Posts

Showing posts with the label යුද්ධාධිකරණය

මේ ‍සරත් ෆොන්සේකාගේ ලිට්මස් පරීක්ෂාවයි | Litmus test of Sarath Fonseka's personality

Image
( 2010 එක්තෝබර් 01,  W3Lanka )  ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අනුමත කරන ලද යුද්ධාධිකරණ තීන්දුවක් ඔස්සේ වසර දෙකහමාරකට බරපතල වැඩ ඇතිව සිරගෙට නියම කරන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් අවශ්‍යව තිබෙන්නේ කුමක් ද යන්න පිළිබඳ ඉඟියක් අද දිනමිණ පුවත්පත සපයා තිබේ. එය පවසන්නේ ආණ්ඩු ගැති විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහනාමහේවාගේ කටෙනි. මොහු තෝරා ගැනීම සුවිශේෂ ය. 2010 ජනාධිපතිවරණයට පෙර මොහු කොළඹ විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද විද්වත් කතිකාවකදී විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පක්ෂව කරුණු දැක්වූ බව රාමචන්ද්‍රගේ අඩවිය පවසයි. එහි සඳහන් වන අන්දමට එදා "විධායක ජනාධිපතිධූරයේ භයානක බව එහිදී එතුමා විසින් පතුරු ගසන්නට යෙදුනි.දහහත්වන සංශෝධනයේ වැදගත්කම පිලිබද අතිශය දැඩි අවධාරනය කිරිමක් ඔහු විසින් නැවත නැවතත් එහිදී සිදු කරන ලදී." ආණ්ඩුව රෙදි අපුල්ලන්නට යොදා ගන්නේ ජංගියේ කක්කා කර ගත් ළමයින් බව පසුගිය කාලය පුරා ම දක්නට ලැබිණි. මේ අය රෙදි අපුල්ලන්නේ ඇරියස් අල්ලන්නට ය. ගලේ ගහන්නේ රෙද්ද ඉරෙන තරම් හයියෙනි. යුද අධිකරණයකින් ලබ...

පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව ඔක්තෝබර් 13 වැනි දින විභාගයට

Image
( 2010 අගෝස්තු 16,  W3Lanka )  පසුගිය 13දා සරත් ෆොන්සේකා වැරැදිකරු බවට තීන්දු කරමින් ඔහුව හමුදා සේවයෙන් අගෞරවනීය අන්දමින් නෙරපා හැරීමට නියම කළ පළමු යුද අධිකරණය තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා පැවරූ නඩුව, ඔක්තෝබර් 13 වැනි දින විභාග කිරීමට නියමිත ය. මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ විනිසුරු සත්‍ය හෙට්ටිගේ, ඩබ්ලිව්. එල්. රංජිත් සිල්වා සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුමඬුල්ල හමුවේ පසුගිය ජුලි 26දා කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි. යුද හමුදාපති ජගත් ජයසූරිය පළමු යුද අධිකරණයේ සාමාජිකයින් හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකැර ඇත. මෙකී පැමිණිල්ලට අනුව අභියාචනාධිකරණය පළමු යුද අධිකරණයට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළ අතර, එම අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය. අතුරු නියෝගය දීර්ඝ නොකිරීමට එරෙහිව ෆොන්සේකා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ගොනු කළේය. අභියාචනා පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණයේ තීරණය අනුමත කරමින් අතුරු නියෝගය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළේය. යුද අධිකරණය පිහිටුවීමේ තීරණය...

ඔහුව ඔසවා තැබූ වනචාරිත්වය ඔහුව පාවා දී ද ඇත.

Image
(2010 අගෝස්තු 13,  W3Lanka )   සරත් ෆොන්සේකා හමුදා සේවයේ සිටියදී දේශපාලනය කළේ ද යන්න විභාග කිරීම පිණීස පත් කරන ලද යුද්ධාධිකරණය විසින් ඔහු වරදකරු බවට තීන්දු කර අගෞරවනීය අන්දමින් හමුදා සේවයෙන් ඉවත් කිරීම දඬුවම ලෙස නියම කර තිබේ. ( යාවත්කාලීන කිරීමක්: ප්‍රංශ පුවත් සේවයේ පළ වූ මෙම පුවත වැරදි බව ද නඩු විභාගය තවම සිදු වෙමින් ඇති බව ද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ මහා අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල පවසා ඇත. )  දඬුවම ක්‍රියාත්මක කිරීම ඇත්තේ ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා වන ජනාධිපතිවරයා අතේ ය. ඔහු දඬුවම ක්‍රියාත්මක කළත්, නැතත්, ෆොන්සේකා විනාශ කර දමා හමාර ය.  තව යුද්ධාධිකරණයකින් හා සිවිල් අධිකරණයකින් ෆොන්සේකා හමුදාවට මිළ දී ගැනීම් කරද්දී වංචා කළේ ද යන්න විභාග කරමින් තිබේ. ඔහුට පහසුවෙන් ගැලවීමක් නැත.  ෆොන්සේකා රාජපක්ෂ පවුල් පාලනය සමග සමීපව කටයුතු කළ කෙනෙකි. ඔහු හමුදාපති ධුරයට ගෙන ආවේත්, කොටින්ගේ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමෙන් පසු දිගින් දිගට ම ඔහුගේ සේවය දීර්ඝ කරනු ලැබුවේ ද මේ හිතවත්කම නිසා ය.  පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති මහින්ද රාජපක...

සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු යන්න ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ඕනැද? | Does Sarath Fonseka need Defense Ministry permission to attend parliamentary meetings?

Image
(2010 අප්‍රේල් 19 -  W3Lanka )  පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට හා රැස්වීම්වලට සහභාගි වීමට දැනට හමුදා අධිකරණවල නඩු විභාගයන්ට මුහුණ දෙමින් සිටින සරත් ෆොන්සේකා ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබා ගත යුතු බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවලට පවසා තිබිණි. ජවිපෙ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ සරත් ෆොන්සේකාට එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවන බවයි. මේ පිළිබඳව නීතිමය තත්වය පිළිබඳ විවාදයක් ජනමාධ්‍ය ඔස්සේ ආරම්භ කිරීමට පුළුවන. එහෙත්, අප දකින අන්දමට නම්, සත්‍ය වශයෙන් ම අද රටේ පවතින සැබෑ තත්වය අනුව නම්, එවැනි අවසර ගැනීමක් අත්‍යවශ්‍ය හා අනිවාර්ය වේ. එවැනි අවසර ගැනීමක් අවශ්‍ය නොවන්නේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පවතින ජනතා පරමාධිපත්‍යයට සැබැවින් ගරු කරන රටකය. වගකිවයුතු පුරවැසියන් පිරිසක් සිටින රටකය. ලංකාව එවැනි රටක් නොවන බව අනුර කුමාර දිසානායක හා සරත් ෆොන්සේකා නොදැන සිටිය නොහැකිය. මක් නිසාද යත් ලංකාව එම තත්වයට පත් කිරීම සඳහා මේ දෙදෙනාද සැලකිය යුතු අන්දමින් දායක වී ඇති හෙයිනි.  ලංකාවේ තවමත් වැදගත් ආයුධ මිස ජනතා පරමාධිපත්‍යය, ප්‍...

සරත් ෆොන්සේකා කෝටුමස් කරන තැත අවුලක | Effort to court martial Sarath Fonseka in trouble

Image
(2010 මාර්තු 17- W3Lanka )   රජය පෙරළන්නට හා ජනාධිපති මරන්නට කුමන්ත්‍රණ කළ බව කියා අත්අඩංගුවට ගනු ලැබූ, දෙමළ විමුක්ති අරගලයට එරෙහි යුද්ධය ජය ගන්නට හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව දැන් එල්ල වන කුමන්ත්‍රණ නොවන චෝදනා විභාග කරන්නට පත් කරන ලද වත්මන් හමුදාපතිගේ මස්සිනාගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධාධිකරණයේ ගැටළු ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා ‍දෙයි. මේ පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මෙසේ පැවසීය. "පසුව අද උදේ නියමිත වේලාවට පසුවී දෙවන වතාවට යුධාධිකරණය කැඳවුවා. ඒ අවස්ථාවේදී මේ වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් පැවසුවා තමන් වෙනත් යුධාධිකරණයට පෙනී සිටින බැවින් මේ යුධාධිකරණයට පෙනී සිටින් බෑ කියල. පසුව ඔවුන් දින නියමයක් නොමැතිව නඩුව අවසන් කළා. අපි පැහැදිලිවම කියන්නේ මෙක ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්. නමුත් මේ විනිසුරුවරුන් යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන් නෙමෙයි. මේක නීති විරෝධි නම් ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කළ ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ." පාලක එක්ස...

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ වගකීම හමුදාවට පවරා ආණ්ඩුව අත සෝදා ගනී | Government vest in the responsibility of Fonseka arrest to Army and washes hands

Image
(2010 මාර්තු 16- W3Lanka )   සක්‍රීය හමුදා සේවයේ සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් යුද හමුදා පනතේ 124 හා 102 (1) වගන්ති යටතේ විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට එරෙහිව යුද්ධාධිකරණයේ පවරා ඇති නඩුව අද වභාගයට ගැනේ. දෙවැනි නඩුව හෙට (17) කැඳවීමට නියමිතය. එම නඩුවෙන් යුද හමුදාවට භාණ්ඩ මිලදී ගැනීමට අදාළව ඇති නීති රීති රෙගුලාසි වලට පටහැනිව කටයුතු කෙළේ යැයි චෝදනා මත යුද හමුදා පනතේ 109 (ඊ) වගන්තිය යටතේ චෝදනා හතරක් ගොනු කැර තිබේ. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගනු ලැබුවේ ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට හා රජය පෙරළීමට කුමන්ත්‍රණ කළ බව කියමිනි. තමා බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත් සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනවාරි 28දා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට ගමන් ගනිද්දී ලේක්හවුස් වටරවුමේ දී හෝ ගාලු පාරේ දී මේ ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව ද ඝාතනය සඳහා හමුදාවෙන් ප...