දුමින්ද සිල්වාගේ පණිවුඩය: වැඩ කරන ජනයා ආණ්ඩුවට එරෙහිව වීදි බසිනවිට මම වීදියේ සිටින ජනයා ආණ්ඩුවට පක්ෂව පෙළගසමි
දුමින්දගේ මොළේ භාරත ඝාතන නාටකය අවසන් වී ප්‍රධාන දුෂ්ට නළුවා රංග වස්ත්‍ර උනා, අංගරචනා සෝදා දමා, වේදිකාවෙන් බැස අඩියක් ගසන්නට අරලියගහ ප ොට්එකට යන සඳ ඔහුට ඇලුම් කරන ප්‍රේක්ෂකයෝ ඔහු වට කරගෙන ප්‍රීති ඝෝෂා පැවැත්වූහ. කිරිබත් පිසූ, රතිඤ්ඤා පත්තු කළ, ඔහු වැළඳ ගන්නට පොර කෑ පිරිසෙන් බහුතරය කොළඹ ලුම්පන් පීඩිත පංතියට අයත් අය වූහ. ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරන තාක් කුඩු වෙළඳාම ආරක්ෂා කර දෙන, මිනීමරුවන්ට, මැරවරයන්ට කප්පම්කරුවන්ට, පාදඩයන්ට රැකවරණය දෙන ගැලවුම්කරුවා නිදහස ලබා තමන් අතරට පැමිණීම ඔවුන්ගේ සතුටට හේතු වූ බව පෙනේ. භාරත ඝාතන නඩුවෙන් ඇප ලැබෙනතුරු රෝහල්ගතව සිටිය යුතු දැඩි අසනීප තත්වයක සිටි බව පෙන්වමින් බොරු රංගනයක යෙදුණු දුමින්ද සිල්වා නිදහසෙන් පසු මාධ්‍ය සංදර්ශනයේ නිරූපණය කළේ හාත්පසින්ම වෙනස් චරිතයකි. එම අලුත් රංගනයෙන් ඔහු රටට දෙන පණිවුඩය කුමක්ද? "මිය ගිය භාරතගේ වටිනාකම් දැන් ඉවරය. මගේ මිළ තවමත් ඉහළය. කොළඹ ලුම්පන් පීඩිතයන්ගේ නායකයා ලෙස ඒකාධිපති පවුලට අත්‍යවශ්‍ය භූමිකාවක් රඟන්නට මම තවමත් සූදානම්ය. එළඹෙන දුෂ්කර අවධියේදී අරගල කරන වැඩකරන ජනයාට එරෙහිව ...