Posts

Showing posts with the label සෞඛ්‍ය අමාත්‍යාංශය

මෛත්‍රීපාල සිරිසේන ජේ.ආර්.ටත් එහා ගිය තීන්දුවක: හැබැයි නිවේදනයේ කර්තෘ අඥාතයි

Image
( 2010 නොවැම්බර් 10,  W3Lanka )  ලෙඩ නිවාඩු දමමින් රෝහල්වල සේවයට වාර්තා නොකළ හෙද නිලධාරින් සියලූ දෙනා සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව ‍අද සවස ජනමාධ්‍ය ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රවෘත්තියේ විශේෂ ලක්ෂණය වන්නේ මෙම නිවේදනය නිකුත් කළ නියමිත පුද්ගලයකු නැති වීමයි. හෙද නිලධාරීන් සේවය හැර ගියා සේ සලකන බව පවසන්නේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ද? නැතිනම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අතුල කහඳ ලියනගේ ද නැතිනම්, අද දින සියලූම හෙද කාර්ය මණ්ඩල නිවාඩු අවංලගු කිරීමට තීරණය කළ බව කලින් නිවේදනය කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් ද? නිවේදනයේ කර්තෘ අඥාත ය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වනාහි අද වන විට හෙද සේවයේ වඩාත් ම සක්‍රිය සංවිධානයයි. එහෙත්, තවමත් වැඩි ම සාමාජිකත්වයක් ඇත්තේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නායකත්වය දෙන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයටයි. දැනට කලක සිට ම ආනන්ද හිමි ආණ්ඩුවට කඩේ යමින් හොරිකඩකම්වල යෙදෙමින් සිටියි. හෙද සේවයේ වෘත්තීය සමිති බලය සඳහා මෙම සංගම් දෙක අතර තියුණු තරගයක් තිබෙන අතර හෙද ඉල්ලීම් නො තකා හරිමින් දිගින් දිගට ම ආණ්ඩුවට කඩ...

වසංගත රෝග විද්‍යා අංශ සංඛ්‍යා ලේඛන හා බාටා සෙරෙප්පු | Business tricks of epidemiology statistics of Sri Lanka

Image
(2010 මාර්තු 05- W3Lanka )  වසංගත රෝග විද්‍යා අංශ වාර්තා අනුව 2009 වසරේ ජනවාරි සිට මේ දක්‌වා වූ කාලය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 7999ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 46ක්‌ සිදුව ඇති බව අද ජනමාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සංඛ්‍යා දත්ත දෙස බැලූ විට මතක් වන කරුණක් වන්නේ වෙළෙන්දන් භාණ්ඩවල මිළ ලක්ණු කරන ආකාරයයි. අපට මතක ඇති ආකාරයට මෙම ක්‍රමය මුලින් ම පුළුල් අන්දමින් භාවිතා කළේ බාටා සපත්තු කොම්පැනියයි. ඒ මෙසේයි: යම් සෙරෙප්පු කුට්ටමක් රු. 100කට මිළ ලකුණු කිරීමට අවශ්‍ය නම් ඔවුන් එහි මිළ සඳහන් කරන්නේ රු. 99.90 ලෙසයි. බැලූ බැල්මට එහි මිළ රු. 100 ලෙස නොපෙනේ. එහෙත් සත්‍ය මිළ රු. 100ට අඩු වන්නේ ශත 10කින් පමණි. කතාවට කියන්නේ මේ සෙරෙප්පු කුට්ටම රුපියල් අනූ ගණනක් වුණා ආදී වශයෙනි. වසංගත ‍රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා දත්ත නිකුත් කරන්නන් ද මෙම කූට වෙළඳ ගැටය අනුගමනය කර තිබේ. 8000 සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට තව ඇතුළත් විය යුත්තේ එක් රෝගියකු පමණි. සංඛ්‍යා ලේඛන මාධ්‍යයට යන විට ඒ රෝගියා පමණක් නොව තවත් රෝගීන් ද ඇතුළත් වී සිටිය හැකි ය. වසංගත රෝග විද්‍යා අංශය 8000 සඟවා 7999 යි කියන්නේ පැහැදිලිව ම ජනතාව මුළා කිරී...

සෞඛ්‍ය සේවකයිනි බිය වන්න! වීදුරු කටු එන්නත් ගෙන්වූ කොමිස් කාක්කෝ ආයතන සංග්‍රහය අතට ගනිති

Image
(2009 නොවැම්බර් 09 - W3Lanka ) පසුගියදා ජනමාධ්‍ය මගින් හෙළිදරව් වූ ජන ජීවිතයට හානිකර ප්‍රමිකියෙන් බාල ඖෂධ ආනයනය කර කොමිස් ගැසීමේ සිද්ධි පිළිබඳව ඔන්න සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නට යයි. ඒ කෙසේ ද යත්, වීදුරු කටු සහිත එන්නත්,  කෙස් ගස් සහිත සිරිංජර, ප්ලාස්ට්ක් කැබලි සහිත සේලයින් බෝතල් ආදිය ජනමාධ්‍යවලින් ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු කළ සෞඛ්‍ය සේවකයන්ට එරෙහිවයි. ඔවුන් එම භාණ්ඩ සම්බන්ධයෙන් හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයට පටහැණිව කටයුතු කර ඇති බැවින් මෙම පියවර ගැනීමට ඇමති නිමල් සිරිපාල ද සිල්වාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අතුල කහඳ ලියනගේ පවසයි. මෙවැනි අවස්ථාවලදී මෙම සෞඛ්‍ය සේවකයන් විසින් කළ යුතුව තිබුණේ  එක්කෝ ඇස් වසාගෙන ලෙඩුන් අනතුරට පත් වන පරිදි මේවා පාවිච්චි කිරීමයි. නැතිනම් මුඛයත්, අධෝ මුඛයත්,වසාගෙන අදාළ වෛද්‍ය උපකරණ බලධාරීන් වෙත යොමු කර නිකම් සිටීමයි. එසේ කළා නම් මේ ඕෂධවලින් කොමිස් ගැසූ කාක්කන්ට හා ඒවා මෙරටට ගෙන්වූ සමාගම්වලට කිසිවක් වන්නේ නැත.  මේ සෞඛ්‍ය සේවකයන් විසින් කර තිබෙන 'බලු' වැඩේ නිසා වූයේ ජන ජීවිත ආරක්ෂ...