Posts

Showing posts with the label මහජන ආරක්ෂාව

දේශපාලකයන්ගේ අධි ආරක්ෂා ප්‍රදර්ශනය මානසික ප්‍රශ්නයක් ද? | Are politicians' high security shows a psychological problem?

Image
(2011 මාර්තු 17,   W3Lanka )   මාස කීපයකට ඉහත දිනෙක ලේඛකයා මෝටර් රියක් පදවාගෙන ගාලු නගරයේ ජනාකීර්ණ වීදියක ‍සාමාන්‍ය වේගයෙන් ගමන් කරමින් සිටියේ ය. හිටි හැටියේ සයිරන් හඬක් නංවාගෙන ලේඛකයා ගමන් කළ රථය පසු කළ නිල ඇඳුම් ඇඳ සිටි පොලිස් මෝටර් බයිසිකලයක පසුපස සිටි අවි ගත් පොලිස් කොස්තාපලයෙක් 'අඩෝ! අයින් කර ගනින්!' කීවේ ය. මෝටර් බයිසිකලය පසුපසින් සුඛෝපභෝගී කළු වීදුරු සහිත රියක් හා ඒ පසුපසින් ආරක්ෂකයන් පිරිවරා ගත් ජීප් රියක් ඊ වේගයෙන් ධාවනය වුණේ බියජනක අන්දමටයි. එතැන් සිට බොහෝ වේලාවක් ගත වනතුරු ලේකකයාගේ කුඩා දියණිය විසින් අසන ලද ප්‍රශ්නය නම් 'ඒ මාමා තාත්තාට බැන්නේ ඇයි?' යන්නයි. 'ඒ මාමලා හදිසි ගමනක් යනවා,' ලේඛකයා කීවේ ය. 'ඒ මාමලා යන්නෙ යුද්දෙට ද?' දියණිය ඇසුවා ය. ලේඛකයා වාසනාවන්ත ය. ඔහු පැදවූයේ ත්‍රිරෝද රියක් වැන්නක් නම් අඩෝ යන වචනය වෙනුවට සාමාන්‍යයෙන් ආදේශ වන්නේ හුයන්නෙන් පයන්නෙන් ආරම්භ වන වදන් ය. දැන් යුද්ධය අවසන් වී දෙවසරකට ආසන්න ය. සමහර දේශපාලකයන් හා රජයේ නිලධාරීන් තවම ගමන් බිමන් යන්නේ යුද්ධයට යන්නා සේ ය. ඔවුන් පමණක් නො ව ඔවුන්ගේ බිරියන්, ළමයින් ප...

ජනතාවනි, මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වෙනු!

Image
(2011 ජනවාරි 29,  W3Lanka )  මහජන ආරක්ෂාව සඳහා ය කියමින් ආයුධ සන්නද්ධව සිටින පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් වැනි අය ගැවසෙන තැන්වලදී මහජනතාව පරිස්සම් විය යුතු ය. හේතුව, මෙම පුද්ගලයන්ගේ ඉලක්ක බොහෝ විට කකුලට තිබ්බොත් ඔලුවට හා උඹේ ඔලුව‍ට තිබ්බොත් මගේ ඔලුවට වදින වර්ගයේ ඒවා වීමයි. අපරාධ 93ට වරෙන්තු 80ක් තිබූ පාතාල අපරාධකරුවකු වූ පී. සනත් චන්දන සිල්වා නොහොත් ‘චූටි පුතා’ නමැත්තා ජනවාරි 26දා උදේ ගල්කිස්ස අධිකරණයට ගෙන ආ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තල්ලු කර දමා පලා යද්දී බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි පහර සාමාන්‍ය පුද්ගලයකුට වැදී ඔහු බරපතල ලෙස තුවාල ලැබ අද අළුයම 1.00ට පමණ මිය ගියේ ය. මේ අහිංසකයාගේ මරණය පිළිබඳ අපේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමු. එසේ ම ඊනියා මහජන ආරක්ෂකයන්ගෙන් පරිස්සම් වන ලෙස අපි ජනතාවට අනතුරු අඟවමු.  මෙම සටහනත් කියවන්න:  විද්දෙ චූටි පුතාට; වැදුණෙ නඩුවකට ආපු පුතෙකුට .