ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිය 60,000ක් | Sixty thousand employed in ICT in Sri Lanka

(2010 මාර්තු 31-W3Lanka ) හැට දහසකට ආසන්න පිරිසක් මෙරට සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන් හි නිරතව සිටින බව සමීක්ෂණයකින් අනාවරණය වේ.


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මෙහෙයවීම මත මෙම සමීක්ෂණය සිදු කර තිබේ.


රාජ්‍ය ආයතන 100 ක් පෞද්ගලික ආයතන 350 ක් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර කරණ කර්මාන්තයේ යෙදී සිටින ආයතන 100 ක් සහ තොරතුරු තාක්ෂණය පුහුණු කරන ආයතන 50 ක් මෙම සමීක්ෂණය සදහා සහභාගි කර ගෙන ඇත.


සමීක්ෂණයට අනුව වැඩිම පිරිසක් එම ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරතව සිටින්නේ පෞද්ගලික අංශය නියෝජනය කරමින් වන අතර එම ගණන 53963 කි. රාජ්‍ය අංශය නියෝජනය කරමින් 3019 ‍ක් එම රැකියාවන් හි නිරතව සිටී.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවන්හි යෙදී සිටින පිරිස පසුගිය 2009 වසරට වඩා සියයට විස්සකින් පමණ වැඩිවී තිබෙන බවද මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.


මෙහි පිරිමි නියෝජනය සියයට 79 ක් පමණ වන අතර කාන්තා නියෝජනය සියයට 21ක් පමණ වේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා