Posts

Showing posts with the label ක්‍රීඩා

රට හුලිජ්ජ වලට ඇද දමන මංජු වන්නිආරච්චිගේ හුලිජ්ජ ප්‍රශ්නය

Image
( 2010 නොවැම්බර් 14,  W3Lanka )   පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී බොක්සිං සඳහා රන් පදක්කමක් දිනූ මංජු වන්නිආරච්චි හුලිජ්ජ පරීක්ෂාව දෙවන වරට ද අසමත් ව තිබේ. තහනම් උත්තේජක ගත්තාදැයි හුලිජ්ජ පරීක්ෂාව කරන්නේ තරගයෙන් පසු ගත් හුලිජ්ජ සාම්පලය ක්‍රීඩකයා ඉදිරියේ ම දෙකට බෙදා පරීක්ෂණ නල දෙකකට බෙදා සීල් තබා ය. පළමු පරීක්ෂණයෙන් අසමත් වූවන්ට දෙවන පරීක්ෂාවක් හෙවත් බී පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැකි ය. එවිට පරීක්ෂා කරන්නේ අර දෙවන පරීක්ෂා නලයේ හුලිජ්ජ ය. ඒ හුලිජ්ජ තමන්ගේ ම හුලිජ්ජ බව සීල් තියන්නට පෙර ක්‍රීඩකයා තහවුරු කරයි.  මංජු වන්නිආරච්චි උක්කුං බබා දැන් කියන්නේ තමන් නො දන්නාකම‍ට කවුරුදෝ වෙදෙක් දුන් මොකක්දෝ ගොසරෑවක් ගහලා ඇරිය බවයි.  ඔහුගේ නිදොස් බව ඔප්පු කිරීමට ඉන්දියාවේ ගිය කාලිංග ඉන්ද්‍රතිස්ස නීතිඥ මහතා දැන් ලෑස්ති වන්නේ පරීක්ෂාව හරියට නො කළ බව කියා බොක්සිංකාරයා බේරා ගැනීමටයි. නීතියේ සිදුරු සොයා ගන්නට පුළුවන් වුණාට හුජ්ජවල නැන්ඩ්‍රලෝන් තිබුණු බව නම් බොරු කරන්නට බැරි ය.  කලින් වතාවක කළා සේ මේ රන් පදක්කම නැති වුණොත් ලංකාවේ මිනිස්සු සාමූහිකව මුහුදේ පැන මියෙනු ඇතැයි කියා ...

මංජු වන්නිආරච්චිලාගේ රත්තරං රැක ගත හැක්කේ කෙසේ ද?

Image
( 2010 ඔක්තෝබර් 26,  W3Lanka ) පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙලේ බොක්සිං රන් පදක්කම්ලාභී මංජු වන්නිආරච්චි නැන්ඩ්‍රලෝන් නම් තහනම් උත්තේජකය පාවිච්චි කර ඇතැයි නැඟුණ චෝදනාවෙන් පසු, යමකු මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගන්නේ නම්, එය තම ජනප්‍රියත්වයට ඉවහල් කර ගැනීම සඳහා  ජනාධිපතිතුමා   එම පුද්ගලයාට දුරකථන ඇමතුම් දීම වැනි කාර්යයන් කිරීම ක්‍රීඩකයාගේ මුත්‍රා සාම්පල වාර්තාව එන තෙක් ප්‍රමාද කරනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. වාසනාවට කලින් වතාවේ සුසන්තිකා සම්බන්ධයෙන් ලංකාව කටයුතු කළ අන්දමින්, මේ වනාහි අප වැනි පුංචි රටක ක්‍රීඩකයකුගේ නැඟීමට ඉරිසියා කරන මහ බලවතුන් විසින් කරනු ලබන කුමන්ත්‍රණයකැයි කියමින් රට තුළ බාල දේශප්‍රේමය අවුළුවා සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රය ම අවුල් කරන ස්වභාවයක් නම් තවම දක්නට නැත.  2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල හම්බන්තොට පැවැත්වීම සඳහා සිහිනයක් ද නිර්මානය කෙරෙමින් තිබේ.  ප්‍රධාන ක්‍රීඩා උලෙලක් කිසියම් නගරයක පැවැත්වීම ක්‍රීඩාවට එහි ගිය ආර්ථික, දේශපාලන තරගයක ප්‍රකාශනයකි.  ක්‍රීඩා උළෙලක සත්කාරක රට එම උළෙලේදී යම් තරගකාරී මට්ටමක සිටීම අත්...

