Posts

Showing posts with the label ජාතික ළමාරක්ෂක අධිකාරිය

ළමාරක්ෂක අධිකාරිය ළමයින්ගේ පැත්තේද? දූෂකයන් පැත්තේ ද?

Image
නව හැවිරිදි දරුවකු ලිංගිකව අපහරණය කිරීම නිසා 2013 ඔක්තෝබර් මාසයේදී ඇටඹගස්කඩ සෙත් සෙවණ ළමා නිවාසය භාර කල්යානතිස්ස හිමියන් අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලදී. මේ පිළිබඳව කරන ලද පරීක්ෂණයේදී, ඔක්තෝබර් 12 දින ලිංගික අපචාරයක් සිදු වී ඇති බව වෛද්‍ය සාක්ෂි මගින් තහවුරු විය. එම නිසා එහි ඉතිරි ළමයින් 22 දෙනා 2013 ඔක්තෝබර් 15 දින සිට ජාතික ළමාරක්ෂක අධිකාරියේ භාරයට පත් කරන ලදී. එම ළමයින් 22 දෙනා ද අපචාරවලට මුහුණ දී තිබෙන්නට ඉඩ ඇති බැවින් ඔවුන් ද වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කරන ලෙස වවුනියා මහේස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. එහෙත්, වාර්තා වී තිබෙන පරිදි, ‍එම ළමයින් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර නැත. ජාතික ළමාරක්ෂක අධිකාරිය මෙම හිමියන් නිදහස් කරනවාට විරුද්ධ නැති බව ප‍්‍රකාශ කිරීම නිසා හා පොලිසිය පරීක්ෂණ අවසන් බව පැවසීම නිසා නීතිපතිවරයාගේ උපදෙස් මත මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් 2013 දෙසැම්බර් 31 දින කල්‍යාන හිමියන් කොන්දේසි විරහිතව ඇප මත නිදහස් කරන ලදී. නඩුව පෙබරවාරි 11 දින විභාගයට ගැනීමට නියමිතය. දැන් මෙම සිද්ධිය හේතුවෙන් මතු වන ප්‍රශ්න ගණනාවක් ම තිබේ.  මහේස්ත්‍රාත් අධිකරණයේ නිය...

ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ළමයින් බේරා ගැනීම

Image
ලංකාවේ ළමයින්ට සමාජයෙන් රැකවරණයක් නැති බව ඕනෑ ම දෙමව්පියකු පිළි ගන්නවා ඇත. ළමයින්ට අඩු ම රැකවරණයක් ලැබෙන තැනක් වන්නේ පාසලයි. පාසලේදී ඔවුහු නිරන්තර හිංසනයට ලක් වෙති.  දිළිඳු හා අඩු උගත්කම් ඇති සමාජ තීරයන්හි උපදින ළමෝ නිරන්තරව ශාරීරික, මානසික හා ලිංගික පීඩාවන්ට ලක් වෙති. අනාථ ළමයි අනාථ නිවෙස්වල අසරණ වෙති.  රජයෙන් ළමයින් රැකවරණ සපයන්නට තිබෙන පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පිටින් අමතර ආයනයක් ලෙස පිහිටුවන ලද ජාතික ළමාරක්ෂක අධිකාරියේ භූමිකාව මේ වන විට දැඩි මතභේදයට ලක් වී තිබේ.  ජාතික ළමාරක්ෂක අධිකාරිය කටයුතු කරන ආකාරය රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියා කලාපයට සමාන ය. එය වැඩ කරනවාට වඩා කරන වැඩ පිළිබඳ මාධ්‍ය මගින් වාර්තා කිරීම කෙරෙහි උනන්දුවක් දක්වයි. එසේ වන්නේ ඇයි? එක පැත්තකින් ජාතික ළමාරක්ෂක අධිකාරියට ඔවුන් පෙන්වන්නට උත්සාහ කරන තරම් බලයක් හෝ ළමා හිමිකම් ආරක්ෂා කර දීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් නැත. විශේෂ දුරකථන අංක ආදිය සකසාගෙන ළමා අපචාර පිළිබඳ පැමිණිලි භාර ගත්තාට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ශක්තිය එයට නැත. අදාළ ආයතන ක්‍රියාකාරී කරවා ගැනීමට අවශ්‍ය මෙහෙයවීම කිරීමට ද...

