ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද? | Let us re-consider ordaining children
( 2010 දෙසැම්බර් 22, W3Lanka ) පහත සඳහන් වන පුවත ප්රචාරය වුණේ නෙත් ගුවන් විදුලියේ ය. "ළමයින් 13දෙනෙකු අපයෝජනය කළ බවට සැකපිට භික්ෂු වෙස් ගත්තෙකු අනුරාධපුර ජනකපුර ප්රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. අපයෝජනයට ලක්වූ බව කියන සියලූ දෙනා පිරිමි ළමයින්. මළ පහ කිරීමේ අපහසුතාවක් නිසා රෝහල් ගත කෙරුණු වයස අවුරුදු 14ක පිරිමි ළමයකුගෙන් කරුණු අනාවරණ වුණා. අපයෝජනයට ලක්වූ බව කියන අනෙක් පිරිමි ළමුන් සියලූ දෙනා වයස අවුරුදු 14ට අඩු අයයි. අත්අඩංගුවට ගැනුණු භික්ෂු වෙස් ගත් පුද්ගලයා වයස අවුරුදු 35ක පමණ තැනැත්තෙකු වනවා. ගම්පහ ප්රදේශයේ විහාරස්ථානයක සිට මොහු ජනකපුරයට පැමිණ ඇත්තේ මීට නොබෝ කලකට පෙරයි. පිරිමි ළමයින් අපයෝජනයට පොළඹවාගෙන ඇත්තේ අසභ්ය වීඩියෝ දර්ශන පෙන්වා බව අනාවරණ වී තිබෙනවා. එලෙස අපයෝජනයට ලක්වූ බව කියන පිරිමි ළමයින් හඳුනාගෙන ඔවුන් වෛද්ය පරීක්ෂණවලට භාජනය කිරීමටයි පොලීසිය අදහස් කරන්නේ." භික්ෂූන් යම් යම් වැරදි කර හෙළිදරව් වූ කල ලංකාවේ ජනමාධ්ය ඔවුන් හඳුන්වන්නේ ඉහත රතු අකුරින් දක්වා ඇති පදවලින්. එහෙත්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්...