ගෙදර ආර්ථිකයේදී ගොන්කම මහේක්ෂ ආර්ථික විද්‍යාවේදී සුබ අනාගතයක් වන හැටි | Difference between micro economics and macro economics in Sri Lankan context
(2010 මාර්තු 08- W3Lanka ) ලංකාව දැවැන්ත ණය උගුලක පැටලෙමින් සිටියි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අනාගත පරම්පරා උගසට තබමින් මහා පරිමාණයෙන් ණය ගනිමින් සිටියි. විදේශ රටවලින් හා විදේශ ණය දෙන ආයතනවලින් ඩොලර් මිලියන 2,221.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ලබා ගැනීමට රජය 2009 වසරේදී ගිවිසුම් වලට එළඹ තිබේ. එය 2008 වසරේදී මෙරට අත්සන් කළ ඩොලර් මිලියන 2,069 ක් වටිනා ණය ගිවිසුම් වලට ඩොලර් මිලියන 200කින් පමන වැඩි ය. ලංකාව 2009දී ලබා ගැනීම සඳහා ගිවිසුම්වලට එළැඹි ණය ප්‍රමාණය රුපියල්වලින් 253,942,828,800ක් හෙවත් රු. කෝටි 25,000කටත් වැඩිය. ලංකාවේ ජනගහණය කෝටි දෙකක් නම් බාල, මහළු, වැඩිහිටි ඔබ සැම ගිය වසරේ පමණක් රු. 12,500කට වඩා ණය වී ඇත. අම්මයි, තාත්තයි, දුවයි, පුතයි ඉන්න රත්තරං පුංචි පවුලක් පවා ගිය අවුරුද්දේ පමණක් පිටරටට රු. 50,000කට වඩා ණය වීමට එකඟ වී තිබේ. මේ කලින් ගත් ණයවලට අමතරවයි. 2010දීත් ඉන් පසුවත් අපි තවත් ණය ගනිමු. එදා සිට ගත් ණය වෙනුවෙන් අපි පොලී ගෙවමු. අලුතෙන් ගන්නා ණයවලටත් තව තවත් පොලී එකතු වේ. ණය ද ආපසු ගෙවිය යුතු ය. ගන්නා ණයවලින් වැඩි ප්‍රමාණයක් එක එකා සොරකම් කර ගනිති. ගත් ණයවලින් කළ හ...