Posts

Showing posts with the label මුත්තයියා මුරලිදරන්

පල්ලෙකැලේ ක්‍රීඩංගනයට මුරලිදරන්ගේ නම වෙනුවට සුදුසු නම් කීපයක්

Image
(2011 මාර්තු 19,   W3Lanka )   තාරකාවෝ බැබළෙන්නේ තමන්ගේ ම ආලෝකයෙනි. තමන්ට කියා එළියක් නැති ග්‍රහයෝ තාරකා‍වල එළිය තමන්ගේ සේ පරාවර්තනය කරති.  මුත්තයියා මුරලිදරන් තරුවකි. ඔහු ටෙස්ට් කඩුලු 800 ලබා ගත් අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික රූපවාහිනිය හරහා පැවසුවේ අලුතින් ඉදි වන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය මුරලිදරන්ගේ නමින් නම් කරන බවයි.  එහෙත්, පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගනය විවෘත විය. එය මුරලිදරන් නමින් නම් කරන බව මුලින් කීව ද එසේ සිදු වූයේ නැත.  මුරලිදරන් යනු ඉන්දීය සම්භවයකින් යුත් දෙමළ මිනිසෙකි. සිංහල අපි 1983දී මුරලිදරන්ගේ පවුලේ දේපල ගිනි තැබුවෙමු. මුරලිදරන්ට ලංකාවේ පුරවැසිකම පවා ලැබුණේ ඉපදී බොහෝ කලකට පසුවයි.  ලංකාව විසින් බිහි කරන ලද විශිෂ්ඨ ම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වුණාට ඔහු දෙමළෙකි. එහෙයින් ඔහු නමින් ක්‍රීඩාංගනයක් නම් කිරීම ලෙහෙසි නැත.  මේ ක්‍රීඩාංගනය නම් කිරීම සඳහා සුදුසු වෙනත් නම් කීපයක් අපි යෝජනා කරමු. මේ දවස්වල ඕනැ කෙහෙල්මලකට දමන නම (කවුරුත් දනිති) එස්.බී. දිසානායක ජාත්‍යන්තර ක්‍රීඩාංගනය (ක්‍රීඩා ඇමති කාලේ සුසන්තිකා ජයසිංහට රොඩු ...

මට මහළු වයසේ බැරිය දඟ පන්දු පෙර සේ

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ‍ ඉදිරි ලෝක කුසලාන තරගාවලියට පෙර දඟ පන්දු ප්‍රාතිහාර්යය මුත්තයියා මුරලිදරන් පිටියෙන් සමු ගන්නට අදහස් කරන බව වාර්තා වේ.  ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ දැවැන්ත ම පරාජය ලද දෙවන ටෙස්ට් තරගයේදී මුරලිදරන්ගේ පන්දු යැවීම දුර්වල මට්ටමක තිබිණි. තණ නිල්ල එතරම් වාසිදායක තත්වයක නො තිබුණත්, ඕනෑම තණ නිල්ලක දඟ කැවීමේ ශූරයක් ලෙස කීර්තිමත් මුරලිදරන්ට මෙම තරගය ද ඇතුළු මෑත තරගාවලිවලදී සිය සුපුරුදු දස්කම් පෑමට නො හැකි වීම පිටුපස ඔහුගේ වයස හා ශාරීරික ශක්ති මට්ටම ඇති බව විචාරකයෝ පවසති. මෙහිදී හිටපු ඉන්දීය දක්ෂ දඟ  පන්දු යවන්නකු වන ඒරාපල්ලි ප්‍රසන්න කරන ප්‍රකාශය ඉතා වැදගත් ය.  ඔහු පවසන්නේ මුරලිගේ පන්දු යැවීමේ දුර පිහිටුවීම හෙවත් ලෙන්ත් නිවැරදිව නො තිබුණු බවයි. එහෙයින් පිතිකරුවන් පසුපාදයේ පහර දෙමින් කට් පහරවල් හා ඩ්‍රයිව් පහරවල් එල්ල කළ බව ද දඟ පන්දු යවන්නකු හැම විට ම පිතිකරු ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීමට පොළඹවා ගත යුතු බව ද ඔහු හින්දු පුවත්පතට පවසා තිබිණි. සෑම ක්‍රීඩකයකුට ම වයසත් සමග මෙය සිදු වන බව ද සැම විට ම එක ම පාලනයකින් පන්දු යැවීමට නො හැකි වන බව ද ඔහු පවසයි....