Posts

Showing posts with the label පිල්ලෛයන්

විසි වසරකට පෙර කරුණා අම්මාන්ගේ කොටි සංවිධානය විසින් යටත් වූ පසු මරා දමන ලද පොලිස් නිලධාරීන්ගේ කතාව යළි අවධානයට

Image
( 2010 ඔක්තෝබර් 21,  W3Lanka )   1990 ජුනි මාසයේදී දෙවන ඊලාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී ඒ වන විට වර්ධරාජා පෙරුමාල් මහ ඇමතිගේ ප්‍රධානත්වයෙන් පැවති නැ‍ඟෙනහිර පළාත් සභාව යටතේ නැ‍ඟෙනහිර පළාතේ පොලිස් ස්ථානවල සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 600ක් යටත් වූ පසු  කොටි සංවිධානය විසින්   ජාත්‍යන්තර යුද නීතිවලට පටහැණිව මරා දමන ලද සිද්ධිය පිළිබඳ කොටි සංවිධානයේ නැගෙනහිර පළා‍තේ හිටපු නායකයා හා හිටපු නියෝජ්‍ය නායකයා වූ කරුණා අම්මාන් හෙවත් දැන් නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් සමාව ගත යුතු බව ඊයේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂම හමුවේ සාක්කි දෙමින් නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් පැවසී ය. මෙම සිද්ධියේදී එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වන්නට නියෝග දුන් බව වාර්තා වේ. කොටි සංවිධානයේ භාරයට පත් වූ පොලිස් නිලධාරීන් ගණන 1000ක් පමණ වන අතර එයින් 630ක් අතුරුදහන් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පෙළ ගස්වා වෙඩි තබන ලද බව වාර්තා වේ. මේ අතරින් බහුතරය සිංහලයෝ හා මුස්ලිම්වරු ය.  කරුණා අම්මාන් 2003දී කොටි සංවිධානයේන් බිඳී වෙන් වී...

පිල්ලෛයන් තම්බිට දෙයියන්ගෙ පිහිටයි! - God bless Pillaiyan Thambi

Image
(2010 මාර්තු 01- W3Lanka )   නැ‍ඟෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් හට සපයා තිබුණු හමුදා ආරක්ෂාව ඉවත් කර තිබේ. හේතුව කවුරුත් දනිති. පිල්ලෛයන් ආණ්ඩුවට ඕනෑ පරිදි ම වැඩ කරන්නේ නැත. පිල්ලෛයන් හා ඇමති කරුණා අම්මාන් අතර ඇති පෞරුෂ හා දේශපාලන ගැටුම ද එසේ වීමට බල පා තිබේ.  පිල්ලෛයන් වනාහි කොටි සංවිධානයෙන් බිඳී ඇවිත් තම පැරණි නායකයන්, සගයන් හා අනුගාමිකයන් පාවා දී විනාශ කිරීමට කටයුතු කළ සිංහලයන්ගේ වීරයෙකි. දැන් පිල්ලෛයන්ගේ පපුව කොටි සංවිධානයට විවෘතය. කොටින් නැවත ක්‍රියාත්මක බව පසුගියදා අගමැති රත්නසිරි වික්‍රමනායක පැවසීය.  මහජන මුදලින් දේශපාලකයන්ට දෙන ආරක්ෂාව මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අපූරු දේශපාලනික කෙවිටක් වී ඇති බව පසුගිය කාලයේ පුද්ගලයන්ට ආරක්ෂාව දුන් ආකාරය හා එය ඉවත් කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පෙනේ.  කාර්යක්ෂම පෙනුමකින් යුත් ආරක්ෂක භටයන් විසින් සපයනු ලබන දැඩි ආරක්ෂාව මධ්‍යයේ මහජනයා ඉදිරියට යාම ලංකාවේ දේශපාලකයන්ගේ සිහින අතරින් එකකි. ඒ ආතල් එක වින්ද අයට එය අහිමි වීම ප්‍රසිද්ධියේ හෙළුවෙන් ඇවිදීම වැන්නකි. රාජපක්ෂ පාලනය සිය අන්තේවාසිකයන්ගේ රාජපාක්ෂි...

නැගෙනහිර බැසිල්කරණය අතේ පත්තු වේ. පිල්ලෛයන් මහින්දට සපෝට් නැහැ!

Image
(2009 නොවැම්බර් 29 - W3Lanka ) රාජපක්ෂ පවුල විසින් බැසිල් රාජපක්ෂ හා ආණ්ඩුකාර හිටපු නාවික හමුදා නිලධාරි මොහාන් විජේවික්‍රම හරහා පවත්වාගෙන යන පළාත්සභාව අභිභවා රෙජිමේ ආධිපත්‍යය පැතිරවීමේ ක්‍රියාමාර්ගය අතේ පත්තු වී තිබේ.  නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කර තිබේ.  රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළා‍තේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව දැන් TMVP පවසයි. කොටි සංවිධානයෙන් බිඳී අතුරු හමුදාවක් ලෙස ක්‍රියාත්මක වී පසුව ගොඩනැඟුණු TMVP පක්ෂය ඇමති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යොදවා අභ්‍යන්තර අර්බුද ඇති කොට බිඳ දමන ලද අතර පිල්ලෛයන්ගේ පෞද්ගලික ලේකම් පවා කොළඹ ආසන්නයේදී ඝාතනය කරන ලදී. මේ අතර,...