ගැටුම්වේදය ආශ්‍රිත සංස්කෘතික හා දාර්ශනික අවලෝකන 'පුරවැසි මංපෙත්'

(2011 මාර්තු 22, W3Lankaආචාර්ය සුනිල් විජේසිරිවර්ධන දීර්ඝ කාලයක සිට සමාජ ව්‍යාපාර සමග සම්බන්ධව සිටිමින් යහපත් සමාජයක් ගොඩනැඟීමේ අරගලයෙහි සංස්කෘතික, සමාජ හා දේශපාලනමය පැතිකඩ අධ්‍යයනය කරමින් හා විශ්ලේෂණය කරමින් සිටින චින්තකයෙකි.

ගැටුම්වේදය ආශ්‍රිත සංස්කෘතික හා දාර්ශනික අවලෝකන මැයෙන් ඔහු විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්පාදනය කරමින් සිටි කෘතිය අද 'පුරවැසි මංපෙත්' නමින් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ.

ශ්‍රී ලාංකික සමාජයේ යහපත් වෙනසක් ගැන සැබෑ ලෙස උනන්දු වන සියලු දෙනාගේ අවධානයට යොමු කරනු ලබන මෙම කෘතිය විශේෂයෙන් ම ආගමික නායකයන්, කලාකරුවන්, මාධ්‍යකරුවන්, ගුරුවරුන් හා සමාජ -දේශපාලන ක්‍රියාධරයින් යන පස්වැදෑරුම් සමාජ සන්නිවේදකයන් ඉලක්ක කොට ගන්නා බව සුනිල් විජේසිරිවර්ධන පවසයි.

යහපත් සමාජයක් සඳහා අරගලය පෝෂණය කරන මෙම කෘතිය පිළිබඳ පුළුල්, ගැඹුරු සංවාදයකට මුල පිරීමක් අද (මාර්තු 22) දින ප.ව. 3ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

සුසිල් සිරිවර්ධන, නිර්මාල් රංජිත් දේවසිරි, ජානකී ජයවර්ධන, ටියුඩර් වීරසිංහ, පියල් කාරියවසම් හා චන්දන සිරිමල්වත්ත මෙහිදී අදහස් දක්වති.

නොවැම්බර් ව්‍යාපාරය හා විභවි ලලිත කලා ඇකඩමිය වැඩසටහන සංවිධානය කරයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. පෝස්ට් එකට ස්තූතියි. ඒත් පොත ගැන විස්තරය (මට නම්) හොඳටම ප්‍රමාණවත් මදි. ඒක මගෙ හැදැරීමේ අඩුවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් කමක් තියේ නම් තව වෙලා යන්න කලින් මේ පොතේ අන්තර්ගතය ගැන විස්තරයක් දුන්නොත් මට හිතෙනවා ඒක (ගොඩක්) ප්‍රයෝජනවත් වෙයි කියලා. "ගැටුම්වේදය ආශ්‍රිත සංස්කෘතික හා දාර්ශනික අවලෝකන මැයෙන් ඔහු විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ සම්පාදනය කරමින් සිටි කෘතිය අද 'පුරවැසි මංපෙත්' නමින් කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ." කියලා කිව්වට මේ පොතේ සාකච්ඡා කරලා තියෙන්නෙ මොනවගේ දේවල්ද කියලා තව ටිකක් පැහැදිලි කළොත් එය අද සවස සහභාගීත්වය වැඩි කිරීමට හේතු වෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා