කෝටි හතේ මංකොල්ලය හා ලුම්පන් ධනපති පංතිය | Rs. 70 million robbery and lumpen bourgeoisie of Sri Lanka
( 2010 ඔක්තෝබර් 08, W3Lanka ) පසුගිය සැප්තැම්බර් 24දා වත්තල, තෙළඟපාත ප්‍රදේශයේදී සිදු වූ කෝටි හතේ මංකොල්ලය පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසිය තවමත් අසමත් ය. මේ අතර අපූරු කට කතා පැතිරෙමින් තිබේ. මේ එක් කටකතාවක් වෙබ් අඩවියක පුවතක් ලෙස පළ කර තිබිණි. කටකතා පතුරුවන්නන් වන්නට අවශ්‍ය නැති නිසා අපි ඒ කතා කිසිවක් පළ නො කරන්නෙමු. කටකතාවල මෙම මංකොල්ලය පිළිබඳ කරන අනුමාන සම්බන්ධයෙන් අපට කීමට ඇත්තේ අප ඒවා විශ්වාස නො කරන බවයි. මක් නිසා ද යත්, කෝටි හත මේ අපට ඔහෙලාට හිතා ගන්න බැරි ගණනක් වුණාට උන්නැහේලාට නම් නතිං ය. මෙවැනි කටකතා පැතිර යන්නේ මන්දැයි විමසූ කල එක් දේශපාලනික මිත්‍රයෙකු පැවසුවේ බලයේ සිටින්නේ ලුම්පන් ධනපති පංතියක් නිසා ඔවුන්ගේ ක්‍රියාකලාපය මාෆියා ස්වරූපී හෙයින් මෙවැනි කතා පැතිර යන බවයි. අපේ මිතුරා විසින් භාවිතා කරන ලද ලුම්පන් ධනපති පංතිය යන්න වචන තුනෙන් ලංකාවේ වත්මන් සමාජ ක්‍රමය කදිමට විග්‍රහ කෙරේ. ලුම්පන් ධනපති පංතිය හෙවත් Lumpenbourgeoisie යන පදය මුලින් ම වැඩිපුර භාවිතා කර තිබෙන්නේ 70 දශකයේ මුල් භාගයේ අන්ද්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක්ගේ ලේඛන...