Posts

Showing posts with the label චෞර රැජින

චෞර රැජින, වික්ටර් අයිවන් සහ ඉලංගේස්වරන් චන්ද්‍රිකා ඝාතනයට වරද පිළි ගැනීම

Image
( 2010 ඔක්තෝබර් 22,  W3Lanka )   1999 දෙසැම්බර් 18 දින කොළඹ නගර ශාලාව අසල පැවති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළියේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීම පිණිස බෝම්බයක් පිපිරවීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ සාමාජිකයකු බව කියන පුද්ගලයෙක් වරද පිළි ගෙන තිබේ. ඉලංගේස්වරන් නම් මෙම පුද්ගලයා විසින් දෙන ලද කට උත්තරය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව අධිකරණය පිළි ගෙන තිබිණි. එහෙත් 2001 සිට මේ දක්වා පැවැත්වෙමින් තිබෙන මෙම නඩුවේදී විත්තිකරු තමන් නිවැරැදිකරු බව කියමින් සිටි අතර පසුව අධිකරණ‍යේදී ඔහු වරද පිළි ගෙන තිබේ.  වසර දහයකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටියත්, 26දෙනෙකු මරා දමන ලද, රටේ ජනාධිපති ඇතුළු සියයක පමණ පිරිසකට තුවාල සිදු කරන ලද සිද්ධියක විත්තිකරුවෙක් නිවැරැදිකරුවකු වුව ද යම් සහනයක් පතා වරද පිළි ගනීවි යයි සිතිය නො හැකි ය. මන්ද, ඔහුට සහනයක් දීමට අධිකරණයට බැරි බැවිනි.  මෙම සැකකරු මීට පෙර අධිකරණයේදී පැවසුවේ තමන් ත්‍රස්ත විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි ආර්ලිස්ට දුන් කට උත්තරය ලෙස ඉදිරිපත් කරන ලද්දේ සිංහල බසින් සකසන ලද, තමන්ට නො තේරුණ, තමන් විසින් බිය න...