මංජු වන්නිආරච්චිලාගේ රත්තරං රැක ගත හැක්කේ කෙසේ ද?
( 2010 ඔක්තෝබර් 26, W3Lanka ) පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලේ බොක්සිං රන් පදක්කම්ලාභී මංජු වන්නිආරච්චි නැන්ඩ්‍රලෝන් නම් තහනම් උත්තේජකය පාවිච්චි කර ඇතැයි නැඟුණ චෝදනාවෙන් පසු, යමකු මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගන්නේ නම්, එය තම ජනප්‍රියත්වයට ඉවහල් කර ගැනීම සඳහා ජනාධිපතිතුමා එම පුද්ගලයාට දුරකථන ඇමතුම් දීම වැනි කාර්යයන් කිරීම ක්‍රීඩකයාගේ මුත්‍රා සාම්පල වාර්තාව එන තෙක් ප්‍රමාද කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. වාසනාවට කලින් වතාවේ සුසන්තිකා සම්බන්ධයෙන් ලංකාව කටයුතු කළ අන්දමින්, මේ වනාහි අප වැනි පුංචි රටක ක්‍රීඩකයකුගේ නැඟීමට ඉරිසියා කරන මහ බලවතුන් විසින් කරනු ලබන කුමන්ත්‍රණයකැයි කියමින් රට තුළ බාල දේශප්‍රේමය අවුළුවා සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය ම අවුල් කරන ස්වභාවයක් නම් තවම දක්නට නැත. 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා සිහිනයක් ද නිර්මානය කෙරෙමින් තිබේ. ප්‍රධාන ක්‍රීඩා උලෙලක් කිසියම් නගරයක පැවැත්වීම ක්‍රීඩාවට එහි ගිය ආර්ථික, දේශපාලන තරගයක ප්‍රකාශනයකි. ක්‍රීඩා උළෙලක සත්කාරක රට එම උළෙලේදී යම් තරගකාරී මට්ටමක සිටීම අත්...