ළමයි 21කට කන්න දෙන්න සිඟමන් යදින ජාතික ළමාරක්ෂක අධිකාරිය

Image
(2011 ජනවාරි 31,  W3Lanka )   නමින් ජාතික වන ළමාරක්ෂක අධිකාරිය නාහෙන් අඬ අඬා නිකුත් කළ නිවේදනයක් ඊයේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනු අසන්නට ලැබිණි. ඒ නිවේදනයෙන් කියැවුණේ වැලිමඩ පාලම අසල අනාරක්ෂිත තත්වයක සිටියදී ළමාරක්ෂක අධිකාරිය භාරයට ගෙන ළමා නිවාසයකට ඇතුළත් කර තිබෙන ළමයින් 21දෙනෙකුට කන්න, අඳින්න දෙන්න සල්ලි නැති ය කියා ය. මේ ළමයින්ට කන්න, අඳින්න දෙන්න උදව් කරන්නැයි ඉල්ලමින් ළමාරක්ෂක අධිකාර්ය ප්‍රසිද්ධියේ සිඟමන් යදියි. ජාතික ළමාරක්ෂක අධිකාරිය  මේ කරන්නේ ජාතියේ ආඩම්බරකාර තාත්තාට අවමානයකි. කළ යුතුව තිබෙන හොඳ ම දෙය වන්නේ ළමයින් 21කට කන්න දෙන්න බැරි ජාතික අධිකාරිය වසා දමා යතුරු භාර දීම නො වේ ද? ජනමාධ්‍ය වෙත යන්නට හැකි සෑම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්නට දඟලන්නේ නැතිව මෙවැනි සම්මාදම් 'ජාතියට' අවමානයක් නො වන පරිදි කර ගැනීමට සමත් නිලධාරීන් අදාළ ආයතනවලට පත් කර ගැනීම රජයට හොඳ විය හැකි ය.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය දුමින්ද සිල්වාට දෙන්න | Appoint Duminda Silva the Minister of Child Development and Women's Affairs

Image
( 2010 ඔක්තෝබර් 12,  W3Lanka )  ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් ය. නිදහස් කියන්නේ බාල වයස්කාර දැරියක කෙළෙසීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් ය. නිදහස් වන්නේ අදාළ බාල වයස්කාරිය සාක්කි දීම සඳහා නො පැමිණීම නිසා ය. නඩුව හේතුවෙන් ඇය මානසික පීඩනයකට ලක් වන බව ඇගේ නීතිඥයන් පැවසූ බව වාර්තා වේ.  මේ හා අදාළ සිද්ධිය වන කාලයේ දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයෙකි. ඔහු 2002 සිට අපචාරයට ලක් වූ දැරියගේ අක්කා සමග ඇසුරක් පවත්වමින් ඇගේ නිවසට ආවේ ය; ගියේ ය. 2004දී පමණ දුමින්ද සිල්වා කීප වරක් ම එවකට 13 හැවිරිදි වියේ සිටි (උපන් දිනය 1988 ජුලි 28) මෙම දැරිය කෙළෙසා ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය වාර්තා කර තිබේ.  එසේ ම දුමින්ද සිල්වා මෙම දැරියගේ අක්කා පැහැරගෙන යාමට දැරූ ප්‍රයත්නයක් පිළිබඳව පැමිණිල්ලක් ද මීට පෙර අතුරුගිරිය පොලිසියට ලැබී තිබිණි.  දැරියගේ පියා පැහැරගෙන යාමේ තැතක් පිළිබඳව බම්බලපිටියපොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.  දූෂණය සිදු වී වසර හයක් ගෙවී තිබියදීත් යුක්තිය ඉටු නො වීමෙන් අපරාධයට ලක් වූ ...