Posts

Showing posts with the label කාලෝ ෆොන්සේකා

අප වෙනසක් වෙනුවෙන් මුල පිරිය යුත්තේ අැයි?

Image
ඉහත පැනයට හොඳම පිළිතුර බුදු බණ ගැන කියැවුණ මේ කවියයි. තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ තණ්හාව නසා විමුක්තිය පතා නිවන් මග මේ යයි පෙන්වා දුන් සේක ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක් ඇසුවෝය හිමිගෙන් එක්තරා පැනයක් තණ්හාව හළ විගස සැණයකින් අප ලබන ඔබ කියන ඔය නිවන කෙබඳුදැයි කියනු මැන එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත බඹ ලොවට පිවිසීම වාගේ ද නිවන් සුව ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා කුසීතව පාවෙමින් සිටින්නා වාගේ ද? ඔබ කියන ඔය නිවන පැහැපත් ද? පියකරු ද? නොඑසේ නම් එය සිත නැති කය නැති කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි මෙය ඇසූ හිමි සඳ හෝරා ගණනක් වැඩ හිඳ නිසලව කීවේ මෙලෙසය ඔබ ඇසූ පැනයට පිළිතුරු නැත මට එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු එහි සිටි සෙසු දන සැම අමතාලා දෙසූහ මේ සුළු කතාව උපමා දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට හසුව තිබිණි රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසෙන් උසට නැගිණි එහි තුළ මම දනන් දුටිමි දොර හැර ඔවුනට හඬ ගා පිට වන්නැයි මම කීවෙමි එහෙත් එද...

මෛත්‍රීපාල සිරිසේන අරලියගහමන්දිරයට යවන්න පතන සමසමාජෙට දෙයියන්ගේ පිහිටයි | God bless Samasamaja that wants to send Maithripala Sirisena to Temple Trees:

Image
අයං වස්සාන කාලෝ මාව බේරන් කාලෝ  (2010 මාර්තු 31- W3Lanka  )  පසුගිය උතුරුමැද පළාත් සභා මැතිවරණ සමයේ පොළොන්නරුවේ ඡන්ද කෙරුවාවේ ගිය ඩිලාන් පෙරේරා කීවේ මෛත්‍රීපාල සිරිසේන ලංකාවේ අනාගත අගමැති බවයි. ඔහු ආපසු කොළඹ එන විට ඔහු දැරූ එක් ඇමති තනතුරක් වන අධිකරණ ඇමතිකම අහිමි වී තිබිණි.  පසුගිය දිනෙක මහාචාර්ය කාලෝ ‍ෆොන්සේකා මෛත්‍රීපාල සිරිසේනගේ නිල වෙබ් අඩවිය දියත් කිරීම හා ඔහු පිළීබඳ පොතක් පළ කිරීම නිමිත්තෙන් බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද උත්සවයකදී පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන බඳු පරමාදර්ශී චරිතයක් සිටිය යුත්තේ අරලියගහමන්දිරයේ බවයි. ඒ ප්‍රාර්ථනාව අනාගතයේදී ඉටු වනු ඇතැයි ඔහු බලාපොරොත්තුව පළ කළේය.  අරලියගහමන්දිරය යනු හරි නම් අගමැති නිල නිවසයි. එහෙත් විධායක ජනාධිපති බලතල යටතේ 2005 සිට එය ජනාධිපතිවරයාගේ වාසභවන බවට පත් කරගෙන තිබේ.  මහාචාර්ය කාලෝ ෆොන්සේකා අදහස් කළේ මෛත්‍රීපාල සිරිසේන අගමැති වනු ඇද්ද, ජනාධිපතු වනු ඇද්ද යන්න අපි නොදනිමු.  එහෙත් අපි ඇමති තිස්ස විතාරණ පිළිබඳ කණගාටු වෙමු. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එතෙර වී විද්‍යා හා තාක්...