යුවරාජ් සිං හූ කියන අය මකවයි

Image
(2010 අගෝස්තු 06,  W3Lanka )  ඉන්දීය - ශ්‍රී ලංකා තුන්වන හා අවසාන ටෙස්ට් තරගයේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිංට සමච්චල් කළේ යයි සැක පිට බොරැල්ල පොලිසිය විසින් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පසුගියදා මාධ්‍යවලට පැවසී ය. මේ යුවරාජ් බබා ඔහුගේ සිකියුරිටි මාමලාට අරුන් මට බැන්නා යයි  ඇඟිල්ල දිගු කර පෙන්වා පැවසීම මෙම අත්අඩංගුව‍ට ගැනීමයි.  නමින් පමණක් යුවරාජ්  වන මේ හාදයා මෙන් නොව ඇත්තට ම යුවරාජ නාමල් බේබි රගර් ගහද්දීවත් මෙහෙම සන්තෑසියක් වී මින් පෙර වී නැත.  ප්‍රේමදාස ජනාධිපති සමයේ හේමා නෙට්බෝල් ගසද්දී ඡායාරූප ගත් ඡායාරූප ශිල්පියකු අතුරුදහන් කරන ලද බව අප අසා ඇතිමුත් හේමාගේ නෙට්බෝල් 'අපි නො දන්න චෙස්' වැනි දෙයක් නිසා එම සිද්ධිය ක්‍රීඩා සමග සම්බන්ධ කර ගත නො හැක.  දැන් මේක හරි කෙළියක් වී ඇත.  මෙහෙම ගියොත්  කීපරයාට බෝක්කුවක් ගියත්  හූවක් කියන්නට ලැබෙන්න්නේ නැත. ‍ක්‍රීඩා තරගවලදී ලොව හැම තැන ම හැමදාමත් සිදු වූ මෙවැනි සමච්චල් ලංකාවේ කරන්නට නො ලැබෙනු ඇත. ඒ වෙනුවට තරුණ සේවා සභාවේ බබාලා සේ 'චහ් චහ...

වොලිබෝල් සිරා ක්‍රිකට් සිරා වුණා නම් | If volleyball Sira was cricket Sira

Image
මාධ්‍යවලට ඔහු  තරුණ කාලයේ හොඳ සේයාරුවක් නොතිබිණි. ‍ (2010 මැයි 17 -  W3Lanka )  වොලිබෝල් සිරා නමින් ලංකාවේ පුරාවෘත්තයක් වී සිටි ගම්පහ ඩබ්.එල්. සිරිවර්ධන 72 වියේදී වොලිබෝලයෙන් ද ගම්පහින් ද ලංකාවෙන් ද සමු ගත්තේ ය.  ඔහු වෙනුවෙන් ජනාධිපතිවරයා ශෝක ප්‍රකාශ නිකුත් කළේ නැත. ක්‍රීඩාවේ විශිෂ්ඨයන් කැඳවා දහසින් බැඳි පියලි පිරිනමන විට ඔහුගේ ක්‍රීඩා උපදේශකවරු සිරා කියා කෙනෙක් සිටින බව ඔහුට කීවේ ද නැත.  කලක් ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වී සිටිමුත් සිරා ‍දේශපාලනයෙන් ඩෑෂ් ගැසුවේ නැත. ඔහු  මිය ගියේ ද සාමාන්‍ය මිනිසකු ලෙසයි.  එහෙත් ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ අසාමාන්‍ය දක්ෂතා පෙන්නුම් කළ අයෙකු බව ඔහු පිළිබඳ දන්නෝ දනිති. සිරා පිළිබඳ ලියා ඇති හොඳ බ්ලොග් සටහනක් මෙම සබඳතා පුරුක ඔස්සේ ගොස් කියවිය හැකි ය.  වොලිබෝල් සිරා වොලිබෝල් සිරා නොවී ක්‍රිකට් සිරා වූවා නම් සිරා මිය යන්නේ සල්ලි උඩයි.  ‍වොලිබෝල් සැබැවින් ම ජාතික ක්‍රීඩාව වුණා නම් සිරාට සිදු වන විපර්යාසය කුමක් වුවත් ලංකාව නම් මීට වඩා නිරෝගී ජාතියක් වන්නට තිබිණි.  කුඩා ඉඩකඩක, අඩු පහසු...

'මචං' කතාවට මුල් වූ ඇත්ත ම සිද්ධිය බලන්න

Image
(2010 පෙබරවාරි 03- W3Lanka )   'මචං' චිත්‍රපටය ගොඩනැඟී ඇත්තේ වීසා ලබා ගැනීම සඳහා ජාතික අත් පන්දු කණ්ඩායමක් ව්‍යාජව නිර්මානය කිරීම, එවුන් ජර්මනියට ගොස් මුහුණ දුන් සිද්ධි හා හොරෙන් පළා යාමයි.  මෙය 2006 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමකි.  දැන් ලංකාව දකුණු ආසියාතික ක්‍රීඩාවලදී ඇත්තට ම අත් පන්දු ක්‍රීඩා කරයි.  මචං චිත්‍රපටයේ අත්පන්දු ක්‍රීඩාව හාස්‍යෝත්පාදනය සඳහා සත්‍යය ඇසුරෙන් කරන ලද ප්‍රබන්ධ කරන ලද්දකි.  එහෙත්, පහත සඳහන් සබඳතා පුරුක් ඔස්සේ ගොස් ඔබට එම සත්‍ය සිද්ධියට අදාළ තරග දර්ශන හා වෙනත් සිදුවීම් දැක ගත හැකි ය. ඒවා මචංටත් වඩා රසවත් යයි අපට සිතේ. ජීවිතය කොහොමත් සිනමාවට වඩා යථාර්ථවාදී ය.  1 කොටස 2 කොටස 3 කොටස