Posts

Showing posts with the label නිදහස

ඔය තරම් ම සමරන්නට තරම් දෙයක් ඇත්තට ම මේ නිදහසින් ලැබුණා ද?

Image
(2011 පෙබරවාරි 05,  W3Lanka ) 1815දී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් නො වුණා නම්,මේ රටට කුමක් සිදු විය හැකිව තිබුණි ද යන්න කීමට අපි නො දන්නෙමු. එහෙත්, අපි එක දෙයක් දන්නෙමු. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීම නිසා ලංකාව දැවැන්ත විපර්යාසයකට නම් ලක් විය.එම විපර්යාසය නූතන සංකල්ප අනුව නම් වේගවත් සංවර්ධනයකි. එම සංවර්ධන ක්‍රියාවලියට බඳුන් නො වූවා නම් ලංකාව ද භූතානය සේ නූතන අර්ථයෙන් පසුගාමී රටක් වන්නට ඉඩ තිබිණි. එහෙත්, ලංකාව භූතානයක් වන්නට බැරි ය. මක් නිසා ද යත්, මේ දිවයින පිහිටා ඇත්තේ ආරක්ෂක හා වෙළඳ උපායික මර්මස්ථානයක වන හෙයිනි.  බ්‍රිතාන්‍ය ජාතිකයෝ ලංකාව නම් දූපත එක් මධ්‍යගත රාජ්‍ය පාලනයක් යටතට ගත් හ. ඊට පෙර ලංකාවේ දේශපාලනයේ තිබුණේ ඒකීය රාජ්‍යයක ලක්ෂණ යැයි අප අද හඳුනා ගන්නා ලක්ෂණ නො වේ. පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කරන විට අඩු තරමේ වෙන වෙන ම රාජ්‍යයන් පහක්වත් ලංකා දිවයිනේ තිබුණ බව පෙනේ.  මේ ඒකීය රාජ්‍ය පාලනය චිරස්ථායී කිරීම සඳහා මුළු රට ම එක් මධ්‍යස්ථානයකට ඈඳන මාර්ග ජාලයක් අවශ්‍ය වූ අතර ඉංග්‍රීසීහු ඒ වෙනුවෙන් මහාමාර්ග හා දුම්රිය මාර්ග ජාලයක් ඇති කළ හ. එසේ ම, රටේ පරිපාල...

ගාලු කොටුවේ ආදරය තහනම් | Love banned in Galle Fort

Image
( 2010 ඔක්තෝබර් 10,  W3Lanka )   පහත පළ වන්නේ ඊයේ Sunday Times වෙබ් අඩවියේ Out of bounds for love birds මැයෙන් පළ වූ පුවතකි. The Police this morning rounded up 30 couples inside the Galle Fort and hand over them to nearest Army Camp . Later they were warned and released. In future, the Galle Fort is out of bound for couples . This raid was conducted on request of the Galle Heritage Foundation. යටින් ඉරි ඇඳ ඇති පදයේ ව්‍යාකරණ දෝෂය නො තකා හැර රතු පැහැයෙන් දක්වා ඇති කොටස් සැලකිල්ලට ගන්න. මෙහි couples යයි කියන්නට ඇත්තේ අවිවාහක ආදරවන්තයන්ට වන්නට ඇත. ආදරවන්තයන් පෙම් කරන්නට ගාලු කොටුවට යාම විජයානන්ද දහනායකටත් කලින් කාලේ පටන් තිබුණු දෙයකි. ඒ නිසා එය ද ගාලු කොටුවේ උරුමයක් හෙවත් heritage එකකි.  අනෙක ආදරය කිරීම එය හොඳ නැතැයි කියන උම්මත්තකයන් අතළොස්සකගේ හැර සියලු මිනිසුන්ගේ උරුමයකි. එසේ ම ලිංගික සංසර්ගය ඉතා හොඳ දෙයකි. ජීවිතයේ සතුට හා පැවැත්මේ පදනම ඇත්තේ එහි ය. කිසියම් කෙනෙක් ගාලු කොටු බැම්මේ ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදේ නම් එය පිළිගත් සදාරචාරයන්ට අනුව...

ජුලියට්ට දුන්න සමාව එක්ක බැලුවම එස්.බී.ට දුන්න එක මොකක්ද!

Image
(2010 පෙබරවාරි 04- W3Lanka )   හබරාදුව වප් මඟුල් උළෙලකදී කළ කතාවකින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වුයේ යැයි චෝදනා ලැබ වසර දෙකක සිර දඬුවමකට නියම සිට පසුව ජනාධිපති විශේෂ සමාවකින් නිදහස ලැබූ, මෑතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක් වූ එස්.බී. දිසානායකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පුර්ණ සමාව ලබා දී ඇත. මෙසේ පූර්ණ සමාව දී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති විධායක බලතල උපයෝගී කර ගනිමිනි. මේ බලතල උපයෝගී කරගෙන ගිය වසරේ දුන් සමාවක් දෙස බැලූ විට එස්.බී.ට දුන් සමාව සුළු දෙයකි. සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ රජයේ වතු කළමනාකාර හා සංවර්ධන ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා ස...

ශ්‍රී ලංකාවේ 62 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිතුමන් නිකුත් කළ පණිවුඩය

(2010 පෙබරවාරි 04- W3Lanka )   අද අප සමරන 62 වන නිදහස් සංවත්සරය සුවිශේෂී වන්නේ පසුගිය වසරේ දී ත්‍රස්තවාදය පරාජයට පත්කිරීමෙන් පසුවත් අප ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වූ විශ්වාසය යළි තහවුරු කිරීමෙන් පසුවත් පැවැත්වෙන ප්‍රථම නිදහස් දිනය බැවිනි. යටත්විජිතවාදී පාලනයෙන් හැට දෙවසරකට ඉහතදී ලත් ස්වාධීනත්වය අද වඩාත් අර්ථාන්විත වී ඇත්තේ අප ස්වාධීනත්ව කාල සීමාවෙන් අඩක් තුළ රටේ ස්වෛරීත්වය සහ භෞමික අබණ්ඩතාවයට දරුණු අභියෝගයක් වූ ත්‍රස්තවාදයෙන් දැන් නිදහස ලබා ඇති බැවිනි. නිදහස් සටනේ දී මහඟු කැපවීම් කළ දේශප්‍රේමීන්ට අපගේ ප්‍රණාමය පළ කරන පමණටම ත්‍රස්තවාදයට එරෙහි සටන ජයගැනීමට සහ ත්‍රස්තවාදය දේශපාලන අවියක් ලෙස යොදා ගැනීමට උත්සාහ කළ දේශීය සහ විදේශීය බලවේග පරාජය කිරීමට දැඩි පරිත්‍යාගයන් කළ අපගේ වීරෝධාර රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙන්ම විවිධ කැපවීම් කරමින් සටනට දිරිදුන් සියලුම ජනතාවට අපගේ ගෞරව ප්‍රණාමය පුදකළ යුතුය. ත්‍රස්තවාදය පරාජය කර නිදහස රැකගැනීම සඳහා වූ අපගේ ව්‍යායාමයේ නියම අරුත වටහාගෙන අපට සහය සහ සුහදතාව දැක්වූ සියලුම මිත්‍ර ජාතීන්ට අපි කෘතඥ වන්නෙමු. සාමයේ නව යුගයකට පිවිසෙන...